IMG-LOGO

2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා


වාහන ආනයනයේදී රජයට කෝටි 300 ක පාඩුවක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ස්මාර්ට් කැබ් රථ 3000ක් ආනයනයේදී රජයට රුපියල් කෝටි තුන්සියයකට වැඩි පාඩුවක් සිදුවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා කමිටුව) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන්වේ.

මේ පාඩුව සිදුවී ඇත්තේ එම වාහනවලින් අය කරගත යුතු බදු මුදල් ප්‍රමාණයට වඩා අඩුවෙන් බදු මුදල් ශ්‍රී ලංකා රේගුව විසින් අයකර ගනු ලැබීම නිසා යැයිද එම වාර්තාවේ දැක්වේ.

මෙයට අමතරව වෑන් රථ හතළිස් හතරක් 2010-2019 අතර කාලයේදී අඩු බදු ප්‍රමාණයක් ගෙවිය යුතු විශේෂිත කාර්යය වෑන් රථ ලෙස ආනයනය කර පසුව ඒවා මගී හා භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ ද්විත්ව කාර්යය වාහන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේනතුවේ ලියාපදිංචි කිරීම නිසාද අවම වශයෙන් රුපියල් කෝටි එකසිය තිහකට ආසන්න බදු ප්‍රමාණයක් රජයට අහිමි වී ඇතැයි කෝපා කමිටු වාර්තාව සඳහන් කරයි.

ඩබල් කැබ් මාදිලි‍යේ වාහන ස්වරූපයට සමාන අයුරින් නිෂ්පාදනය කර ඇති ස්මාර්ට් කැබ් මාදිලියේ වාහන ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා රේගුව අය කරගෙන ඇත්තේ සිංගල් කැබ් මාදිලියේ වාහන ආනයනය කිරීමේදී අය කරන අඩු රේගු බදු ප්‍රමාණ බවත් මේ අනුව මෙම එක් වාහනයකින් රේගුව අය කරගෙන ඇති බදු මුදල රුපියල් ලක්ෂ 10ක් පමණක් බවත් කෝපා කමිටුව පවසයි.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසින් එම කමිටුවේ පළමු වාර්තාව පාර්ලිමේන්තුවට ඊයේ (20) ඉදිරිපත් කරනු ලැබූ අතර මේ තොරතුරු සඳහන් වන්නේ එම වාර්තාවේය.

මේ අතර සමහර වාහන ආනයනය කිරීමේදී හා එම වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමේදී විශාල වශයෙන් බදු අක්‍රමිකතා සිදුවීමෙන් රටට විශාල බදු ආදායමක් වාර්ෂිකව අහිමි වන බවද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පෙන්වා දෙයි .

අඩු බදු ප්‍රමාණයක් ගෙවා ආනයනය කරනු ලබන වාහන රැසක් පසුගිය කාලයේදී ද්විත්ව කාර්යය වාහන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇතැයිද එම වාර්තාවේ සඳහන් වෙයි.

මේ අතර මහජන ඇමතුම් උපකරණ සවිකළ විශේෂ කාර්යය වාහන කාණ්ඩය යටතේ රුපියල් මිලියන 1.5ක රේගු බද්දක් ගෙවා ආනයනය කරන ලද ටොයෝටා ලෑන්ඩ් කෲසර් මාදිලියේ වාහනයක් රේගුව නිසි පරිදි මගී ප්‍රවාහන කාණ්ඩය යටතේ නිෂ්කාශනය නොකිරීම නිසා රජයට රුපියල් කෝටි 6කට ආසන්න බදු මුදලක් අහිමිව ගොස් ඇතැයිද කෝපා කමිටුව සඳහන් කරයි.

ශ්‍රී ලංකා රේගුවේ විශේෂ භාන්ඩ සංයෝජිත වර්ගීකරණ අංක 8705 යටතේ (Harmonized System Code – HS Code) නිෂ්කාශනය කරනු ලබන වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේනතුවේ ලියාපදිංචි කිරීමේදී විශේෂිත අංකයක් යටතේ (PZA) ලියාපදිංචි කළ යුතු බවට එම කමිටුව නිර්දේශ කර ඇත.

 



අදහස් (4)

වාහන ආනයනයේදී රජයට කෝටි 300 ක පාඩුවක්

ලෝකෙටම එකයි. Wednesday, 21 July 2021 11:55 PM

වාහන ආනයන ආදායමෙන් බදු අරගෙන ජීවත් වෙන එකම රට වෙන්න ඕනේ. රටේ ආර්ථික ප්‍රධාන ආදායම් මාර්ග වාහන ආනයන බදු, අරක්කු බෝතලෙන් ලැබෙන බදු, සිගරට් එකෙන් ලැබෙන බදු වෙන ආකාරයකට රටේ ආර්ථික සංකල්පය හදපු පයිතෝ ටික නම් උපන්ගෙයි හරක්.

:       0       0

Demuni Uduwara i Thursday, 22 July 2021 02:35 AM

චෝදනා එල්ල කරන්නේ කවුද?

:       0       0

මුණසිංහ Thursday, 22 July 2021 08:02 AM

නිල වශයෙන් කරන බදු වංචා......

:       0       0

fairoos Sunday, 25 July 2021 12:44 PM

ආණ්ඩු මාරු වෙනකොට තමයි මේවා එළියට එන්නේ. ඒකෙ ඉන්න නිලධාරීන් මොනවද දන්නේ නෑ කළේ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

බසයක් පෙරළී තුනක් මරුට:46ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 2033 0

හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය


සී.අයි.ඩීය මැති සබා වෙබ් අඩවිය පීරයි
2024 දෙසැම්බර් මස 21 2375 8

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේ


සමෘද්ධි සහකාර මැරුවේ අසල්වැසියෙක්
2024 දෙසැම්බර් මස 20 5611 0

බිරිඳ සහ කුඩා දරුවා සමග මෝටර් රථයෙන් නිවස කරා යමින් සිටි සමෘද්ධි සහායකවරයකුට මීගොඩ නාගහ වත්ත ප්‍රදේශයේදී ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කර


ඥානසාර හිමිට වරෙන්තු
2024 දෙසැම්බර් මස 19 3353 2

ඉස්ලාම් ආගමට අපහාසයක් සිදු කොට ආගමික සංහිඳියාවට බාධා කළේ යැයි චෝදනාව ට අදාල නඩුවේ තීන්දුව ලබාදීමට නියමිත අද(19) දිනයේ අධිකරණයේ පෙනී නොසිටි බොදු බල සේනා


පෙබරවාරියේ සිට වාහන ආනයනයට අවසර
2024 දෙසැම්බර් මස 18 6760 9

පෞද්ගලික පරිහරණය සඳහා මෝටර් රථ ආනයනය ලබන පෙබරවාරි පළවෙනි දා සිට ක්‍රියාත්මක කරන්නට යෝජනා කර තිබෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප


මන්ත්‍රීවරු 36ක් ජනපති අරමුදලේ කෝටි ගණනක් පිට පාරෙන් අරගෙන
2024 දෙසැම්බර් මස 17 4453 21

මූලික අරමුණු වලින් බැහැරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 36 දෙනකුට ජනාධිපති අරමුදලෙන් 2005- 2024 කාල සීමාවේදී රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දී ඇතැයි ආණ්ඩ


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 26 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 25 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 132 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site