(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ස්මාර්ට් කැබ් රථ 3000ක් ආනයනයේදී රජයට රුපියල් කෝටි තුන්සියයකට වැඩි පාඩුවක් සිදුවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා කමිටුව) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන්වේ.
මේ පාඩුව සිදුවී ඇත්තේ එම වාහනවලින් අය කරගත යුතු බදු මුදල් ප්‍රමාණයට වඩා අඩුවෙන් බදු මුදල් ශ්‍රී ලංකා රේගුව විසින් අයකර ගනු ලැබීම නිසා යැයිද එම වාර්තාවේ දැක්වේ.
මෙයට අමතරව වෑන් රථ හතළිස් හතරක් 2010-2019 අතර කාලයේදී අඩු බදු ප්‍රමාණයක් ගෙවිය යුතු විශේෂිත කාර්යය වෑන් රථ ලෙස ආනයනය කර පසුව ඒවා මගී හා භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ ද්විත්ව කාර්යය වාහන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේනතුවේ ලියාපදිංචි කිරීම නිසාද අවම වශයෙන් රුපියල් කෝටි එකසිය තිහකට ආසන්න බදු ප්‍රමාණයක් රජයට අහිමි වී ඇතැයි කෝපා කමිටු වාර්තාව සඳහන් කරයි.
ඩබල් කැබ් මාදිලියේ වාහන ස්වරූපයට සමාන අයුරින් නිෂ්පාදනය කර ඇති ස්මාර්ට් කැබ් මාදිලියේ වාහන ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා රේගුව අය කරගෙන ඇත්තේ සිංගල් කැබ් මාදිලියේ වාහන ආනයනය කිරීමේදී අය කරන අඩු රේගු බදු ප්‍රමාණ බවත් මේ අනුව මෙම එක් වාහනයකින් රේගුව අය කරගෙන ඇති බදු මුදල රුපියල් ලක්ෂ 10ක් පමණක් බවත් කෝපා කමිටුව පවසයි.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසින් එම කමිටුවේ පළමු වාර්තාව පාර්ලිමේන්තුවට ඊයේ (20) ඉදිරිපත් කරනු ලැබූ අතර මේ තොරතුරු සඳහන් වන්නේ එම වාර්තාවේය.
මේ අතර සමහර වාහන ආනයනය කිරීමේදී හා එම වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමේදී විශාල වශයෙන් බදු අක්‍රමිකතා සිදුවීමෙන් රටට විශාල බදු ආදායමක් වාර්ෂිකව අහිමි වන බවද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පෙන්වා දෙයි .
අඩු බදු ප්‍රමාණයක් ගෙවා ආනයනය කරනු ලබන වාහන රැසක් පසුගිය කාලයේදී ද්විත්ව කාර්යය වාහන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇතැයිද එම වාර්තාවේ සඳහන් වෙයි.
මේ අතර මහජන ඇමතුම් උපකරණ සවිකළ විශේෂ කාර්යය වාහන කාණ්ඩය යටතේ රුපියල් මිලියන 1.5ක රේගු බද්දක් ගෙවා ආනයනය කරන ලද ටොයෝටා ලෑන්ඩ් කෲසර් මාදිලියේ වාහනයක් රේගුව නිසි පරිදි මගී ප්‍රවාහන කාණ්ඩය යටතේ නිෂ්කාශනය නොකිරීම නිසා රජයට රුපියල් කෝටි 6කට ආසන්න බදු මුදලක් අහිමිව ගොස් ඇතැයිද කෝපා කමිටුව සඳහන් කරයි.
ශ්‍රී ලංකා රේගුවේ විශේෂ භාන්ඩ සංයෝජිත වර්ගීකරණ අංක 8705 යටතේ (Harmonized System Code – HS Code) නිෂ්කාශනය කරනු ලබන වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේනතුවේ ලියාපදිංචි කිරීමේදී විශේෂිත අංකයක් යටතේ (PZA) ලියාපදිංචි කළ යුතු බවට එම කමිටුව නිර්දේශ කර ඇත.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
වාහන ආනයනයේදී රජයට කෝටි 300 ක පාඩුවක්
ලෝකෙටම එකයි. Wednesday, 21 July 2021 11:55 PM
වාහන ආනයන ආදායමෙන් බදු අරගෙන ජීවත් වෙන එකම රට වෙන්න ඕනේ. රටේ ආර්ථික ප්‍රධාන ආදායම් මාර්ග වාහන ආනයන බදු, අරක්කු බෝතලෙන් ලැබෙන බදු, සිගරට් එකෙන් ලැබෙන බදු වෙන ආකාරයකට රටේ ආර්ථික සංකල්පය හදපු පයිතෝ ටික නම් උපන්ගෙයි හරක්.
Demuni Uduwara i Thursday, 22 July 2021 02:35 AM
චෝදනා එල්ල කරන්නේ කවුද?
මුණසිංහ Thursday, 22 July 2021 08:02 AM
නිල වශයෙන් කරන බදු වංචා......
fairoos Sunday, 25 July 2021 12:44 PM
ආණ්ඩු මාරු වෙනකොට තමයි මේවා එළියට එන්නේ. ඒකෙ ඉන්න නිලධාරීන් මොනවද දන්නේ නෑ කළේ..?