IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


වාහන තදබදය අඩුකරන්න කොළඹට ගුවන් පාලම්

(නිමල කොඩිතුවක්කු)

කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල පවතින රථවවාහන තදබදයට පිලියම් ලෙස ගුවන් පාලම්, උමං පදික මාරු, ගුවන් පදික මාරු ඉදිකිරීමේ විශේෂ  වැඩපිළිවලක් මේ වසර තුළ ක‍්‍රියාත්මක කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පැවසීය.

මෙයට අමතරව  මාර්ග තදබදය පවතින ප‍්‍රදේශ මගහැර වෙනත් ප‍්‍රදේශයන් කරා ගමන් කිරිම පහසු කිරීමට විකල්ප මාර්ග හදුනාගෙන ඒවා සංවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩපිලිවලක් ක‍්‍රියාත්මක බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව කොහුවල, බාලදක්ෂ මාවත, උත්තරානන්ද මාවත සහ විනිසුරු අක්බාර් මාවත යන ප‍්‍රදේශවල ගුවන් පාලම් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවත් ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පැවසීය.

කොළඹ දිස්ත‍්‍රික්කයට අමතරව කුරුණෑගල දිස්ත‍්‍රික්කය තුළ මුත්තෙට්ටුගල, යාංගල්මෝදර, අලව්ව සහ මහව යන නගරවල ගුවන් පාලම් ඉදිකිරීමටත් මහනුවර දිස්ත‍්‍රික්කයේ ගැටඹේ ප‍්‍රදේශයේ ගුවන් පාලම් ඉදිකිරීමටත් මේ වන විට තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා ස`දහන් කළේය.

 

 



අදහස් (8)

වාහන තදබදය අඩුකරන්න කොළඹට ගුවන් පාලම්

විජිත් Sunday, 14 March 2021 11:35 AM

මෙයා හැරෙන කොට අපිට කියන්න පුළුවන් මොනවටද කියලා. මේ ඇත්තටම වාහන තදබදයට පිළිතුරුද? නැතිද?... කෙසේවෙතත් මේ "හදිස්සි" ව්‍යාපෘති පිටුපස "අදිසි" මුදල් ආකරයක් තියෙනවා. ගණ දෙවියන්ටත් නැති බුද්ධියක් මේ හොරරැලට තියෙන්නේ. හොරාකන්නම උපන් කාලකන්නි දේශපාලුවන්. සීනි කොතැනද? කුහුඹුවන් එතන වගේ කොමිස් කොතැනද? දේශපාලුවන් එතන...

:       0       0

janis Sunday, 14 March 2021 01:13 PM

හරි හරි ගහන්න පුළුවන් හැමතැනින්ම ගහගන්න. තව අවුරුදු දෙකකුත් නෑවගේ... ඉක්මන් කරන්න.

:       0       0

විපරමා Sunday, 14 March 2021 01:34 PM

කොයිතරම් හොඳ වැඩකටද අතගහලා තියෙන්නේ? තමුන්ටත් ලොකු කුට්ටියක් ලැබෙනවා නම් ඊටත් වැඩිය හොඳයි...

:       0       0

මාදං Sunday, 14 March 2021 04:57 PM

ගුවන් පාලම් නෙවෙයි... හොඳ ප්‍රවාහන සේවයක් හදන්න. කෝච්චි බස් වෙලාවට යන්න හදන්න. හොඳබස් හොඳ කෝච්චි රටට ගේන්න. එතකොට මිනිස්සු ඉබේම ඒවා වල යනවා. තමන්ගේ වාහන ගෙදර තියලා. සැහැල්ලු ගුවන් දුම්රිය නවත්තපු නූගත් හැත්තකට රටක් කරන්න පුළුවන්ද බොල? මහ එකා රටලු හිටියේ. රට පෙට්ට්‍රල් ශෙඩ් එකේ පෙට්ට්‍රල් ගහපු එකා අඩුම ගානේ ලංකාවේ රජයේ ඉන්ධන පිරවුම් හල් ටිකවත් හදලා ඉන්දියන් කාරයගේ IOC එකට මිනිස්සු යන එකවත් නවත්ත ගන්න බැරි එකා රට හදයි.

:       0       0

rocky Monday, 15 March 2021 12:39 AM

ගහන්න පුළුවනි.. රාජකීය ගැහිල්ලක් නේද?

:       0       0

chathura Monday, 15 March 2021 02:01 AM

ඉතාමත් හොඳ වැඩක්. මේ සඳහා විශාල වියදමක් නැතිව යකඩවලින් කරන්න පුළුවන්. මෙයා කොළඹට විතරක් සීමා නොවී කිරිබත්ගොඩ, කඩවත්, අඟුලාන, බීච් රෝඩ් අත්‍යාවශ්‍යම තැන් කීපයක්. විශේෂයෙන්ම පාසල් ඇති ස්ථානවල..

:       0       0

Sudu Monday, 15 March 2021 02:02 AM

ට්‍රැෆික් ලයිට් නැතුව ප්‍රධාන පාරේ පදිකමං තීරු ඉරි අදින්නේ නැහැ. අනිවාර්යෙන් අනතුරු වෙන බව ඕනිම කෙනෙක් දන්නවා.

:       0       0

දිමුත් Monday, 15 March 2021 05:23 AM

ඕවා නෙමෙයි කොළඹට අවශ්‍ය... සැහැල්ලු දුම්රිය ලබාදෙන්න. අපි තදබදේ අපා දුක් විඳිනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 433 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 144 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 154 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 614 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 207 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 645 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 745 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site