කොරෝනා මාරාන්තික වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වූ වූහාන් නගරයට විශේෂ ගුවන් යානයක් යැවීම සඳහා චීන රජයෙන් අවසර ඉල්ලා ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා පැවැසීය.
වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකිකයන් මුදා ගැනීම සඳහා එලෙස විශේෂ ගුවන් යානයක් යැවීමට චීන රජයෙන් අවසර ඉල්ලූ බවත් එම ක්‍රියාමාර්ග ඉක්මන් කිරීමට යුහුසුළුව කටයුතු කරන බව ද හෙතෙම කීය.
වූහාන් නගරයේ සහ හුබෙයි පළාතේ සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් මුදාගන්නා තෙක් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය තහවුරු කිරීමට හුබෙයි පළාත් විදේශ කටයුතු කාර්යාලය සහ වූහාන් නගරසභාව සමඟ සමීපව කටයුතු කරන බව ද ඔහු කීවේය.
වූහාන් නගරයේ මේ වනවිට ශ්‍රී ලාංකිකයන් 33 දෙනෙකු සිර වී සිටින බවත් ඔවුන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දී කටයුතු කරන බවත් ඒ සඳහා බීජිං අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟත් චීන බලධාරීන් සමඟත් නිරත්නරයෙන් අදහස් හුවමාරු කරගනිමින් කටයුතු කරන බව ද හෙතෙම කීය.
හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී චීනයේ ශ්‍රී ලාංකිකයන් 864 දෙනකු සිටි බවත් අද (30) වනවිට එම සංඛ්‍යාව 284 දක්වා අඩු වී ඇති බවත් විදේශ සබඳතා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්විණි.
ශ්‍රී ලාංකිකයන් 580 දෙනකු නැවත මෙරට පැමිණ ඇති බව ද එහි දැක්විණි. බීජිං අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ෂැංහයි සහ ගුවංෂු හි තිබෙන ශ්‍රී ලංකා කොන්සියුලර් ජෙනරාල් කාර්යාල සමඟ එක්ව ශ්‍රී ලාංකිකයන්ට මෙරටට පැමිණීමට සහාය සහ පහසුකම් දක්වමින් සිටින බව එම නිවේදනයේ සඳහන් විය.
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමේ බීජිං, ෂැංහයි සහ කැන්ටන් සාමාන්‍ය ගුවන් ගමන් සිදුවන බවත් ශ්‍රී ලාංකිකයන්ට මෙරටට පැමිණීම සඳහා 50% ක වට්ටම් ලබා දී ඇති බවත් එම අමාත්‍යාංශය සඳහන් කළේය.
ඊට අමතරව එයාර් චයිනා සහ චයිනා ඊස්ටන් එයාර්ලයින්ස් සමාගම් 40%ත් 50%ත් වට්ටම් ලබාදෙන බව ද එම අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේය.
055
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
වූහාන් වලට විශේෂ ගුවන් යානයක් යවන්න අවසර ඉල්ලයි
rasika Friday, 31 January 2020 05:05 AM
පවතින රජයෙන් කරන මේ ක්‍රියාව ඉතාමත් අගය කොට සලකනවා. විදේශික ලාංකිකයෙක් විදියට ප්‍රථම වතාවට ශ්‍රී ලංකික පුරවැසියෙක් කියල පොඩි ආඩම්බරයක් ඇතිවෙනවා. අපේ රට අපි ගැන හොයල බලනවා කියලා. මෙය තමයි වෙන්න ඕනේ. අපි අනෙක් බලවත් රටවල පුරවැසිකම ගන්නේ ඔවුන් ඕනෙම බැරෑරුම් අවස්ථාවක තමන්ගේ පුරවැසියන් වෙනුවෙන් පෙනීසිටින නිසා. මෙය අගය කරනවා.