IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


වෝහාරික විගණන වාර්තා සියල්ල පාර්ලිමේන්තුවට දී අවසන්

(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණනවලට අදාළ සියලූම වාර්තා පාර්ලිමේන්තුවට ලබා දී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (30) පැවැසීය.

මේ වසරේ පළමු මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීම සඳහා මහ බැංකු පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදී යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම ඒ බව සඳහන් කළේය.

නීතිපතිවරයාගේ උපදෙස් පරිදි වෝහාරික විගණන වාර්තාවේ ප්‍රසිද්ධ කළ හැකි කොටස් පාර්ලිමේන්තුවට බාරදුන් බව එහිදි පැවැසූ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කතානායක කාර්යාලය පසුව කරන ලද ඉල්ලීමක අනුව අනෙකුත් සියලූ වාර්තා ද පාර්ලිමේන්තුවට දුන් බව කීවේය.

එහිදි වෝහාරික විගණන වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් විමසූ ප්‍රශ්න සහ ඔහු ඒවාට දුන් පිළිතුරු පහත දැක්වේ.

ප්‍රශ්නය : - වෝහාරික විගණන වාර්තාවට අදාළ කොටස් අඩුවෙන් ලබා දුන් බව කියනවා. ඇමුණුම් ලබා දී නැති බව ද කියනවා. ඒවා පර්ලිමේන්තුවට දීමට මහ බැංකුව පියවර ගන්නවාද?

පිළිතුර :- ඒවා සියල්ල පාර්ලිමේන්තු-වට බාර දී අවසන්.

ප්‍රශ්නය :- එහෙත් ඇතැම් කොටස් සහ ඇමුණුම් එහි නැතැයි පාර්ලිමේන්තුව සඳහන් කරනවා ?

පිළිතුර :- ඒ ගැන අහන්න ඕනෑ පාර්ලිමේන්තුවෙන්. අපේ පැත්තෙන් සියල්ල ලබා දී අවසන්. මහ බැංකුව මුලින්ම ප්‍රධාන වාර්තා ලබාදුන්නා. මේ වාර්තාවල රහස්‍යභාවය ආරක්ෂා කරන්නැයි නීතිපතිවරයා අපට උපදෙස් දී තිබුණා. ඒ නිසා අපි මුලින්ම ප්‍රධාන වාර්තා ලබාදුන්නා. ඉන් අනතුරුව කතානායක කාර්යාලය අපෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් අනුව අපි ඉතිරි කොටස් සියල්ල ද පාර්ලිමේන්තුවට බාරදුන්නා.

2015 පෙබරවාරි 01 සිට 2016 මාර්තු 31 දක්වා වූ කාල සීමාව තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවන් පිළිබඳ පරීක්ෂා කිරීම, විමර්ශනය කිරීම හා වාර්තා කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ මත ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් වෝහාරික විගණන ආරම්භ කළේය.

ඒ අනුව වෝහාරික විගණන හයක් සිදු කරන ලද අතර ඉන් පහක කටයුතු පසුගිය නොවැම්බර් මාසය වනවිට අවසන් කරන ලදි. 1998 වසරේ සිට 2015 වසර දක්වා විටින් විට සිදුකළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් සම්බන්ධයෙන් එම වෝහාරික විගණන සිදු කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

අවසන් කරන ලද වෝහාරික විගණනවල වාර්තා රහස්‍යභාවය ආරක්ෂා කර ගනිමින් නීතිමය බලයක් තිබෙන අධිකාරීන් වෙත පමණක් ඒවායේ වාර්තා නිකුත් කරන්නැයි නීතිපතිවරයා උපදෙස් දුන් බව ද එම බැංකුව පසුගිය නොවැම්බර් මාසයේදී නිවේදනය කළේය.

ඒ අනුව ඉදිරි නීතිමය කටයුතුවලට බාධා නොවන පරිදි එම විගණන වාර්තාවල යම් යම් කොටස් මහජනතාවගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධ කරන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

2002 ජනවාරි 01 දින සිට 2015 පෙබරවාරි 28 දින දක්වා කාලය ඇතුළත රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම, 2002 ජනවාරි 01 දින සිට 2015 පෙබරවාරි 28 දින දක්වා කාලය ඇතුළත නිකුත් කරන ලද/ගනුදෙනු කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධ කරගෙන සේවක අර්ථසාධක අරමුදල මගින් සිදු කරන ලද ප්‍රාථමික හා ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු, 1998 ජනවාරි 01 දින සිට 2017 දෙසැම්බර් 31 දින දක්වා කාලය ඇතුළත සේවක අර්ථසාධක අරමුදල මගින් ලැයිස්තුගත කළ හා ලැයිස්තුගත නොකළ කොටස්වල කරන ලද ගනුදෙනා, 2015 පෙබරවාරි 01 දින සිට 2016 මාර්තු 31 දින දක්වා කාලය ඇතුළත රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම හා ලැබුණු මුදල් මහා භාණ්ඩාගාරයට සම්ප්‍රේෂණය කිරීම සහ තෝරාගත් ප්‍රාථමික වෙළෙඳුන් සම්බන්ධයෙන් 2009 ජනවාරි 01 දින සිට 2017 දෙසැම්බර් 31 දින දක්වා කාලය ඇතුළත රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරී/බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් කරන ලද අධීක්ෂණ හා නියාමන කාර්යාභාරය යනාදිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදාළ වෝහාරික විගණන පහ සිදුකරනු ලැබිණි.  

(ඡායාරූප - රුවන් වල්පොල)

 

 



අදහස් (15)

වෝහාරික විගණන වාර්තා සියල්ල පාර්ලිමේන්තුවට දී අවසන්

Chathuri Thursday, 30 January 2020 01:58 PM

මහා විකාරයක් වෙලා දැන් දඬුවම් දෙන්නේ නැති, රට කරන. හොරුන්ගේ ප්‍රශ්න වලට වැය කරන කාලය , පක්ෂදෙකේ නායකයින් ටික දන්නවා මේ මුදල් හොරාකෑවේ ඔවුන් බව... තමන් ගේ හොරකම වහගන්න තව කෙනෙක්ගේ හොර හොයනවා. මොවුන්ට වතුර බෝතලයක් දෙන එකත් අපරාධයක්... මහින්ද - ගෝඨා දන්නේ නැත්ද බැඳුම්කර හොරු ගැන. ඒ වගේම රනිල් මෛත්‍රී නොදැන හිටියද? අනිත් දෙන්නගේ හොර වැඩ දැන් රාජපක්ෂ පවුලේ කිසිම කෙනකුගේ නඩු ඇහුවද? කොයිතරම් මුදල් ප්‍රමාණයක් හොරා කෑවද? මේ නඩු අහන්න සතයක්වත් හොරකම් නොකරපු අනුර කුමාර වැනි කෙනෙක් ජනාධිපති වෙන්න ඕනෑ. දැන් ඉන්න ජනාධිපති කොහොමද හොරු අල්ලන්නේ..? තමා සහ පවුලේ කට්ටියගේ හොරවැඩ තියෙනකොට, නීතිය සැමටම එකනම් රාජපක්ෂවරු ඇයි හිරේ නොයන්නේ? මේ රට විනාශ කරපු හොරුන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොවුන්ට දේව දඬුවම් ලැබෙන්න ඕනෑ.

:       40       261

sumithFriday, 31 January 2020 04:04 AM

චතුරි, ඔයා හරිය හරි.

:       0       0

Devinda Uduwara Thursday, 30 January 2020 03:08 PM

මේවා වෝහාරික විගණන වාර්තා නිසා මෙතැන්සිට නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි.

:       0       54

Don Thursday, 30 January 2020 03:15 PM

විශාල මහජන මුදලක් වැයකරලා හදපු වාර්තාවේ කෑලි එක එකාට ඕනෑ හැටියට පරිහරණය කරන්න දෙන්නේ නැතිව ඉරිදා පුවත්පත්වලට දාන්න මහජනයාට කියවන්න. අරපති, නීතිපති කියකියා ජනතාව නොමඟ අරින්න එපා.

:       66       122

දිමුත්Friday, 31 January 2020 05:02 AM

ඇයි පාර්ලිමේන්තු වෙබ් අඩවියේ දාන්න පුලුවන්නේ?

:       0       0

isuru Thursday, 30 January 2020 03:16 PM

රට හදන්න හොරු අල්ලන්න කියලා ලක්ෂ 69 ඡන්දෙ දීපු ජනතාව බලන් ඉන්නේ කවද්ද? වෝහාරික ගිණුම් වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන්න යන වග...

:       0       121

kamal Thursday, 30 January 2020 03:18 PM

දෙයියනේ 69 ලක්ෂයක් බලන් ඉන්න.... මේවා කවදා උසාවියට යවයිද කියා...

:       1       121

ranaFriday, 31 January 2020 06:47 AM

"දෑස රිදෙනවා පාර බලා ඉඳලා" ඉතින් 69 මෝඩරැල බලාගෙන ඉඳපල්ලා...!

:       0       0

tharindi Thursday, 30 January 2020 05:56 PM

ඉසුරු කමල් , මේ කිසිවක් අධිකරණයට ඉදිරිපත් කරන්න නෑ. දෙගොල්ලෝම අපිව මාරුවෙන් මාරුවට රවට්ටනවා. දේශපාලනේ කියන්නේ අද ලාභ ලබන හොදම ව්‍යාපාරයි.

:       0       0

janith Thursday, 30 January 2020 05:59 PM

ඔක්කොම කම්බ හොරු. ඉතින් කොහොමද උසාවි යන්නේ ? මේක ඉන්දියන් සාගරේ මුතු ඇටේ. වටේ හොරු.

:       0       0

Kaputa Friday, 31 January 2020 03:10 AM

මහබැංකු වංචා සම්බන්ධයෙන් ලංකාවේ පවතින නීතිය කුමක්ද කියලා කාට හෝ පැහැදිලි කරන්න පුලුවන්ද? අපි හැමෝම කෑ ගහනවා දඩුවම් දෙන්න කියලා.. ඒත් ඒ සඳහා දඬුවම් දිය යුත්තේ පවතින නීතියක් යටතේ පමණයි.

:       0       0

sumith Friday, 31 January 2020 04:08 AM

නීතිය සැමටම එකනම් රාජපක්ෂවරු ඇයි හිරේ නොයන්නේ? කෝ අර උදයන්ග කුලතුංග ?ලංකාවට ගෙන්න ගන්න පුළුවන්නේ එයාලට. මොකද තාම සද්ද නැතුව ඉන්නේ ? ඒකට හරියන්න එයා ලංකා එකට සනුහරේ හතර වරිගේ මස්සිනාල නෑනලා රිංගුවේ.

:       0       0

upul Friday, 31 January 2020 04:26 AM

එළුවා පසුපසයන නරියා සමාන වන්නේ සියලු ඡන්ද දායකයින්ය...

:       0       0

Rohana Friday, 31 January 2020 06:35 AM

කොමිසමේ වැඩ වෝහාරික විගණන කටයුතු අවසන්. දැන් තියෙන්නේ රජය මගින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමයි. මේවා අපක්ෂපාතීව සිදුවේද කියා ජනතාව බලා සිටිනවා. නැත්නම් 69 සහ 55 වගේම 4.6 බලාපොරොත්තු සුන්වෙනවා.

:       0       0

Hina hina... Friday, 31 January 2020 07:25 AM

කම්බ හොරෙක් පල් හොරුන්ට දඬුවම් කරන්න පත් කරපු 69 ලක්ෂයෙන් වෝහාරික වාර්තාව යොදාගෙන සියලු බැංකු හොරුන්ට දඩුවම් කරන්න හදයි කියලත් හිතන අය අත් උස්සලා දකුණු පසට වෙන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

මහ පුවරුව

‘‘ජනපති කෙලින් වැඩ කරන නායකයෙක් ‘‘ සජබ මන්ත්‍රී කියයි
2025 මාර්තු මස 14 28 0

ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත


අඳුරු කාමරයක සිරගත කෙරුණු බටලන්ද අද හිරු එළිය දුටුවා
2025 මාර්තු මස 14 1685 6

ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස


බන්ධනාගාර හිටපු නිලධාරියකු වෙඩි තබා මරලා
2025 මාර්තු මස 13 4292 23

බන්ධනාගාර හිටපු අධිකාරිවරයකුට නාඳුනන තුවක්කුකරුවකු අද සවස එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි.


කෝපාවට ආ ’’ආර්.එම්.වී’’ ලොක්කන් ගෙදර යවයි
2025 මාර්තු මස 13 3945 5

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සූදානම්ව නොපැමිණීම හේතුවෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා කමිටුව) එම නිලධාරීන්ට දැඩි



වෛද්‍යවරිය අපයෝජනය කළ සැකකරු අධිකරණයට ගෙනූ
2025 මාර්තු මස 12 2699 6

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කළ සැකකරු වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධප


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 220 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 514 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 247 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site