IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


‘‘විහිළුකාරයන්ගෙන් තොර පාර්ලිමේන්තුවක් පත්කළ යුතුයි‘‘

(නාලක සංජීව දහනායක)

මන්ත්‍රී ධූරයට පත්වන ඇතැම් පුද්ගලයන් සමාජය ඉදිරියේ එය විහිළුවට පත්කර තිබෙන ඇයුරු මේ දිනවල අන්තර්ජාලයේ සංසරණය වන දුරකතන හඬපට වලින් පෙන්නුම් කෙරෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චරිත හේරත් මහතා අද (14) පැවැසීය.

එවැනි විහිළුකාරී පුද්ගලයන්ගෙන් තොර උගත්, බුද්ධිමත් වියතුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් බවට ඊළඟ පාර්ලිමේන්තුව පත්කළ යුතුයැයි ඔහු කීය.

ඔහු මෙසේද පැවැසීය.

      ‘‘මන්ත්‍රී ධූරයක් සඳහා පත්විය යුත්තේ දැනුමක් සහිත පුද්ගලයන් බව අපි සාම්ප්‍රධායිකව විශ්වාස කළා. මන්ත්‍රී ධූරය හිමි ඇතැම් පුද්ගලයන් එය විහිළුවට ලක්කර තිබෙන බව ලක්කර තිබෙන බව මේ දිනවල හුවමාරුවන දුරකතන සංවාද ඇතුළත් හඬපට මගින් අපට තහවුරු වෙනවා.

ඉකුත් ආණ්ඩුව යහපාලන බෝඩ් ලෑල්ලක් එල්ලගෙන ඉතාම දුර්වල පාලනයක් ගෙන යන බවට අපි පහුගිය කාලයේ චෝදනා කළා. එදා අපි කළ එම ප්‍රකාශයන් මෙම දුරකතන හඬපට මගින් ගහවුරු වෙනවා. උඩින් යහපාලන බෝඩ් ලෑල්ල දාගෙන ඉකුත් ආණ්ඩුව ඉතාම ප්‍රථමික ගණුදෙනුවක් ගෙනගොස් තිබෙනවා.

යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමට ක්‍රියාකළ කණ්ඩායම් තවමත් මෙම දුරකතන හඬපට ගැන කිසිම ප්‍රකාශයක් කරලා නැහැ. තමන්ගේ පක්‍ෂයත්, මන්ත්‍රී ධූරයත්, යහපාලන ආණ්ඩුවත් අර්බුදයට ලක්කර තිබෙන බව සියළුම දෙනාගේ ඇස්වලට පේන්න තිබෙනවා. කන්වලට ඇහෙනවා.

නමුත් කවුරුවත් ඒ ගැන කිසිම දෙයක් කියන්නේ නැහැ. අපි දේශපාලනය කරන්නේ මේ වගේ අයත් එක්ක නෙවෙයි. වත්මන් ජනාධිපතිවරයාගේ ප්‍රතිප්ති ක්‍රියාත්මක කළ හැකි උගත් බුද්ධිමතත් පුද්ගලයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් බවට ඊළඟ පාර්ලිමේන්තුව පත්විය යුතු යැයි‘‘ද ඔහු සඳහන් කළේය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී අද (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.



අදහස් (6)

‘‘විහිළුකාරයන්ගෙන් තොර පාර්ලිමේන්තුවක් පත්කළ යුතුයි‘‘

Mahesh Tuesday, 14 January 2020 11:40 AM

ඔන්න මේ අාණ්ඩුවත් ඒකම කරන්න පටන් අරන්... ගෑණුත් නොවෙන, පිරිමියෙකුත් නොවෙන කෙනෙක් සංචාරක මණ්ඩලයට පත්කරලා. කිව්වේ නම් තෝරලා තමා පත්කරන්නේ කියලා.. අන්තිමට මෙයාලත් උගත්තු විසිකරලා සංස්කෘතිය කන කුණු ගොඩවල් කර තියන් යනවා.

:       0       1

Bamunuarachchi Tuesday, 14 January 2020 12:04 PM

මන්ත්‍රීධූරය හිමි ඇතැම් පුද්ගලයන් එය විහිළුවට ලක්කර තිබෙන බව මේ දිනවල හුවමාරුවන දුරකතන සංවාද ඇතුළත් හඬපට මගින් අපට තහවුරු වුවත් බරපතල කාරණය වන්නේ උගත් බුද්ධිමත් වගකිවයුතු පුද්ගලයන් රහසිගත තොරතුරු ඔවුනට හෙළිකිරිමය. මෙවැනි හෙළිකිරීමක් නොවුනා නම් රටේ ජනතාව මේ කිසිවක් දන්නේ නැත. පසුගිය රාජපක්ෂ සමයේ අධීක්ෂණ මන්ත්‍රීවරුන් තානාපතිවරුන්ට කම්මුල් පහරවල් එල්ල කළ අතර අගවිනිසුරන් හේතුවක් නොමැතිව පන්නා දැමු අවස්ථාද අප දැක තිබේ.

:       1       0

රවින් Tuesday, 14 January 2020 12:23 PM

ඇයි මේ විහිළු කාරයින් විතරක්? කසිප්පු කාරයන්, මත්ද්‍රව්‍ය විකුණන්නන්, ස්ත්‍රී දූෂකයින්, කොටින්ම කීවොත් සියලු ශිෂ්ඨ සමාජ දූෂකයින් රටේ තියෙන උත්තරීතර යයි කියාගන්න ස්ථානවලට යැවීම මොනයම්ම හෝ සංස්කෘතියක් තියන ජනයාගේ යුතුකම නොවේ. උත්තරීතර තැන්වලට යැවිය යුත්තේ රටේ හා තමන්ගේ මෙන්ම ස්ථානයේ ගරුත්වයද රැකගත් හැකි නිසි අධ්‍යාපන සුදුසුකම් ඇති උදවියම පමණි. අන්දරේලා වගේ ඉන්නා කීදෙනෙක් දැනට පවතින පාර්ලිමේන්තුවේ ඉන්නවද?

:       0       0

Buddika Tuesday, 14 January 2020 12:56 PM

ඒ වගේම පල් හොරුන්ගෙන් තොර රජයකුත් අවශ්‍යයි. එතකොට ඉන්න අය හරියන්නෙම නැහැ.

:       0       1

siri Tuesday, 14 January 2020 02:12 PM

අන්න හරි. ඒවගේ කට්ටිය පත් කරන්න එපා කියල ඡන්ද දායකයින්ට කියන්න කලින් ඒ වගේ කට්ටියට නාම යෝජනා දෙන්න එපා කියල ඔබ තුමාගේ හිත මිත්‍ර ලොක්කන්ට කියන්න මහත්තයෝ. ඒ කතාව පිළිගත්තොත් දැන් ආණ්ඩුවේ ඉන්න කට්ටියගෙන් කීදෙනෙකුට නාම යෝජනා දෙන්න පුළුවන් වෙයිද කියලත් හිතල බලන්න වෙයි නේද ?

:       0       1

Mahee Tuesday, 14 January 2020 02:40 PM

විහිලුකාරයින්ගෙන් තොර පාර්ලිමේන්තුවක්? නිකම් විහිලු කරන්න එපා මහත්තය.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

රැකියා දෙන්න අල්ලස් ගත් යුවළක් මාට්ටු
2025 මාර්තු මස 14 157 0

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 109 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 523 1

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 259 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 267 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


අඳුරු කාමරයක සිරගත කෙරුණු බටලන්ද අද හිරු එළිය දුටුවා
2025 මාර්තු මස 14 1545 3

ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 220 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 512 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 247 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site