IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


'ශාඛ්‍ය ජනපදය' ජාත්‍යන්තර බෞද්ධ සංචාරක කලාපයක් කරන්න යයි

(ඩයනා උදයංගනී)

පිළියන්දල කහපොළ ප්‍රදේශයේ අක්කර 78ක භූමියක ඉදිකිරීම් ආරම්භ කර මේ වන විට වල් වැදී විනාශ වෙමින් පවතින ‘ශාඛ්‍ය ජනපදය’ ව්‍යාපෘතියේ ගොඩනැගිලි ද භාවිතා කරමින් එහි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක්, ජාත්‍යන්තර පිරිවෙන් මධ්‍යස්ථානයක් ඇතුළත් බෞද්ධ සංචාරක කලාපයක් ඉදිකිරීමට පියවර ගන්නා බව දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා පැවසීය.

ත්‍රිපිටක ධර්මය හා පිරිවෙන් අධ්‍යාපනය කෙරෙහි උනන්දු විදේශිකයන්ට මෙහි පැමිණ එම කරුණු අධ්‍යයනය කිරීමේ අවස්ථාව ලබාදීමෙන් මෙරට සංචාරක කර්මාන්තයට නව මුහුණුවරක් ලබාගැනීමට හැකිවනු ඇතැයි ද විජිත බේරුගොඩ මහතා කීවේය.

පසුගිය රජය සමයේ 2017 වසරේ ඉදිකිරීම් ආරම්භ කර දැනට වල් බිහිව  “ශාක්‍ය ජනපදය” තමන් පසුගිය දා නිරීක්ෂණය කළ බව කී රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා එම ගොඩනැගිලි විනාශ වෙමින් පැවතීම මෙන්ම එම භූමියේ විවිධ අකටයුතුකම් සිදුවීම සැලකිල්ලට ගෙන නව සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසීය.

මෙම ඉඩමේ මුල් හිමිකරු එය මහාභාරකාරවරයාට පවරා ඇත්තේ ද ආගමික කටයුත්තක් වෙනුවෙන් යෙදවීමට බැවින් එහි වෙනත් ව්‍යාපෘති ආරම්භ කළ නොහැකි බව ද බේරුගොඩ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අරමුණ වන්නේ ද දැහැමි, ගුණගරුක සමාජයක් බිහිකිරීම බැවින් මෙම ස්ථානයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් පිහිටුවීම වැදගත් බව හෙතෙම කීවේය.

මෙහි දැනට කර ඇති ඉදිකිරීම් විනාශ නොකර නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම ස්ථානයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා වන යෝජනාව ඉල්ලීම බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බව ද බේරුගොඩ මහතා පැවසීය.

 



අදහස් (2)

'ශාඛ්‍ය ජනපදය' ජාත්‍යන්තර බෞද්ධ සංචාරක කලාපයක් කරන්න යයි

jagath Monday, 27 September 2021 05:09 PM

හැරෙනකොටම සර්ගේ අරමුණ පැහැදිලියි .පිරිවෙන් කෙසේවෙතත් ඔය කියලම තියෙන්නේ "සංචාරක" කියලා .අන්තිමට අයියලා මල්ලිලා යන කලින් පිරිවෙන් කියන කෑල්ල හැලිලා සංචාරක විතරක් ම ඉතුරු නොවුනොත් තමයි පුදුමේ

:       0       0

පිටිගල මිලානෝ Monday, 27 September 2021 06:45 PM

මේක බෞද්ධ රටක්. බහුතරයක් ධර්මය නොදනී... කරන්නේ අධර්මිෂ්ඨ වැඩ. මීට වගකිව යුතු හාමුදුරුවරුන් දේශපාලනය කරමින් සිටින්නාහ. V8 වලින් වඩිති...

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 606 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 491 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 121 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1722 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site