(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
අධිශීතකරණවල තැන්පත් කළ යුතු ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ සැපයුම් අංශයේ කොරිඩෝවේ සහ සාමාන්‍ය කාමරවල ගබඩා කිරීම නිසා එම ඖෂධවල බල බිඳී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට තොරතුරු අනාවරණයවී ඇත.
ඖෂධවල ක්‍රියාකාරීත්වය මෙලෙස හීනවීම නිසා රෝගියකුට එක් පෙත්තක් වෙනුවට පෙති කිහිපයක් එකවර ගැනීමට සිදුවන බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා ) සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවැසීය.
සෘණ ශීත තත්වයන් තුළ ගබඩා කළ යුතු ඇතැම් ඖෂධද මෙලෙස සාමාන්‍ය උෂ්ණත්වය යටතේ තිබී ඇතැයි හෙතෙම ප්‍රකාශ කළේය.
රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරේදා (17) රැස්විය.
එම කාරක සභාවට පෙරේදා කැඳවා තිබුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ සැපයුම් අංශයේ නිලධාරින්ය.
ඖෂධ වර්ග මෙලෙස අනාරක්ෂිතව ගබඩා කර තැබීම ගැන රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඖෂධ සැපයුම් අංශයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර ඇත.
ශීතකරණවල හිඟය නිසා මෙම තත්වය ඇතිවූ බව එම නිලධාරීන් එහිදී ප්‍රකාශ කරන ලදැයිද මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.
වහාම එම තත්වය වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෝපා කමිටු සභාපතිවරයා මෙහිදී ඖෂධ සැපයුම් අංශයේ නිලධාරීන්ට උපදෙස්දී ඇත.
මේ අතර රටට අවශ්‍ය වන්නේ අත්‍යවශ්‍ය ඖෂධ 347ක් වුවද විවිධ සමාගම් විවිධ කාණ්ඩ යටතේ ඖෂධ 20,000 ක් මෙරටට ආනයනය කරනු ලබන බව කෝපා කමිටු රැස්වීමේදී තොරතුරු අනාවරණයවී ඇත.
අවුරුද්දටම අවශ්‍ය බෙහෙත් එකවර ගැනීම සුදුසු බවත් එසේ කටයුතු නොකිරීමෙන් ඖෂධ හිඟයක් ඇති වන බවත් මහාචාර්ය තිස්ස විතාරණ මහතා කීවේය.
ඇතැම් වෛද්‍යවරුන් ඖෂධ සමාගම් සමග එකතුවී විශාල වශයෙන් මුදල් උපයන බවද හෙතෙම සඳහන් කළේය.
ඖෂධ ගෙන්වීමේදී සිදුවන අක්‍රමිකතා වැලැක්වීමට පියවර ගන්නා ලෙස කෝපා කමිටුව වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ශීතකරණවල තැබිය යුතු ඖෂධ කොරිඩෝවේ: කෝපා විමර්ශනයක්
ravin Friday, 19 November 2021 08:58 AM
දත්ත මැකීමේ හේතුව ඔය පැහැදිලි ලෙස තියෙන්නේ.
kamal Friday, 19 November 2021 10:35 AM
ඕවා තැන්පත් කරන්න ඕන තරම් තැන් අපේ රජතුමා හදලා දුන්නා නේද.?
පැරකුම් Friday, 19 November 2021 02:39 PM
කවුරුත් කලබල වෙන්න එපා. කාටවත් මොකුත් වෙන්නෙ නෑ. අපෙන් අයකරගන්න බදුමුදල් විතරයි නාස්ති වෙන්නෙ.