( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
රිමාන්ඩ් භාරයේ පසුව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා මේ වන විට රෝගාබාධ කිහිපයකින්ම පෙලෙන බවත් , මේ හේතුවෙන් ඔහුගේ ජීවිතය දැඩි සෞඛ්‍ය අනතුරකට ලක්ව ඇතැයි ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ විරාන් කොරයා මහතා අද (17) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
එසේම යම් කිසි පුද්ගයෙකු සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරයට පත් කිරීම දඩුවම්ක් ලෙස පත් නොකළ යුතු බැවින් තම සේවාදායක ශානි අබේසේකර මහතා ඇප ඉල්ලා ගොනු කළ පෙත්සම තවදුරටත් කල් නොඇර සලකා බලන්නැයිද නීතීඥ විරාන් කොරයා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
තමා ඇප මත මුදා හරින්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ගම්පහ මහාධිකරණය දුන් තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැදවූ අතර එහිදී නීතීඥ විරාන් කොරයා මහතා මෙම දැනුම් සිදු කළේය.
කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා ලබන අප්‍රේල් 29 වැනිදා හෝ ඊට පෙර ගොනු කරන්නැයි අභියාචනාධිකරණය නියම කළේය.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබූ නඩුවකට අසත්‍ය සාක්ෂි නිර්මාණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර ශානි අබේසේකර මහතා ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.
ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.
වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි
ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල
රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ශානිගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අධිකරණයට කියයි
Rata Perata Wednesday, 17 March 2021 11:04 AM
වැඩක් නැති නීති මේවා. අපේ සල්ලිවලින් සොහොන් හදපු අය ඉහළම පුටුවේ. අපරාද පරීක්ෂණ කරපු කෙනා හිරේ.
මාටිය Wednesday, 17 March 2021 01:05 PM
අනේ පව්, රජයේ සේවය හරියට කරලා, දේශපාලකයෝ හින්දා පව් ගෙවනවා!
Puppa Thursday, 18 March 2021 12:43 AM
මේ රටට වැඩක් කළ රාජකාරිය අවංකව කළ නිලධාරියෙකුගේ ඉරණමයි. ඔබ නිදහස් වූවොත් මෙරට සිටින්න එපා. ඔබ ඉන්න නිවස ඔබ අවංකවම රාජකාරිය කළ බවට ඇති සිහිවටනයයි. ඔබට ජය...
sharm warn Thursday, 18 March 2021 04:41 AM
ශානි මහත්තයා පව්. කෙළින් වැඩ කරන අනික් රාජ්‍ය නිලධාරීන්ටත් දවසක මේ ඉරණම තමයි... මේ කාලකණ්ණි පවුල් පාලනය ගෙන ගියොත්. 68 ලක්ෂයක් හරක් ඉන්න රටක. මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද?
Bamunuarachchi Thursday, 18 March 2021 11:47 AM
වළං හේදිල්ල කාට බාර දුන්නද දන්නේ නැහැ.