( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොල )
ජනාධිපතිවරණයෙන් පසුව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ට ලබාදුන් ස්ථාන මාරුව අවලංගු කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම පෙත්සම්කාර පාර්ශවය විසින්ම අද (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලා අස් කර ගන්නා ලදී .
මෙම පෙත්සම අද (30) සිසිර ද ආබෲ, එල්. ටී. බී. දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවිණි.
එහිදී පෙත්සම් ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව වෙනත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන බැවින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බවත්, එබැවින් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ශානි අබේසේකර මහතාගේ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමින් එය නිශ්ප්‍රභ කරන ලදී.
නිතියට පටහැනිව , ද්වේෂ සහගතව තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ධුරයෙන් ඉවත්කර ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාරවරයා හැටියට පත් කිරිමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි සදහන් කරමින් , එම ස්ථාන මාරුව අවලංගු කර වන්දි හැටියට රුපියල් කෝටියක මුදලක් ලබා දෙන ලෙසද ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ෂානි අබේසේකර මහතා මෙම පෙත්සම ගොනු කර තිබිණි.
මෙහි වගඋත්තරකරුවන් හැටියට වැඩබලන පොලිස්පති එස්.ඩී.වික්‍රමරත්න ජාතික පොලිස් කොමිසමේ සභාපති සහ එහි සාමාජිකයින් , මැතිවරණ කොමිසම , නීතීපතිවරයා ඇතුළු 17 දෙනෙකු නම් කරනු ලැබ තිබිණි.
නිතිඥ මංජුල බාලසූරිය මහතා විසින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සදහන්ව තිබිණි.
පෙත්සම්කරු අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුවේ හිටපු අධ්‍යයක්ෂවරයෙකි.පෙත්සම්කරු මාධ්‍යවේදී ප්‍රගිත් එක්නැලිගොඩ ඝාතනය ඇතඑ ප්‍රකට නඩු ගනනාවක් පිළිබද විමර්ශනය කළ නිළධාරියෙකි.
පසුගිය ජනාධිපතිවරණයෙන් දින 4 කට පසුව පෙත්සම්කරුට වහාම ක්‍රියාත්මක වන පරිදි ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාරවරයා හැටියට මාරු කලේය . ඒ අතර මෙතෙක් ඔහුට ලබා දි තිබු වැඩිපුර ආරක්ෂාවද ඉවත් කෙරිණි.පෙත්සම්කරු ජ්‍යෙෂ්ඨත්වය අනුව පොලිසියේ සිටින 13 වැනි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාය.මෙම ස්ථාන මාරුව සේවයෙන් පහත හෙළිමකි .
මේ පිළිබදව පොලිස්පතිවරයාට පැමිණිලි කලත් ඉන් පලක් වී නොමැත.මෙම ස්ථාන මාරුව නිතියට පටහැනිව ද්වේෂ සහගතව සිදුකළ ක්‍රියාවකි.
එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනිමට නියෝග කරන ලෙසද , තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප්‍රකාශ කරන ලෙසද , තම ස්ථාන මාරුව අවලංගු කර යලි පෙර තනතුරුට පත් කරන අතුරු නියෝගයක් නිකත් කරන ලෙසද , වන්දි හැටියට රුපියල් කෝටියක මුදලක් ලබා දෙන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා තිබිණි.
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ශානි අබේසේකරගේ පෙත්සම ඉල්ලා අස්කරගනී