(ටෝනි කරුණානායක)
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහිව අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීම ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් අධිකරණ නියමයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂකවරයාව ලබන 20 වෙනිදා දක්වා තවදුරටත් බන්ධනාගාර ගතකරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (07)නියම කළේය.
කිලෝ 5ක් බරැති ක්ලේමෝ බෝම්බයක් , ටී-56 ගිනි අවි ඇතුළු තවත් ආයුධ රැසක් ගම්පහ කලගෙඩිහේන ප්‍රදේශයේ නිවසක් පිටුපස සඟවා එම ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ එම සැකකරුගේ පුතුන් දෙදෙනාටත්, වාස් ගුණවර්ධන නැමැති සැකකරුගේ බිරිඳ ඇතුළු සැකකරුවන් 8 දෙනෙකුටත් අයත් ඒවා බවට අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය හමුවේ චෝදනා ගොනු කර, අධිකරණය නොමග හැරීම සඳහා කටයුතු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනාව කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා එම සැකකරුවන්ගේ නීතිඥවරුන් විසින් අධිකරණය වෙත ලිඛිත දේශන ගොනු කළ අතර ඊට විරෝධය ඉදිරිපත් කරමින් පොලිසිය ලිඛිත දේසන අධිකරණය හමුවේ ගොනු කළේය.
එම ලිඛිත දේසන සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන්ට ඇප නියම කිරීමට බලයක් මහෙස්ත්‍රාත් අධිකරණයට නොමැති හෙයින් සැකකරුවන් දෙදෙනා තවදුරත් රිමාන්ඩ් බාරයට පත් කළේය.
වැඩ තහනම් කර ඇති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ ඇඹිලිපිටිය පොලිසියේ උප පොලිස් පරීක්සක සුගත් මෝහන මෙන්ඩිස් නැමැති සැකකරුවන් දෙදෙනාව මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණි.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ශානි අබේසේකර තවදුරටත් රිමාන්ඩ්
රිතික් Friday, 07 August 2020 03:07 PM
ශානි කිව්වම මම හිතුවේ කෙල්ලෙක් කියලා... බැලින්නම් දඩාර් මිනිහෙක්නේ...
BamunuarachchiSunday, 09 August 2020 03:55 AM
මිනිහෙක් කියලා විතරද දාන්නේ එයාගේ කෙරුවාව ගැන දාන්නේ නැද්ද.
rusiru Friday, 07 August 2020 05:18 PM
කසකාරයො එනකොට අපි දැනගන්න ඕන පෙරහැර ලඟ එනවා කියලා. කුඩු මල්ලිව නිදහස් කරගන්න නම් ශානි අසත්‍ය සාක්ෂි හදනවා කියන මතය සමාජගත කරන්න ඕනෑවෙනවා.
Rohana Saturday, 08 August 2020 09:21 AM
ඕනෑම දෙයක් උඩුයටිකුරු කරමින් තම රාජකාරිය හරියට ඉටුකළ නිලධාරියෙක් අධිකරණය මාර්ගයෙන් වැරදිකරු බවට පත්කරගැනීමට දේශපාලන බලයට පුළුවන්. සමහරවිට වාස් නිදහස් වෙන්නත් පුලුවන්...
athula Saturday, 08 August 2020 08:23 PM
මේ වනසා දමන්න හදන්නේ පිට කාෙන්දක් තිබෙන නිලධාරින්... එතකොට ඔවුන් බලවතුන්ගේ පරික්ෂණවලට අත දාන්න බයවෙනවා.. මේ මනුස්සයා උසස්වීමක් දීලා තියාගන්න අවශ්‍යම නිලධාරියෙක් රට යන දිසාව හිතාගන්න පුඵවන් මේවා තනිකරම වයිරයෙන් කරන ජඩකම් රටේ බොහෝ අයට නොතේරුණාට...
Senarath Sunday, 09 August 2020 03:40 AM
ශානි කවුද කියලා දැනගන්න රංජන්ගේ රෙකෝර්ඩ්ස් ටික හොඳටම ඇති. ශානි කොහොමද පොලිස් අධිකාරිවරයෙක් විදිහට හමුදා කර්නල්වරයෙක් ඝාතනය දැනගෙන වසන් කරන්නේ.. එතකොට ශානිට කොහොමද ඉංග්‍රීසි භාෂා නිපුණත්වය හදාගන්න කියන කොන්දේසිය මත පොලිස් අධිකාරි ධුරය පිරිනමන්නේ? මේවා ලැබුණේ දේශපාලකයින්ට කඩේ ගිය නිසා නෙමෙයිද? හමුදාවේ කී දෙනෙකුට බලපෑම් කළාද?