(තිළිණි ද සිල්වා)
පර්සියානු ගල්ෆ් කලාපයේ පවත්නා ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් කොළඹ -ලන්ඩන් ගුවන් ගමන් මාර්ගය වහාම ක‍්‍රියාත්මක වන පරිදි වෙනස් කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය අද (08) තීරණය කළේය.
ඒ අනුව ඒ අනුව කොළඹ ‐ලන්ඩන් ගුවන් ගමන් මාර්ගය ඉරානයේ සහ ඉරාකයේ ගුවන් කලාපය ආසන්නයෙන් ගමන් කිරීම අත්හිටුවමින් එම වෙනත් ගුවන් මාර්ගයකින් ශ්‍රී ලංකන් ගුවන්යානය අදාළ ගමානාන්ත කරා යන බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවසීය.
පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ ආරක්ෂක පියවරක් ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙම තීරණය ගත් බවද හෙතෙම කීය.
ජාත්‍යන්තර ගුවන් මාර්ග වල යුරෝපය සහ ආසියාව සම්බන්ධ වන ප‍්‍රධාන මාර්ග තුනක් පවතින අතර ඉරානයේ සහ ඉරාකයේ ගුවන් කලාපය, ඊජිප්තු ගුවන් කලාපය සහ යුක්රේන් ගුවන් කලාපය එම ප‍්‍රධන ගුවන් මාර්ග වන බවද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු වැඩිදුරටත් කියා සිටියේය.
ඒ අනුව ඒ කොළඹ - ලන්ඩන් බලා යන ශ්‍රී ලංකන් ගුවන් යානය ඊජිප්තු ගුවන් කලාපය හරහා අදාළ ගමනාන්ත වෙත ළඟා වීම සිදුවන බවද දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම තත්ත්වය ශ්‍රී ලංකන් ගුවන්සේවය සමීපව අධීක්ෂණය කරමින් සිටින අතර අදාළ ජාතික හා ජාත්‍යන්තර බලධාරීන් හා සම්බන්ධ වෙමින් ගුවන් මඟීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.
ශ්‍රී ලංකන් ගුවන් සේවය සතියේ දින 7ම කොළඹ -ලන්ඩන් අතර ගුවන් ගමන් වාර 14 ක් ක‍්‍රියාත්මක කරන අතර සෑම දිනකම දහවල් 12.30ට ලන්ඩනයේ සිට කටුනායකට ශ්‍රී ලංකන් ගුවන් යානයක් පැමිණෙන අතර , දහවල් 1.30ට යළි කටුනායක සිට ලන්ඩනය බලා ශ්‍රී ලංකන් ගුවන් යානායක් ගුවන්ගත කෙරේ.
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ශ්‍රීලන්කන් ඉරාන-ඉරාක සීමාව මඟහරියි