IMG-LOGO

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා


ශ්‍රීලනිපයට ගත හැකි හොඳම විසඳුම පොහොට්ටුවට සහය දීමයි

(විනීතා එම් ගමගේ)

ඉදිරි  ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගත හැකි හොඳම විසඳුම  වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට සහය දීම යැයි ශ්‍රී ලංකා නිදහස් උපාධිධාරී සංගමය තීරණය කර ඇතැයි එම සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සියඹලාපිටිය මහතා ප‍්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගත හැකි පියවර පහක් ඇති බවත් එයින් වඩාත් කාලීන හා බුද්ධිමත් පියවර වන්නේ පොදුජන පෙරමුණට සහය දීම බව තම සංගමයේ විධායක සභාව එක්ව තීරණය කළ බවත් සියඹලාපිටිය මහතා ප‍්‍රකාශ කළේය.

මෙම තීරණය ලබන 30 දා රාත‍්‍රී රැස්වන පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරන බව ද හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් දෙපාර්ශවයම එකිනෙකාට ගරු කිරීමත් නම්‍යශීලී වීමත් එකට වැඩ කිරීමේ දී එන අභියෝග වටහා ගැනීමත් අනිවාර්යයෙන්ම සිදුවිය යුතු බව ද සියඹලාපිටිය මහතා කීය.

රංජිත් සියඹලාපිටිය මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (27) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.    

ඡායාරූප හා වීඩීයෝ - ශාන්ත රත්නායක



අදහස් (15)

ශ්‍රීලනිපයට ගත හැකි හොඳම විසඳුම පොහොට්ටුවට සහය දීමයි

max Friday, 27 September 2019 09:42 AM

ඔව්... එය තමයි විය යුත්ත. සියලු දේශද්‍රෝහී බලවේග අනෙක් පස කඳවුරු බැඳලා තියෙද්දී කිසියම් හෝ ජාතිකත්වයක් ඉතුරුව ඇති ශ්‍රී ලනිපය, පොහොට්ටුව හා එක්විය යුතුමයි. මුස්ලිම් අන්තවාදයත්, දෙමළ අන්තවාදයත් සමග අත්වැල් බැඳගෙන සජිත් මේ රටවලපල්ලට ගෙනයාමට එරෙහිව එය විය යුතුයි.

:       1197       1500

lionFriday, 27 September 2019 10:34 AM

ඔය කට්ටියද දේශප්‍රේමී බලවේගය? හරි ශෝක්. දේශප්‍රේමය හින්දා වෙන්න ඇති.. හාමුදුරුවරු ඝාතනය කළ, දළදා මාලිගාවට බෝම්බ ගහපු අයියලාට, පක්ෂේ ලේකම්කම දුන්නේ, ඇමතිකම් දුන්නේ, හමුදා මූලස්ථානය ශැංග්‍රිල්ලා හෝටල් කොම්පැණියට වික්කේ දේශප්‍රේමීකම දෝරෙගාලා ගිහිල්ලා වෙන්න ඇති. ඔය දෙපැත්තම එ්කයි යාළුවා .ඖර්දු 70 තිස්සේ එක එක බයිලා ගහලා රට කෑවා. ඔවුන් කෝටිපතියන් වුණා. අපි හිඟන්නන් වුණා. ඕකයි තිත්ත ඇත්ත.

:       38       212

ශ්‍රීFriday, 27 September 2019 10:48 AM

ඔබ වැනි වහල් මනස් ඇත්තන්ට එකම දෙයකි. එනම් දූෂිත පාලකයන් බිහිවෙන්නේ නූගත් ඔබ වැන්නවුන් නිසායි..

:       16       170

siriFriday, 27 September 2019 10:49 AM

මුස්ලිම් සහ දෙමළ ඡන්ද නැතුව දිනන්න බැරිනිසා පොහොට්ටුවත් ඒ කණ්ඩායම් සමඟ සන්ධානගත වුනොත් පුදුමවෙන්න එපා.

:       3       55

Dr. Vajira FernandoFriday, 27 September 2019 11:03 AM

අපි ඊට වඩා කැමතියි. පොහොට්ටුවයි, ශ්‍රීලනිපයයි එජාපයයි අවුරුදු හැත්තෑවක් තිස්සේ මේ රට වලපලල්ලට ඇදගෙන ගිය ඔක්කොම හොරු ටික එක පිලකට එකතු වෙනවා නම්... බොරුවට දෙපැත්තට බෙදිලා දවල්ට රණ්ඩු වෙලා, රෑට එකතු වෙලා පාටි දාන කට්ටිය ඔක්කොම. එතකොට අපිට පුළුවන් හොරු, වංචාකාරයෝ, දූෂකයෝ නැති රට ගොඩනගන්න අවංක වුවමනාවක් ඇති සැබෑ ජන බලවේගයක් සමග පෙළ ගැහෙන්න.

:       0       36

AmilaFriday, 27 September 2019 11:33 AM

මහල්ලන්ගේ පෙරමුණට එකතුවෙන්නේත් යන එන මන් නැති මහල්ලන්මයි. මහලු මඩමේ අපේක්ෂකයා සමග වලපල්ලට තමයි යන්න වෙන්නේ යාළුවා.

:       0       7

Hafeel Friday, 27 September 2019 12:00 PM

ඔබ එහෙම කිව්වට ගෝඨා මුස්ලිම් ප්‍රජාව සමග සාකච්ඡා කරනවා, සහාය ඉල්ලනවා. ගෝඨාට කියලා ඔය වැඩේ නවත්තන්න. එස්.බී. ට කියන්න හලෝ රිශාර්ඩ් කියලා නැවත කතාකරන්න එපා කියලා. අනික මම අහන්නේ කරුණා, පිල්ලෙයාන්, වියාලේන්ද්‍රන්, විමල් දේශප්‍රේමීද?

:       0       9

ඉඳුනිල් ප්‍රියන්ත Friday, 27 September 2019 10:27 AM

රතුපස්වල, හලාවත, කටුනායක සාමාන්‍ය ජනයා මරපු, වලිකඩ බන්ධනාගාරයට පැනලා සිරකරුවන් 22ක් ඝාතනය කරපු, පෝද්දල ජයන්ත, කීත් නොයාර් පැහැරගෙන ගිහින් වදදීපු, වසීම් තාජුඩීන්, ප්‍රදීප් එක්නැලිගොඩ ඝාතනය කරපු අය එනවලු, විනයක්, රටක් හදන්න.

:       501       470

PrabhaFriday, 27 September 2019 02:22 PM

අවුරුදු 5ක් ගිහින් මොනවද ඔප්පු කරලා පෙන්නුවේ...? ඔක්කොම එකවල්ලේ පොල්...

:       1       0

rana Friday, 27 September 2019 10:37 AM

ඇයි අායෙත් මහින්දගෙන් කනේ පාරක් කන්නද?

:       2       58

Mama Friday, 27 September 2019 10:57 AM

ඔව් කොල්ලෝ එ්ක සහතික ඇත්ත... මොකද ඕස්ට්‍රේලියාවේ තානාපති කාර්යාලයේ් වැඩකරන මගේ නෝනට තව සේවා දිගුවක් ගන්න පුළුවන් මගේ දරුවන් බලාගන්න.

:       30       119

රවින් Friday, 27 September 2019 11:58 AM

අර දූෂණ හොයන කොමිසමේද කොහෙද සාක්ෂි දෙන්න තියනවාලු නේද? ඔය අස්සේ ගල්අඟුරු ටෙන්ඩරය, පිටින් විදුලිය ගැනීම, ට්‍රාන්ස්ෆෝමර් වැනි දේවලුත් තියනවලු නේද? කොයි පැත්ත හරි වාසි පැත්තට රිංගුවේ නැතිනම් ඉතින් ඉජු ඉජු පල තමා. මාර්ක් එක වෙන්නේ. ඉක්මනින්ම පැනගන්න.

:       0       4

Chathuri Friday, 27 September 2019 12:41 PM

මෙයා කියනවා... හොඳම දේ එකිනෙකාට ගරු කරමින් පොහොට්ටුවට ඇතුළු වෙන එක හොඳයිලු... එතකොට මහින්ද සමග මෙපමණ කල් කරපු සාකච්ඡා, මෛත්‍රී ජනාධිපති, පක්ෂ සභාපති, එහෙම වුණාම පොහොට්ටුවේ අය ජනපතිගේ කීමට ගරු කෙරුවාද? මහින්දට පක්ෂ වලින් වැඩක් නැහැ. එයාට ඕනෑ මල්ලි ජනපති කරලා, එයාට අගමැතිකමයි, මුදල් ඇමැතිකමයි ගන්න. මෛත්‍රී නිකම්ම මන්ත්‍රී කෙනෙක් වෙන එක වෙන්නේ.., මෛත්‍රී අන්තිම මොහොතේ එයාගේ ගැටේ ලිහලා තනියම ඉල්ලනවා. එහෙම වුණොත් ගෝඨාට වැඩිය ඡන්ද ප්‍රමාණයක් ගන්නවා.. පොහොට්ටුවේ ඉන්නේ ලෝකේ කාලා වතුර බීපු නූගත් පිරිසක්.., මිනිස් වෙසින් ඉන්න පෙරේත යක්ෂයන් අපායටම යන්න වුවමනා නැහැ කට්ටිය දකින්න.

:       0       14

PA - RA Friday, 27 September 2019 02:06 PM

හරියටම හරි කියමනක්... එසේ නොකළොත් මෙදා සැරෙත් හුළං රටත් හබක්....

:       2       3

isuru Friday, 27 September 2019 03:08 PM

අයියෝ ... රටේ දැවැන්තම බණ්ඩාරනායකලා බිහිකළ පක්ෂයට වූ දෙයක්..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

සරසවි හයක කොට උඩ ගිය ඉදිකිරීම් යළි අරඹයි
2025 පෙබරවාරි මස 05 87 0

මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්


ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 856 1

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 773 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 222 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 219 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 870 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 776 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site