IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ශ්‍රීලනිපය මංගලට පිං පමුණුවයි

(ඩයනා උදයංගනී)

හිටපු අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාට පිං පැමිණවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සංවිධානය කළ ආගමික වැඩසටහනක් එහි සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී අද (26) පස්වරුවේ පැවැත්විණි.

හිටපු ජනාධිපතිවරයා ඇතුළු පක්‍ෂ නියෝජිතයෝ පළමුව බෝධීන් වහන්සේ අභියස මල් පහන් පූජා කර අනතුරුව බෝධීන් වහන්සේ වෙත චීවරයක් ද පූජා කළහ.

අනතුරුව ආගමික වතාවත් සිදුකර පැන්වඩා මංගල සමරවීර මහතාට පිං පැමිණවීම සිදුකළහ.

ගංගාරාම විහාරාධිකාරී, ආචාර්ය කිරින්දේ අස්සජි ඇතුළු භික්‍ෂූන් වහන්සේලා සයනමක් මෙම ආගමික වතාවත් මෙහෙයවූ අතර පිංකම අවසානයේ දී උන් වහන්සේලා වෙත පිරිකර පූජා කිරීම ද සිදුකෙරිණි.

මංගල සමරවීර මහතාට පිං පැමිණවීමේ කටයුතුවලින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් මෙන්ම ඇසුරු කළ අවංක මිත්‍රයෙක් වන මංගල සමරවීර මහතාට පිං පැමිණවීම වෙනුවෙන් මෙම පිංකම සංවිධානය කළ බවයි.

තමාගේ දැක්ම, දර්ශනය තුළ තමන් විසින් කිව යුතු දේ නොබියව ප්‍රකාශ කළ අයකු වන මංගල සමරවීර මහතා පිළිබඳ නොයෙක් විවේචන හොඳ නරක තිබුණත් ඔහු ඍජු ලෙස තම මතය ප්‍රකාශ කළ දේශපාලනඥයෙක් බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

දූෂිතයෙක් නොවන එතුමා වැනි රටට අවශ්‍ය දේශපාලනඥයකු අහිමිවීම ගැන අප ඔහුගේ හිතවතුන් ලෙස මෙන්ම පක්‍ෂයක් ලෙස ද කණගාටු වන බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ජ්‍යෙෂ්ඨ උප සභාපති, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, පක්ෂ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ

ඡායාරූප - ශාන්ත රත්නායක



අදහස් (6)

ශ්‍රීලනිපය මංගලට පිං පමුණුවයි

Namal Thursday, 26 August 2021 06:12 PM

දැන් පින් දෙනවා ගිහින්...

:       0       3

Nihal Thursday, 26 August 2021 08:55 PM

මේ වගේම තවත් හොඳ කෙනෙක් ඉන්නවා නිතර ඇස් පිල්ලන් ගහනවා.

:       2       4

saiman Friday, 27 August 2021 05:36 AM

නිවන්සුව ලැබේවා.!

:       0       0

පිංබතා Friday, 27 August 2021 07:46 AM

ඕවා කරලා දැන් මිනිස්සු රවට්ටන්න බෑ හිටං.. හදුනාගන්න.... මේ තමා රටේ ඉන්න ජරාම කුහකයෝ සෙට් එක

:       0       0

Nihal Friday, 27 August 2021 10:13 AM

මේ වෙලාවේ පරිස්සම් විය යුතුයි.

:       0       0

jayasekara Friday, 27 August 2021 10:54 AM

පුටු උඩ ඉඳගෙන මතක වස්ත්‍ර පුජා කිරීම ...ලැජ්ජයි ... (පක්ෂ විපක්ෂ සියලු දෙනාම ඕක කරනවා )

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 609 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 498 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 122 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1730 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site