IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


‘ශ්‍රීලනිපය සමඟ සන්ධානගත වුවත් නාමයෝජනා ලැයිස්තුවෙන් සියයට 30 ක් වෙන් කරන්න බෑ’

(නාලක සංජීව දහනායක)

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ සන්ධානගත වුවද ඉදිරි මහා මැතිවරණයේ දී නාම යෝජනා ලැයිස්තුවෙන් 30% ක ප‍්‍රතිශතයක් වෙන් කිරීමට තම පක්‍ෂයට හැකියාවත් නැතැයි හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩී.වී චානක මහතා අද (6) පැවසීය.

එහිදී මන්ත‍්‍රීවරයා මෙසේ ද කීය.

එමෙන්ම ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට නියමිත සන්ධානය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කර තිබෙන බව කී චානක මන්ත‍්‍රීවරයා තම පක්‍ෂය එම කොන්දේසිවලට එකඟ නොවන බවද කීය.

රටම පිළිගන්නා ලකුණ පොහොට්ටුව බවත්, මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය රටම ඉල්ලා සිටින බැවින් ඒවා වෙනස් කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවද කීය.

පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා ලැයිස්තුවෙන් 30% කෝටාවක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉල්ලා සිටින බව කී මන්ත‍්‍රීවරයා තමන් සමඟ ආරම්භයේ සිටම සිටි සහෝදර දේශපාලන පක්‍ෂවලට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට, පළාත් පාලන නියෝජිතයන්ට හා වියත්මඟ සංවිධානයේ නියෝජිතයන්ට නාමයෝජනා ලබාදුන් විට නාම යෝජනා ලැයිස්තුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයය විශාල ප‍්‍රතිශතයක් වෙන් කිරීමේ හැකියාවක් නැතැයි ද මන්ත‍්‍රීවරයා පැවසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්‍ෂ මූලස්ථානයේ දී අද (6) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.



අදහස් (9)

‘ශ්‍රීලනිපය සමඟ සන්ධානගත වුවත් නාමයෝජනා ලැයිස්තුවෙන් සියයට 30 ක් වෙන් කරන්න බෑ’

De Thursday, 06 February 2020 11:15 AM

ඔයාල කාව දැම්මත් අපිට වැඩක් නෑ. ඔක්කොම එක්ක තමා. 2/3 නම් ලැබෙන් නෑ පුතා . රතු , නිල්, කොළ ඔක්කොම කරලා තියන වැඩ හරි හිරිකිතයි.

:       0       14

asela Thursday, 06 February 2020 11:31 AM

ශ්‍රී ලංකා කියලා එකක් නෑ දැන්. ඒක හිටන් ඉවර කළා. එජාපයේ එක අඩියක් තියාගෙන මේකේ එක අඩියක් තියාගෙන නායකකම් කරන්නේ කොහොමද? ඒ වගේම හිටන් හිතන් හිටියේ නායකකම ගත්තම ඔක්කොම හරි කියලා. ඒත් ශ්‍රී ලංකාකාරයෝ ඇත්තටම ආදරේ මහින්ද මහත්තයට. ඒක තමයි පොහොට්ටුවට මෙච්චර ග්‍රාමීය ප්‍රදේශ වලින් ඡන්ද හම්බවුනේ. ඒ මහින්ද මහත්තයා මාස 3 න් ජනාධිපති කෙනෙක් වුන කෙනෙක් නොවුන නිසා. එයාට මිනිස්සු අතරේ හොඳ ප්‍රතිරූපයක් තියෙනවා. ඒකයි පැරදුනත් ආයේ කෙටි කලකින් දිනුවේ. ඒත් වෙන අයට එහෙම බෑ. බොරුවෙන් බලය අරගෙන දවසින් උන් හිටි තැන් නැතිවෙලා. දැන් උමතුවෙන් හූ කියලා වැඩක් නෑ. අවලංගු කාසියක් වෙලා ඉවරයි. ඒ වගේම පුලුවන්නම් ශ්‍රී ලංකා එකට තනියෙන් තරග කරලා ආසන 10 ක් ගන්න කියන්න. එදාට සීයට 30 ක් දේවී නාමයෝජනා. ශ්‍රී ලංකා එකේ සහට නැතත් 69 ලක්ෂයේ සහය ලැබෙනවා. ඕනේනම් ඡන්ද ලක්ෂ 2 ක් අඩුවෙයි. හිටන්ට කරන්න පුලුවන් එච්චරනේ.

:       85       141

asela Thursday, 06 February 2020 11:49 AM

10 ක්වත් පාර්ලිමේන්තු යවාගන්න බැරි නිසා පොහොට්ටුවෙන් එළිය බලලා කීයක් හරි අරගෙන පුළුවන් වුනොත් පුතාටත් කිරි පොවන්නම්.

:       1       8

kamal koyrala Thursday, 06 February 2020 01:26 PM

අන්තිමට වලව්වල කටු කාපු අයට පසුපෙළ තමා

:       0       1

gunda Friday, 07 February 2020 02:22 AM

චානක, පොහොට්ටුවේ 100 % ඔබේ අදහස සමග එකඟයි. ශ්‍රී ලංකා කියන්නේ අපේ අයම තමා. නමුත් දයාසිරි, සිරිසේන, වීරකුමාර, මහින්ද සමරසිංහ, චන්ද්‍රිකා, වෙල්ගම නිමල් ආදී පිරිස පොහොට්ටුවට හිතවත් නැහැ. ඔවුන් අවස්ථාවාදී විනාශකාරී කට්ටියක්. සිරිසේනට සම සභාපතිකම හෝ සාමාජිකත්වයක් හෝ දෙන්න එපා.

:       1       0

Bamunuarachchi Friday, 07 February 2020 04:01 AM

ශ්‍රී ලංකා පක්ෂය චන්ද්‍රිකාටම දීලා ඒ කට්ටියට පොහොට්ටුවට එකතු වෙන්න කියමු.

:       0       1

Rohana Friday, 07 February 2020 06:46 AM

පළමුවෙන්ම ශ්‍රී ලංකා සහ පොදුජන පෙරමුණ මහා මැතිවරණයේදී වෙන වෙනම තරග කරලා ලැබෙන ඡන්ද ප්‍රමාණයට අනුපාතිකය සකසා ගන්න. ඉන්පසු එන සෑම මැතිවරණයක දීම එසේ ලැබෙන අනුපාතයට සන්ධානයක් ලෙස තරග කර නියෝජිතයින් පත්කර ගන්න. වඩා සාධාරණ ක්‍රමය මෙයයි.

:       0       1

Nimal ... Friday, 07 February 2020 07:13 AM

2/3 ඉල්ලන්න ඉස්සෙල්ලා o /L පාස් කරගෙන ඡන්දෙ ඉල්ලන්න කිව්වා නම් හොඳ නැද්ද?

:       0       1

isuru Friday, 07 February 2020 11:15 AM

කතාව ඇත්ත... එදා ලක්ෂ 15ක් තිබ්බට අද ලක්ෂ 6නෑ. ඒ ලක්ෂ 15න් ලක්ෂ 10ක් විතර දැන් ඉන්නේ ගරු ගෝඨාභය ජනාධිපතිතුමා සමගයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

‘‘ජනපති කෙලින් වැඩ කරන නායකයෙක් ‘‘ සජබ මන්ත්‍රී කියයි
2025 මාර්තු මස 14 547 1

ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත


රැකියා දෙන්න අල්ලස් ගත් යුවළක් මාට්ටු
2025 මාර්තු මස 14 245 0

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 167 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 815 1

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 402 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 404 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 223 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 518 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 250 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site