(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ වෙනසක් වහාම සිදුවිය යුතු බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඩුවෙල සම සංවිධායක ජී. එච්. බුද්ධදාස මහතා කොළඹදි අද (3) පැවැසීය.
බණ්ඩාරනායක ප‍්‍රතිපත්ති අගයන පක්ෂය ජයග‍්‍රහණය කරා මෙහෙයවන පුද්ගලයකු එහි නායකත්වය සඳහා පත්විය යුතු බවත් බුද්ධදාස මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැුකීමේ සංවිධානය කොළඹ මහජන පුස්ථකාලයේදි කැඳවූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
(ඡායාරූප - ඉෂාන් සංජීව)
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘ශ්‍රීලනිප නායකත්වයේ වෙනසක් සිදුවිය යුතුයි’
බන්දු Thursday, 03 January 2019 07:05 AM
ඔබව විතරක් නෙමේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂේත් විනාශ කරා. දැන් එයත් විනාශ වෙලා රටත් විනාශ කරගෙන යන්න හදන්නේ.
Sathya Thursday, 03 January 2019 07:08 AM
පවු. මේ අර නගර සභා මන්ත්රීකමවත් දිනාගන්න බැරිවුන බුද්ධදාස මහතා නේද? පක්ෂය දිනවන්න තම තමන්ගේ පළාත් පාලන ආයතනයවත් දිනවන්න ඕනි නේද? වැඩ බැරි ආසන සංවිධායකලත් අස් කරලා දැම්මොත් මොකද?
MaheeThursday, 03 January 2019 09:41 AM
ඒක නම් සහතික ඇත්ත. මෙයා අර උපවාසකාර මන්ත්‍රීත් එක්ක ජල්ලි අල්ල අල්ල ඉන්නවා මිසක් කඩුවෙලට නම් කරපු දෙයක් නෑ.
sam Thursday, 03 January 2019 07:20 AM
පක්ෂයට වින කරන කෙනාගේ රූපය හරියටම ඔලුව උඩින් තියාගෙන ඕක කියන්නේ නැතිව පොඩ්ඩක් එහාට වෙලා වත් කිව්වානම් තමයි හොඳ !
Sanka Thursday, 03 January 2019 09:40 AM
ශ්‍රීලනිප නායකත්වයේ වෙනසක් වහාම සිදුවිය යුතුයි.මොකද පොහොට්ටුවට ජැක් ගහල දැන් ශ්‍රීලනි පක්ෂයක් නැහැ. අනේ බණ්ඩාරනායකලා හදපු උත්තරීතර පක්ෂය විනාස කරපු හැටි. ඇත්තටම ඉදිරි ජනාධිපති මැතිවරණයේ ශ්‍රීලනිපයේ කව්ද අපේක්ෂකයා?
chathuri Thursday, 03 January 2019 11:17 AM
නායකයෙක් හොයන්න... බුදු අම්මෝ පිටරටින් ගෙනාවත් ලංකාවෙන් හොයන්න අමාරුයි.. කොන්ද පණ තියෙන, කිසිම දේකට කෑදර කමක් නැති, බුද්ධිමත්, අනුන්ව පවා නොදෙන, පිල් මරුනොකරන... මේ වගේ කෙනෙක්... මුහුදෙන් මඩ හොයනවා මීට හොඳයි. අලුත් අවුරුද්දේ. කාලේ කන්නේ නැතිව.
sirimal Thursday, 03 January 2019 11:29 AM
දුෂණය නවත්වනවායැයි පොරොන්දුවක් ලබාදී බලය ලබාගෙන ලංකාවේ තුන්වෙනි ධනවතා බවට නමක් ඇතිකරගෙන ඉන්නා කෙනෙක් පක්ෂය දියාරු වෙන එක ගැන කම්පාවෙයි කියල කොහොමද හිතන්නේ?
Nandalal DE SILVA - France Thursday, 03 January 2019 12:19 PM
ඒක ඉතින් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයනට පමණක් නොව, මුළු ශ්‍රී ලංකාවාසීන්ට මෙන්ම මුළු ලෝකවාසී, ප්‍රජාතන්ත්‍රවාදය අගයකරන ජනතාවට තේරුම් ගියේ ලොක්කා 2018 ඔක්තෝබර් 26දා කරපු ව්‍යවස්ථාවට එරෙහිව කරපු රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය බිහිවූදායි. මැදමුලන මහින්දත් එයාගේ චක්ගෝල රංචුවත් ශ්‍රීලනිපය අතහැර දමා පොහොට්ටුවට හේත්තුවුණු දිනය 1956 විප්ලවයේ අවසානය වූ බව විද්වතුන්ගේ මතයයි! ඒක කොහොම වුනත්, මැදමුලන ලොක්කා නම් හැමදාම කෙකර ගෑවේ, හැම ශ්‍රීලනි පාක්ෂික නායකයෙක්ම පක්ෂය හැරදමා ගියත් තමා අවංකවම පක්ෂය හැර නොදමා එය රැකගත් බවයි!!! මල්වට්ටි උස්සන්, පන්සල් හොය හොයා යන හැටි..
sampath Thursday, 03 January 2019 12:32 PM
මෙතුමා ජනාධිපති අපේක්ෂකයා කළානම් ප්‍රශ්නේ නරකද?
nilame Thursday, 03 January 2019 03:29 PM
මේ මිනිහට දැන් ගොක්කොළ පේනවා ? දවල් හීන...
Bamunuarachchi Monday, 07 January 2019 12:57 AM
වෙනසේ ආරම්බය හැටියට ඔබ වැන්නවුන් දේශපාලනයෙන් එලියට තල්ලු කර දැමිය යුතුය.