IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


ශ්‍රේෂ්ඨාධිකරණයේ ගින්න ගැන 70 දෙනෙකුගෙන් සාක්කි අරන්

 

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

කොළඹ අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේ ඉකුත් 15 වැනිදා ඇතිවූ ගින්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් උපරිමාධිකරණ සංකීර්ණයේයේ සිදුකරන විමර්ශන කටයුතු වලදී  මේවනවිට පුද්ගලයින් 70 දෙනෙකුගේ සාක්කි සටහන් කර ගෙන
ඇතැයි උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජනරාල් ඩබ්ලිව්.ඩී.එල්.සී වික්‍රමසිංහ මහතා ලංකාදීපයට අද (17) පැවසීය.

එසේම උපරිමාධිකරණ ගින්නෙන් එහි ඇති නඩු ගොනු වලට විශාල හානියක් සිදුවී ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් , එකදු නඩු ගොනුවකට කිසිදු හානියක් සිදුවී නැතැයිද උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
 
එම සිද්ධිය සම්බන්ධයෙන්  සිදු කෙරන පරික්ෂණ සම්බන්ධයෙන් ලංකාදීපයට අදහස් දැක්වූ මේජර් ජනරාල් ඩබ්ලිව්.ඩී.එල්.සී වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

"ඉකුත් 15 වැනිදා හදිසියේ ඇති වූ මේ ගින්න ඇති වී තිබෙන්නේ අබලි වායුසමීකරණ නල තොගයකට ගිනි ඇවිලීමෙන් බව පොලීසිය කළ මුලික පරීක්ෂණ වලදී තහවුරු වුනා.එම අබලි වලට ගිනි ඇවිලීමෙන් .ඒනිසා දුම් රොටු විශාල ප්‍රමාණයක් සංකීර්ණය පුරා පැතිරුණා. මේ සංකීර්ණයේ එකදු නඩු ගොනුවකට කිසිදු හානියක් සිදු වෙලා නැහැ.
ගින්නෙන් එහි ඇති නඩු ගොනු වලට විශාල හානියක් සිදුවී ඇතැයි සමාජ මාධ්‍ය වලින් පැතිරෙන කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍යයි. මෙම හදිසි ගින්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂණ පවත්වමින් සිටිනවා" යැයි ද හෙතෙම කීය.



අදහස් (0)

ශ්‍රේෂ්ඨාධිකරණයේ ගින්න ගැන 70 දෙනෙකුගෙන් සාක්කි අරන්

ඔබේ අදහස් එවන්න

දියත

මීනගයා ඇතුළු දුම්රිය කීපයක් අවලංගුයි
2024 ඔක්තෝබර් මස 18 178 0

කොළඹ -මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය හා හිගුරක්ගොඩ අතරදී අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ


නඩු භාණ්ඩ කාමරයේ මුදල් සොරාගෙන
2024 ඔක්තෝබර් මස 18 423 0

වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුබඩු කාමරයේ තිබූ රුපියල් දෙලක්ෂ පනස් පන්දහසක මුදලක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයි වාරියපොළ පොලිසිය පවසයි. අධි


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 7 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


උතුරු දුම්රිය මාර්ගයේ අලි අනතුරක්
2024 ඔක්තෝබර් මස 18 455 0

කොළඹ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක වන අලින් සිවුදෙනකු ගැටීමත් සමග එම දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇතැයි අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය පව


තැනින් තැනට සිහින් වැස්සක්
2024 ඔක්තෝබර් මස 18 46 0

උතුරු පළාතේ වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හමාස් නායකයා ඝාතනය: රටවල් රැසක් සතුට පළ කරයි
2024 ඔක්තෝබර් මස 18 2665 0

ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් සතුට පළ කර ඇත. යාහ්යා සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධි


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 616 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1553 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site