IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ශ්‍රේෂ්ඨාධිකරණය චීන පොහොර ගැන සහතිකයක් ඉල්ලයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

චීනයෙන් ආනයනය කරන ලද හානි කර ක්ෂුද්‍ර ජීවීන් අඩංගු බව කියන කාබනික  පොහොර  මෙරටට ගොඩ නොබාන බවට විෂයභාර  ඇමැතිවරයා අධිකරණයට  පොරොන්දුවක්  ලබා දීමට  සූදානම්දැයි යන්න විමසා දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය අද  (11) නීතිපතිවරයාට දැනුම් දුන්නේ ය.

මෙරටට කාබනික පෙහොර ආනයනය කිරීම වළකාලන අතුරු නියෝගයක් සහ රිට් ආඥාවක්  නිකුත් කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය සහ  එහි නිලධාරීන්  පිරිසක්  ගොනු  කළ රිට් පෙත්සම  කැඳවූ අවස්ථාවේදී  මෙම දැනුම් දීම කරන ලදි.

සෝභිත රාජකරුණා සහ  ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි .

එහිදී පෙත්සම් කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා සදහන් කලේ චීනයේ  කුවන්ඩෝ සමාගමෙන් ආනයනය කර ඇති බවද ඒවා පරීක්ෂා කිරීමේදී පසට හානිකර ක්ෂුද්‍ර ජීවීන් අඩංගු බවට අනාවරණය වූ බවය.

එම ජීවීන්  මෙරට පසට  එක් වුවහොත්  විශාල හානියක් වන බවට පරිසර විද්‍යාඥයින් අනතුරු ඇඟවීම් කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

එම පොහොර  තොගය මෙරටට ගොඩබෑමට  ඉඩ නොදීමට රජය තීරණය කර ඇතිබව  අතිරේක සොලිසිටර් සුසන්ත බාලපටබැදි මහතා සඳහන් කළේය.

එසේවුවද  එම පොහොර  තොගය  කුමන මොහොතක හෝ  මෙරටට ගොඩ බෑමේ තර්ජනයක් තිබෙන බව නීතීඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා සදහන් කලේ ය.

එහිදී  විනිසුරු මඩුල්ල අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා ගෙන් විමසා සිටියේ මේ සම්බන්ධයෙන්  විෂයභාර අමාත්‍යවරයා ට අධිකරණය හමුවේ  පොරොන්දුවක් ලබා දිය හැකි ද යන්න ය.

ඒ පිළිබඳව  උපදෙස්  ලබා ගෙන  දැනුම් දීමට  අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා  එකග විය.

ඒ අනුව  පෙත්සම දෙසැම්බර් මස 08වැනිදා කැඳවීමට අධිකරණය තීරණය කළේය.

පාරිසරික යුක්ති කේන්ද්‍රය,එහි  අධ්‍යක්ෂක සහ ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ  හා එහි විධායක අධ්‍යක්ෂක  පී.කේ.දිලේනා  ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා , රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා , කෘෂිකර්ම අධ්‍යක්ෂක ජනරාල් , නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

" මෙන්  කාබනික පොහොර ටොන් 96,000 ක්  මෙරටට ආනයනය කළ අතර එම පොහොර පරීක්ෂා කිරීමේදී  පසට හානි කර ක්ෂුද්‍ර ජීවින් ඇති බව තහවුරු වී ඇත.ඉදිරියේදී මුහුදු වල් පැළැටි වලින් නිර්මාණය කරන කාබනික පොහොර ලංකාවට දිගටම ලබා දෙන බවට මෙම සමාගම බලධාරීන්ට පොරොන්දු වී ඇති බව පෙත්සම්කරුවන් කියයි.

ජාතික පාරිසරික පනතේ විධි විධානයන් උල්ලංඝනය කරමින් කාබනික පොහොර ලංකාවට ගෙන්වන පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට පොලිස්පතිවරයාට පියවර ගන්නා ලෙසට බල කරමින් මැන්ඩාමුස් රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කාර සංවිධානය  සිය පෙත්සම මගින් ඉල්ලා ඇත.

 රවීන්ද්‍රනාත් දාබරේ මහතා    සහ නිල්මල්  වික්‍රමසිංහ යන නීතිවේදීහූ  පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

 



අදහස් (1)

ශ්‍රේෂ්ඨාධිකරණය චීන පොහොර ගැන සහතිකයක් ඉල්ලයි

Nuwan Thursday, 11 November 2021 04:48 PM

අන්න ශශී පුතාගේ තුන්වැනි පාර්ශවයේ වාර්තාව ඇවිල්ලා ... හැබැයි ඒ පරීක්ෂණෙත් කරලා තියෙන්නේ චීනයේ තියෙන කම්පැණියකින්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 21 0

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 600 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 174 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 182 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 717 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 236 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site