IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


‘‘ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව රාජපක්ෂලාගේ ආණ්ඩුවට දරුණු පරාජයක්‘‘

(අංජුල මහික වීරරත්න)

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව රාජපක්ෂ රජයේ දරුණු පරාජයක් පෙන්නුම් කරතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දුන් තීන්දුව හරහා අධිකරණය බලය බේරා ගැනීමට සහ මැති ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් ප්‍රමුඛ ව්‍යවස්ථාදායකය ආරක්ෂා කර දීමට පියවර ගෙන ඇතැයි ද  රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ කරුණු සඳහන් කළේ සූම් තාක්ෂණය ඔස්සේ කොළඹ සිට එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ පැවැති සාකච්ඡාවේදීය.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ගත යුතු පියවර දැනුම් දීමට සාකච්ඡාව සංවිධාන කර තිබිණි.

ශ්‍රී ලංකාව මුල් කරගනිමින් කලාපයේ මූල්‍ය මධ්‍යස්ථානය ඇති වනවාට කැමැති වුවද රාජපක්ෂ පාලනය යටතේ ඉන්දියානු ව්‍යාපාරිකයන් වරාය නගරයට නොඑන හෙයින් ශ්‍රී ලංකාවේ පොට් සිටිය චීනයට විශාල පාඩුවක් වනු ඇතැයිද‘‘ රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසා පැය විසිහතරෙන් හෝ සුමාන දෙකෙන් හෝ කිසිදු  අයෙකුට වරාය නගරයේ ආයෝජන කටයුතු සඳහා අනුමැතිය නොලැබෙනු ඇතැයි‘‘ ද රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.

වරාය නගරයේ සියලු බලතල එකවර ගැනීමට දැරූ අත්දැකීමෙන්, පළපුරුද්දෙන් තොර වෑයම නිසා රජය මේ දරුණු පරාජයට මුහුණ දුන්නැයි ද, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවැසීය.

 



අදහස් (19)

‘‘ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව රාජපක්ෂලාගේ ආණ්ඩුවට දරුණු පරාජයක්‘‘

Rathne Wednesday, 19 May 2021 07:33 AM

ඊට කලින් තමුන්ගේ පක්ෂයෙන් පත්වූ එකම මන්ත්‍රී ධුරයට පාර්ලිමේන්තු යන එකෙක් යැව්වා නම් නේද හොඳ...?

:       19       55

nimalWednesday, 19 May 2021 10:56 AM

වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය මේ වනවිට රටේ සමස්ත ජනතාවම මහත් පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරමින් තිබේ. පාර්ලිමේන්තුවට එජාපයෙන් කිසිවකු පත්කිරීමෙන් පක්ෂයට හෝ රටට කිසිඳු සේවයක් වන්නේ නැත.

:       0       10

chandimaWednesday, 19 May 2021 01:00 PM

ඇම්ඩා බලන්නේ වෙලාව බලලා ඇණේ ගහන්න.

:       1       2

Rata PerataWednesday, 19 May 2021 05:13 PM

දැන් තමයි යහපාලනය කියපු තරම් කළු නෑ කියලා තේරෙන්නේ.

:       0       0

Cisco Wednesday, 19 May 2021 07:43 AM

ඔයාගේ කාලේ හදපු පනතම නේද මේ?

:       25       25

Raveendra Wednesday, 19 May 2021 07:48 AM

"රාජපක්ෂලාගේ ආණ්ඩුවට දරුණු පරාජයක්" කියමින් "රනිල්ගේ" පක්ෂය අති විශිෂ්ඨ ජයක් ලැබුවා ලෙස පෙන්වාදීමට සුත්තර පුංචා උපරිම උත්සාහයක් ගෙන ඇතිබවක් නම් හොඳින්ම පැහැදිලියි..

:       23       34

මුණසිංහ Wednesday, 19 May 2021 07:52 AM

ඔන්න ඕවාට තමයි අර කියමනක් තියෙන්නේ අනුන්ගේ ඇහේ පොල් කෙන්ද පේනවා කියලා. තමන්ගේ ඇහේ තියෙන පරාලේ දකින්නේ නැතිව. ඉස්සරවෙලා බලන්නකෝ තමනට වෙච්චි දේ ගැන...!!!

:       13       28

sarath Wednesday, 19 May 2021 07:56 AM

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසා පැය විසිහතරෙන් හෝ සුමාන දෙකෙන් හෝ කිසිඳු අයෙකුට වරාය නගරයේ ආයෝජන කටයුතු සඳහා අනුමැතිය නොලැබෙනු ඇත.

:       2       15

chandima Wednesday, 19 May 2021 08:00 AM

එහෙනම් ආයෙත් ඔලුව දාගන්න පුළූවන් වෙයි නේද? අනේ ඇම්ඩෝ දැන්වත් දේපළ දන්දීලා තපසට ගියා නම් නේද හොඳ?

:       16       23

Hiran Wednesday, 19 May 2021 08:16 AM

තමුන්ගේ කාලේ නම් ඔක්කොම අනිවාර්ය විශ්‍රාම යන්න තිබ්බා. මතකයි කරපු වින්නැහියවල් රටටම.. ඒකනේ ඇප නැතිවම ගෙදර යැව්වේ. විලි ලැජ්ජයි...

:       16       25

ගං කබරයා. Wednesday, 19 May 2021 08:21 AM

හීනෙන් දොඩවනවද කොහෙද? දොයි දොයි, දොයිය බබෝ... හම්බන්තොට වික්කා බබෝ... වෙන මොකවත් නෑනේ බබෝ... ජෙප්පොත් දැන් අඬයි බබෝ...!!! 

:       23       29

පොඩි මල්ලි Wednesday, 19 May 2021 09:26 AM

ඔහෙලා හම්බන්තොට විකුණලා චෙක් එක අරන් සෙල්ෆි ගහනකොට නම් අධිකරණ තීන්දු අාවේ නෑ.. අධිකරණෙන් ඇහුවෙත් නෑ... ඒ නිසා තමා දරුණු පරාජයක් ඔහෙට ලැබුණේ... මේ මනුස්සයා හොඳ දැනුමක් තියෙන මනුස්සයෙක් වුණාට මොනවද කරන්නේ කියන්නේ කියලා දන්නේ නෑ...

:       8       20

sam Wednesday, 19 May 2021 09:28 AM

බැංකු හොරා කරෙන් සහ මූණෙන් පෙනේ. මහ බැංකුව හොරාකාලා යාලුවට රට පැනලා යන්න උදව් කරපු අය යන්න.

:       14       20

gayan Wednesday, 19 May 2021 10:31 AM

මෙයා හිටියනං කරන්නේ මුළු පෝර්ට් සිටියම අවුරුදු 199ට දීලා ලොකු ගාණක චෙක් එකක් ගන්න එක...

:       2       8

Deepal Nirosh Wednesday, 19 May 2021 10:33 AM

අධිකරණ තීන්දුව යෝජක පාර්ශ්වයේ පරාජයක් බව ඇත්ත... අනේ ඉතින් දැන්වත් තමුන්ට හිමිවුණු එකම ජනවරම පිළිගෙන පාර්ලිමේන්තුවට යන්නකෝ... අන්න එතැනදි තමයි පවතින ආණ්ඩුව පරාජය කළ යුත්තේ... බොරුවට එළියේ කෑ ගහගහ ඉන්නේ නැතුව...

:       2       7

Sri Lanka Wednesday, 19 May 2021 11:27 AM

පැරදුණු නුඹලාටත් මාධ්‍යයෙන් අවස්ථාව දෙනවා කියන්නේ තනිකරම මුදලට කඩේ යාමක්... අන්තිම දවස් ටිකේ... පල්ලිවලට වෙලා ඉන්නේ නැතිව...

:       2       7

kapila Wednesday, 19 May 2021 11:34 AM

මොහු තවම සිතා සිටින්නේ තමන්ගේ පක්ෂයේ මන්ත්‍රී ගණන එකට බස්සවා ගැනීම මහා ජයග්‍රහණයක් කියායි.

:       2       9

Demuni Uduwara Wednesday, 19 May 2021 12:09 PM

රාජපක්ෂලාගේ බලාපොරොත්තු වලපල්ලට යන හැඩයි.

:       8       3

යාපා Wednesday, 19 May 2021 01:35 PM

අනේ ඉතින් ඔහෙත් අර අට පාස් විපක්ශ නායකයාගේ ගානටම වැටෙන්න හදනවනේ ගොන් කතා කියලා...

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 

දියත

පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 94 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 1086 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 311 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 159 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 103 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 778 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 736 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site