( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය විනිසුරු සේවයෙන් විශ්‍රාම යන බව අද ( 14 ) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නිවේදනය කෙරෙණි.
අද ශ්‍රේෂ්ඨාධිකරණ 502 ශාලාවේ ඊවා වනසුන්දර ,බුවනෙක අලුවිහාරේ සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරුවරු අසුන්ගත්හ.
එම විනිසුරු මඩුල්ල විනිසුරු ආසනවල අසුන් ගැනීමෙන් පසුව විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා නිවේදනය කර සිටියේ ඊවා වනසුන්දර විනිසුරුවරිය සිය වසර 40ක සේවා කාලයේ නිමවා අද දින විශ්‍රාම ලබන බවයි.මේ සම්බන්ධයෙන් ඇයට සුබපතන බවද විනිසුරු අලුවිහාරේ මහතා සඳහන් කළේය.
ඉන් පසුව නඩු කටයුතු සඳහා 502 අධිකරණ ශාලාවේ සිටි ජනාධිපති නීතිඥ ඊ කන ඊශ්වරන් මහතා විනිසුරු වනසුන්දර මහත්මිය වෙත සිය ප්‍රණාමය පුදකරන අතර වසර 40ක සේවා කාලය තුළ ඉටු කළ මෙහෙවර පිළිබඳව ඇගයීමට ලක්කරන බවද කියා සිටියේය.
වනසුන්දර විනිසුරුවරියට සුවදායි විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරන බවද ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය. සෙසු නීතිඥවරුන් ද විනිසුරු වනසුන්දර විනිසුරුවරිය වෙත සිය සුබ පැතුම් පළකර සිටියේය.
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව
ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.
වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර අද විශ්‍රාම ගනී
දිමුත් Friday, 14 December 2018 06:31 AM
ඉතින් අද විශ්‍රාම යන කෙනෙක් අද නඩුවකට පෙනී ඉන්නේ ඇයි?
sandy123Friday, 14 December 2018 07:29 AM
පැහැදිලි තර්කයක්...
ගල්කටස් Friday, 14 December 2018 09:49 AM
ඩෙප් අගවිනිසුරුතුමන්ගේ අවසන් දිනද දුමින්ද සිල්වාට මරණ දණ්ඩුවමක් ලබා දුන්නා අමතකද..?
irun Friday, 14 December 2018 07:21 AM
අපේ රටට බුදු සරණයි....
ගල්කටස් Friday, 14 December 2018 07:31 AM
අැයට ලැබිය යුතුව තිබූ අගවිනිසුරු තනතුර අාප්ප සිරා හා සමනළ රනිල් වැළැක්වීමත් අැය නඩුවලට පෙනී සිටිනවාට විරුද්ධව එ.ජා.ප කටයුතු කිරීමත් නිසා කළකිරීමකින් මෙම හදිසි තීරණය ගන්නට අැත. නීතිය කෙරෙහිද බහුතරයක් ජනයා තුළ විශ්වාසය බිඳ වැටෙමින් පවතියි. මතුදිනක එහි උචිතම අවස්ථාවන් දැකගත හැකිවනු අැත.
Bandara Friday, 14 December 2018 08:04 AM
රනිල්ට මෙච්චර දේවල් කරන්න පුළුවන්ද?
lal Friday, 14 December 2018 08:51 AM
ලංකා ඉතිහාසයේ අපකීර්තිමත්ම විනිසුරුවරියක්...
Buddika Friday, 14 December 2018 09:01 AM
අවසන් නඩුව මිත්‍රයට උදව් නොකර ඉඳීවිද?