IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ශ්‍රී පාද වන්දනා සමය ඇරඹේ

(හැටන් රංජිත් රාජපක්ෂ)                      
මෙවර ශ්‍රී පාද වන්දනා සමය උදුවප් පුර පසලොස්වක පොහෝ දිනය වන අද (22)  අලුයම යෙදුණු සුභ නැකතින් ආරම්භ කෙරිණි.

පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජ මහ විහාරස්ථානයේ සිට මාර්ග තුනක් ඔස්සේ ශ්‍රී පාද මළුව දක්වා වැඩම කර වු සාධාතුක කරඩුව සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රි පාද මළුව දක්වා අද අලුයම වැඩ කර  ශ්‍රී පාද පත්මය සුවද පැනින් දෝවනය කර ආගමික වතාවන් මධ්‍යයේ වැඩම කර  වු සධාතුක කරඩුව සමන්දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රි පාද මළුවේ තැන්පත් කිරිමෙන් අනතුරුව ශ්‍රි පාද වන්දනා සමය ආරම්භ විය.

ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පලාතේ ප්‍රධාන සංඝ නායක පැල්මඩුල්ල රජමහ විහාරස්ථානයේ විහාරාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදුවිණි.
ශ්‍රි පාද වන්දනා සමය ආරම්භ කල පළමු දිනයේම දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට සිල් සමාදම් විම සඳහා සහ ශ්‍රී පාදය කරුණා කිරිමට හැටන් මාර්ගය ඔස්සේත්, රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සේත් ශ්‍රි  පාදය කරුණා කිරිමට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණ සිටියහ.

ශ්‍රී පාද පත්මය පිහිටුවා වසර 2600 ක් සපිරිම නිමිත්තෙන් ශ්‍රි පාද වන්දනා සමය අවසන් වන තෙක්ම විශේෂ ආශිර්වාද පුජාවන් ගණනාවක් ශ්‍රී පාද උඩු මළුවේ පවත්වන බව ශ්‍රී පාදස්ථානාධිපති  හිමියෝ කියාසිටියහ.

පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහ විහාරස්ථානයේ සිට හැටන් මාර්ගය ඔස්සේ වැඩම කර වු සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ රැගත් රිය  පෙරහැරට හැටන් නගරයේදි පුෂ්ප උපහාර දැක්විමට ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන රැස්ව සිටියහ.

2018-2019 ශ්‍රි පාද වන්දනා සමයේදි හැටන් මාර්ගය ඔස්සෙත්, රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සේත් පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් පෙදු පහසුකම් රැසක් සලසා ඇති අතර, එසේ පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් විශේෂ ආරක්ෂිත වැඩපිලිවෙලක්ද පොලිසිය මගින් දියත් කර ඇත.

පොලිතින් සහ ප්ලාස්ටික් ඝන අපද්‍රව්‍ය වලින් තොරව ශ්‍රී පාදස්ථානය පූජනිය ස්ථානයක් සේ සලකා පරිසර හිතකාමි ලෙස ශ්‍රී පාදය කරුණා කරන ලෙස ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් සියළුම වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටියි.



අදහස් (1)

ශ්‍රී පාද වන්දනා සමය ඇරඹේ

Chinthaka Saturday, 22 December 2018 12:47 PM

සාදු ! සාදු!! සාදු!!!

:       24       221

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ලුණු මිල වැඩි වෙයි
2025 පෙබරවාරි මස 05 0 0

ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.


වී ගන්න කෝටි 500ක් වෙන්කරයි
2025 පෙබරවාරි මස 05 11 0

වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ


’’සහල් නිෂ්පාදකයෝ වී මිලට එකඟ නෑ’’
2025 පෙබරවාරි මස 05 274 0

ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ


’’වීවලට මිලක් දුන්නාට ආණ්ඩුවට ස්තූතියි’’
2025 පෙබරවාරි මස 05 268 0

ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි


’’නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා’’
2025 පෙබරවාරි මස 05 140 0

ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල


ග්‍රාමීය රෝහල් සංවර්ධනයට අත ගහයි
2025 පෙබරවාරි මස 05 173 0

රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 741 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site