IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ශ්‍රී ලාංකිකයන්ට කටාරයේ වැඩි රැකියා අවස්ථා

( තිළිණි ද සිල්වා)

ශ්‍රී ලාංකිකයින් සඳහා කටාර් රාජ්‍යයේ වැඩි රැකියා අවස්ථා ලබා දීමට එරට රජය අපේක්ෂාවෙන් පසුවන බව ශ්‍රී ලංකාවේ කටාර් තානාපති ජසින් බින් ජාබීර් ජසීම් අල් සොරූර් මහතා පැවසීය.

කටාර් තානාපති විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමුවී පැවති සාකච්ඡාවකදී මේ බව දැනුම් දී තිබේ.

කටාර් රාජ්‍යයේ ආර්ථික හා සමාජයීය සංවර්ධනය සඳහා ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවක ප්‍රජාව ලබා දුන් වටිනා දායකත්වය පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කළ කටාර් තානාපතිවරයා , ශ්‍රී ලාංකිකයින් සඳහා වැඩි රැකියා අවස්ථා ලබා දීමට ඔවුන් අපේක්ෂාවෙන් පසුවන බව ප්‍රකාශ කළේය.

ඒසේම දෙරට අතර ව්‍යාපාරික නියෝජිතයින්ගේ නිතිපතා හුවමාරු කරගැනීමෙන් වෙළෙඳ හා ආයෝඡන යන අංශ දෙකෙහිම අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක හවුල්කාරිත්වය තවදුරටත් ව්‍යාප්ත කිරීමට පහසුකම් සැලසෙන බව අමාත්‍යවරයා සහ කටාර් තානාපතිවරයා මෙහිදී කරුණු සාකච්ඡා කළහ.

 



අදහස් (7)

ශ්‍රී ලාංකිකයන්ට කටාරයේ වැඩි රැකියා අවස්ථා

රට විරුවන්ගෙ ආරක්ෂාව Monday, 30 August 2021 10:29 AM

මේ ආකාරයට සාකච්ඡා කිරීමෙන් විදේශ විනිමය ගෙන ආ හැකි බව ඇත්ත. ඒත් ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පිළිබඳ නීති රීති මෙන්ම ගුණාත්මක සේවයක් දියහැකි ශ්‍රමිකයින් පමණක් යැවීමට විදේශ ප්‍රතිපත්ති හා නීති විශේෂඥයින්ගේ උපදෙස් ඇතිව රටවල් අතර අන්‍යෝන්‍ය එකඟතාවයකට ඒමත් වැදගත්... වංචනික ඒජන්සි, වැඩ බැරි නුපුහුණු සේවකයින් යැවීමත් මින් වැළකේවි...

:       0       4

ධෑන් Monday, 30 August 2021 10:51 AM

අපිව විකුනලා, උබලා ජොලියෙ හිටපන්

:       0       7

Shantha - Qatar Monday, 30 August 2021 11:10 AM

හොඳ අවස්ථාවක් .මේකෙන් ප්‍රයෝජනය ගන්න රජය මැදිහත් වෙලා කටයුතු කෙරුනොත් වැඩි විනිමයක් උපයා ගත හැකි වේවි .කටාර් රජය ශ්‍රී ලාංකිකයන්ට වැඩි කැමැත්තක් දක්වනවා .විශේෂයෙන්ම ඉදිකිරීම් ආයතන සහ වාහන අලුත් වැඩියා කිරීම් අංශයෙන් .කටාර් ගුල්ෆ් රටවලින් නිදහස්ම ,සහ හොඳ ගෙවීම් කරන සාමකාමී රටක් .කොවිඩ් හමුවේ ඔවුන් විදේශිකයන්ට දැක්වූ සේවය, ගරු කල යුතුයි .

:       2       9

ganegoda Monday, 30 August 2021 01:49 PM

සංවර්ධනය වෙමින් පවතින රටක ගැහැණු පිරිමි රට පටවන්නේ නැහැ නේද? මේකටද සංවර්ධනය කියන්නේ>

:       4       3

Kumari Monday, 30 August 2021 02:46 PM

නියමයි

:       0       0

wije Monday, 30 August 2021 04:02 PM

පවුලේ දූදරුවන්ට කන්න, බොන්න දෙන්න බැරිවෙනකොට බැලමෙහෙවරකමට දෙනවා වගේ ආණ්ඩුව අපිට කරන්නෙත් ඒකම තමයි. අර රට යවනවා කියන සීනිබෝල වචනය භාවිතාකරමින් අපිව විකුණාගෙන කනවෝ...!!!

:       1       3

Don Tuesday, 31 August 2021 01:44 AM

දැන් මෙහෙම ගිහින් ඡන්දෙ ලං වෙද්දි ගෝනි බිල්ලො මවමු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

විපක්ෂයේ හැමෝම සජිත්ගේ නිවෙසට
2025 පෙබරවාරි මස 05 25 0

පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත


ලසන්ත ඝාතනය ගැන නීතිපති මතය අධ්‍යනයට
2025 පෙබරවාරි මස 05 302 0

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය


USAID සේවකයන්ට අනිවාර්ය නිවාඩු
2025 පෙබරවාරි මස 05 142 0

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රී ලංකා කාර්යාලයට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබූ සේවකයන් හෙට (07) රාත්‍රී 11.59 සිට පඩි සහිත අන


ගම් - නගර එකට සංවර්ධනය කරන්න ව්‍යාපෘතියක්
2025 පෙබරවාරි මස 05 198 0

ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුකර උණෙන් ඌරන් 1600ක් මැරිලා
2025 පෙබරවාරි මස 05 173 0

රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ


බදුල්ලේ විස දුමක්: මුඛ ආවරණ පළදින්න
2025 පෙබරවාරි මස 05 375 1

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 769 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site