IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


ශ්‍රී ලාංකික කාන්තාවන් ක්වේටයේ රෝහල්වල අසරණව

(විනීතා එම් ගමගේ)


ක්වේට් හි රෝහල් ගතව සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු සේවය කළ නිවෙස්වලින් ආපසු භාර නොගැනීම නිසා මාස 10 තිස්සේ  කසූර් නගරයේ සභා ටීබී දෙරන් රෝහලේ රැඳී සිටිති. මේ අතර සභා ටී බී දෙරන් රෝහලේ තවත් ශ්‍රී ලාංකිකයන් සිටින බවත් දැඩිසත්කාර ඒකකයේ සිටි කාන්තාවක් මිය ගිය බවත්, කොළඹ පදිංචිකාරියක වන තවත් කාන්තාවක්  මේ වනවිටි දැඩි සත්කාර ඒකකයේ සිටින බවත් ඔවුන් බලන්න්ට කිසිවෙකු නොඑන බවත් කීවාය.

නිවෙස් වලින් බාර නොගත් දෙදෙනාගෙන් අයෙක් ගිරිඋල්ලේ පදිංචිකාරියක වන අතර අනෙක් කාන්තාව පොලොන්නරුවේ පදිංචිකාරියකි.  ගෘහ සේවිකාවන් ලෙස සේවය කර ඇති ඔවුන් දෙදෙනා නැවත කැඳවාගෙන යන ලෙස රෝහලෙන් සේවා ස්ථානවලට දන්වා ඇතත් එකී නිවෙස් හිමියන් ඔවුන් කැඳවාගෙන යාම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔවුහු අසරණ වී සිටිති.

මේ සම්බන්ධව ලංකාදීපයට අදහස් දැක්වු  කාන්තාවක් මෙසේ කීවාය.

‘’මම දැනට ඉන්නේ කුවේට් ටීබ් දෙරන් ඉස්පිරිතාලෙ. දැන් මාස 11 වෙනවා තානාපති කාර්යාලයට කෝල් ගත්තට උත්තර දෙන්නේ නෑ.  කිහිප වතාවක් කතා කලාට පස්සේ මහත්තයල දෙන්නෙක් ආවා. ඒ ආවෙත් මම එල්ලිල මැරෙනව කිව්වාට පස්සේ. ඒ මහත්තයල අපට සබන් කුඩු පැකට් දෙකයි,  පොඩි නුඩ්ල්ස් පැකට් දෙකයි, පොඩි සබන් කැට දෙකයි, සනීපාකර්ෂක තුවා පැකට් එකයි සුවද විලවුන් එකකුයි අත් සේදුම් දියර බෝතලකුයි අරන් ආවා. ඒව දීල පොටෝ ගහගෙන ගියා. ඒව ටීවී එකේ දැම්ම කියල ලංකාවෙ අය කිව්වා.

මම ගෙදරක වැඩ කලේ ඒ ගෙදර අය මේ ඉස්පිරිතාලෙට ගෙනත් දැම්මා බලන්නවත් අවෙ නෑ කන්න මෙහෙන් දෙනවා. එත් සබන් දත් බේත් ටිකක් නෑ. කවුරුවත් අපි ගැන බලන්න එන්නෙ නෑ මගේ මහත්තයා නෑ ලමයි දෙන්නගෙ වියදම්වත් යවන්න විදිහක් නෑ. මේ මාස 11 පඩි නෑ අපි මෙහෙ අසරණයි. මගේ සේවා ගිවිසුමේ සේවා කාලය පහුගිය ජුලි මාසෙන් අවසන් වුණා“ යයි ඇය කීවාය.

අනෙක් කාන්තාව පුතුන් දෙදෙනෙකු ගේ මවකි. 2018 මාර්තු මාසයේ ‍එරට සේවයට ගිය ඇගේ සේවා කාලය ද ඉකුත් මාර්තු මාසයේ අවසන් වූයේ ඇය රෝහල්තතව සිටිය දීය. ඇය ද රෝහල් ගතව ඇත්තේ ඉකුත් ජනවාරි මාසයේ දීය.

‘’අපි රටට කරපු වැරැද්දක් නැහැ. රටට සල්ලි උපයල දීපු මිනිස්සු අපි. අනේ මැරෙන්න  ඉස්සර අපිව අපේ දරු පැටවු බලන්න උපන් රටට යවන්න කියලයි අපි ඉල්ලන්නේ.”  යැයි අනෙක් කාන්තාව කීවාය.



අදහස් (3)

ශ්‍රී ලාංකික කාන්තාවන් ක්වේටයේ රෝහල්වල අසරණව

Raveendra Sunday, 22 November 2020 11:34 AM

විදේශ රටවල විශේෂයෙන් මැදපෙරදිග වහල් සේවයට ගිය ඒ අපේම සහෝදර සහෝදරයන් විඳිනා අපාදුක් අප රටේ ජීවත්වන පුරවැසියන්ට නිසි ලෙස නොපෙනීම අවාසනාවකි, කණගාටුවකි.

:       0       0

ජගත් Sunday, 22 November 2020 01:43 PM

මැදපෙරදිග ගෘහ සේවිකාවන් යවන එක නවත්තලා දාන්න බැරිද? නවත්තලා දාන්න ඕනි නෑ... හිඟන පඩි වලට මේ අය යන්නේ මොකටද..? ලෙඩ තියාගෙන අවු 45/50 පැනපු අයත් යනවා. පිස්සුද..? මේ පාර නම් සේරටම හොඳ මට්ටුව වුනේ.. රට යනවා නම් ගොඩ එන්න බලාගෙන හොඳ පඩියකට යන්න ඕනෑ. නැත්තම් නොගිහින් ඉන්න ඕනෑ.

:       2       3

de silva Monday, 23 November 2020 09:04 AM

ඔබලාට විසඳුම් දෙන්න රජය අසමත්... සර් ෆේල්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

දියත

දොස්තරවරියට අතවර කළ සැකකරු අල්ලයි
2025 මාර්තු මස 12 104 0

අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.


ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 963 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 223 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1650 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 2054 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 262 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 201 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site