(තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකන් ගුවන් සේවය හෙට (06) සිට චීනයට සඳහා ගුවන් ගමන් වාර අඩු කිරීමට තීරණය කර ඇත.
මේ දක්වා කොළඹ සහ චීනය අතර සතියකට ගුවන් ගමන් 15 ක් ක්‍රියාත්මක වූ නමුත් හෙට (6) සිට එය ගුවන් ගමන් 7 ක් දක්වා අඩු කර තිබේ.
ඒ අනුව ගුවන් ගමන් වාර සංශෝධනය කිරීම හෙට (6 ) සිට මාර්තු 28 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවය චීනයේ බීජිං, ෂැංහයි සහ කැන්ටන් යන නගර තුනකට සේවා සැපයන අතර, බීජිං වෙත සතිපතා ගුවන් ගමන් වාර 4 සිට 2 දක්වාත්, ෂැංහයි වෙත ගුවන් ගමන් වාර 4 සිට 2 දක්වාත් කැන්ටන් වෙත ගුවන් ගමන් වාර 7 සිට 3 දක්වාත් අඩු කෙරෙන බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
කොරෝනා වයිරසය පැතිර යාමෙන් පසු විදේශ ගත වන චීන සංචාරකයින්ගේ සංඛ්‍යාව සැළකිය යුතු ලෙස අඩුවීමත් වර්තමාන මගී ඉල්ලුම මත එරට නගර කිහිපයකට ගුවන් ගමන්වාර තාවකාලිකව අඩු කිරීමටත් කටයුතු යෙදූ බව එම ගුවන් සමාගම සඳහන් කරයි.
මේවන විටත් ඉල්ලුම පහත වැටීම හේතුවෙන් බොහෝ ගුවන් සමාගම් මේ වන විටත් චීනය වෙත ගුවන් ගමන් වාර අඩු කර ඇති අතර, චීන රජය විසින් එරට පුරවැසියන්ගේ විදේශ සංචාර සඳහා සීමාවන් පැනවීම ඊට හේතුව යැයිද එම සමාගම කියා සිටී.
එසේම කොළඹ සහ චීනයේ නගර කිහිපයක් අතර ක්‍රියාත්මක වන චීන ගුවන් සමාගම් හතරක් ද මෙලෙස සිය ගුවන් මෙහෙයුම් සීමා කර ඇති බවද එම සමාගම පෙන්වා දේ.
කොළඹ-අබුඩාබි වෙත පුළුල් බඳ සහිත ගුවන් යානා ඉහළ නැංවීම, ගුවන් යානා කිහිපයක නියමිත නඩත්තු කටයුතු ඉදිරියට ගෙනයාම ඇතුළු අනෙකුත් කලාපවල ධාරිතාව ඉහළ නැංවීම සඳහා මෙලෙස චීනයේ මෙහෙයුම්වලින් ඉවත් කරන ගුවන් යානා යෙදවීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු යොදා ඇත.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට පෙර ලබාදුන් අනුමැතීන්ට අනුව කටයුතු කිරීමට රජය කැමැත්තෙන් පසුවන්නේ නම් නැවතත් මෙගා වොට් 484 ක පුනර්ජනනීය බලශක්
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ශ්රී ලංකන් ගුවන් සේවය චීන ගුවන් ගමන් හෙට සිට සීමා කරයි
de silva Wednesday, 05 February 2020 02:20 PM
ඔය ගුවන් ගමන් සම්පූර්ණයෙන්ම නවත්වලා දමන්න.. ඔයවගේ දැන් මගියෝ 20% වත් යන්නේ නැති නිසා... පාඩු පිට දුවන්න වෙන්නේ.. අනිත් එක වෛරස් එක පැතිරීමේ විශාල අවධානමකුත් තිබෙනවා. ඕකේ යන ගුවන් සේවිකාවකට වැරදිලාවත් වෛරස් එක අසාධනය වුණොත් සතිදෙකක් තුළ නොදැනීම ඔවුන් යන හැම ගුවන් යානයකම ගමන් කරන මගීන්ට ඕක හැදෙන්න පුළුවන්...
lanka Wednesday, 05 February 2020 03:07 PM
පුළුවන් නම් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරීන් සහ පවුල්වලට නොමිලේ ලැබෙන ගුවන් ටිකට් පත් ටික චීනයට හරවලා ඔක්කොම ටික වූහාන් වලට ගිහින් දාන්නලා...