(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවට අවේනික සහ දුර්ලභ නෙළු ශාක විශේෂයක් බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයෙහි වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නාවලකන්ද වනාන්තර පද්ධතියට යාබද වූ ගුලවිට උතුර ග්‍රාමසේවා වසමෙන් හමු වී ඇත.
Strobilanthes rhytisperma යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම නෙළු ශාක විශේෂය 1867 වසරේ දී මධ්‍යම පළාතෙන් සහ 1971 වසරේ දී කළුතර දිස්ත්‍රික්කයේ රන්වල කැලේ රක්ෂිතය තුලින් හමු වී ඇති බව පර්යේෂණ සටහන් තුල සඳහන් වී ඇතත් මේ වන විට එම ශාකය සජීවීව පවතින ස්ථානයක් සොයා ගත නොහැකි බව වාර්තා වේ.
පරිසර ගවේශකයෙකු වන පේශල පසන් කරුණාරත්න මහතා විසින් මෙම ශාකය වලල්ලාවිට ප්‍රදේශයේදී සොයාගෙන ඇති අතර ඉන්පසු ශාක විශේෂ පිළිබඳ විශේෂඥයකු වන හිමේෂ් දිල්රුවන් ජයසිංහ, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ශාක විශේෂ පිළිබඳ පර්යේෂණ කරන රේණුකා නිලන්ති රාජපක්ෂ සහ නුවන් චතුරංග ජයවර්ධන යන මහත්ම මහත්මීන් විසින් කළ නිරීක්ෂණ මගින් මෙය නෙළු ශාක විශේෂය බවට තහවුරු කර ඇත.
ඒ අනුව මෙම ශාක විශේෂය වාර්තා වී ඇත්තේ වසර 50කට පමණ පසු වන අතර, 2020 රතු දත්ත ලේඛනයට අනුව දැඩි ලෙස තර්ජනයට ලක් වූ ශාකයක් ලෙස මෙම ශාක විශේෂය නම් කර ඇතැයි පේෂල පසන් කරුණාරත්න මහතා පැවසීය.
නෙළු යන නාමයෙන් පොදුවේ හඳුන්වන Strobilanthes ගණයට අයත් ශාක විශේෂ 450ක් ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික සහ ඕස්ටේ්‍රලියානු කලාපවලින් වාර්තා වී ඇති අතර ඉන් විශේෂ වාර්තා වන අතර ඉන් විශේෂ 27ක් මෙරටට ආවේනික විශේෂයන් බවත් ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ශ්රී ලංකාවට අවේනික -දුර්ලභ නෙළු ශාක විශේෂයක් වසර 50කට පසු හමුවෙයි