‘කොවිඩ්-19’ වයිරස වසංගතය මධ්‍යයේ මහ මැතිවරණය පැවැත්වීමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් බව පෙනී යන්නේ යැයි ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා කොළඹදී පැවැසීය.
අරලිය ගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවෙමින් ජපාන තානාපතිවරයා ඒ බව කීවේය.
ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවලට සරිලන පරිදි සහාය සැලසීමට හැකි බව ජපාන තානාපතිවරයා මෙහිදි සහතික විය.
ශ්‍රී ලංකාව සහ ජපානය අතර දීර්ඝකාලීන ද්විපාර්ශවීය සබඳතා තවදුරටත් ඉහළට ඔසවා තැබීමට පියවර ගන්නා බව ද හෙතෙම මෙහිදි කීය.
මහ මැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණයට සහ නැවත වරක් අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම සම්බන්ධයෙන් සුබපැතුම් එක් කරන බවත් කොළඹ ජපාන තානාපතිවරයා කීවේය. ජපාන තානාපතිවරයා මෙහිදි ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ සහ ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැගීම, පුනරුත්ථාපනය සහ නැවත ගොඩනැගීම පිළිබඳ ජපාන රජයේ නියෝජිත යසුෂි අකාෂි යන දෙපළගේ සුබපැතුම් සහිත ලිපි දෙකක් ද අග්‍රාමාත්‍යවරයාට පිරිනැමීය.
ජපාන තානාපතිවරයා, නව ආණ්ඩුවේ ප්‍රමුඛතා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා පැවැත්වූ අතර ශ්‍රී ලංකාවේ සියලු දෙනාට පිරිසුදු පානීය ජලය ලබාදීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරයා මෙහිදි පෙන්වාදුන්නේ ය.
යටිතල පහසුකම්, ජලය, අප ජලය කළමනාකරණය, කෘෂිකර්මය, මානව සම්පත් සංවර්ධන සහ ත්‍රස්තවාදය පිටුදැකීම යන අංශවලින් ද ජපානය, ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කරන බව ජපාන තානාපතිවරයා, අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළේය.
‘කොවිඩ්-19’ වයිරස වසංගතයෙන් පසු කාලය සැලකිල්ලට ගැනීමේදී ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නඟා සිටුවීමටත් ශ්‍රී ලංකාවට ජපාන ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමටත් සහාය දීමට ජපානය සූදානම් බව ද තානාපතිවරයා, අග්‍රාමාත්‍යවරයාට දැනුම් දුන්නේ ය.
ශ්‍රී ලංකාව සහ ජපානය අතර දීර්ඝකාලයක් මුළුල්ලේ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නව ආණ්ඩුව සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ජපානය ඇප කැපවී සිටින බවත් තානාපතිවරයා තවදුරටත් කීය.
055
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය
ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ
බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘ශ්රී ලංකාවේ අවශ්‍යතාවලට සරිලන පරිදි ජපානය සහායදෙනවා’