(කාංචන කුමාර ආරියදාස)
පසුගිය රජය විසින් මෙරට ඉඩම් ඇමරිකානු සමාගමක් සම්බන්ධ කොට මැනුම් ගත කිරීමට සහ සිතියම් ගත කිරීමට ගිය බවත්, එය නවතා මෙම රජය කොරියානු සමාගමක් සමඟ එම ක්‍රියාවලියම සිදුකිරීම සඳහා අවශ්‍ය පිඹුරුපත් සකසමින් සිටින බවත් රජයේ මිනින්දෝරු සංගමය අද (09) දඹුල්ලේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හෙළිදරව් කළේය.
රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමින්ද බණ්ඩාර උඩුගොඩ මහතා කියා සිටියේ මෙම තීරණය ඇතුළු යෝජනා තිස් දෙකක් මේ වන විට රජයට සහ ඉඩම් අමාත්‍යවරයාට ලබාදී ඇතත් කිසිදු ප්‍රතිචාරයක් නොමැති බවය. මිනින්දෝරු සංගමය අද සහ හෙට (10) නිවාඩු දමා වෘතීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කොට තිබෙන බවත්, මේ සම්බන්ධයෙන් බලධාරීන් අවධානය යොමු නොකරන්නේ නම් ඉදිරියේදී රටේම මිනින්දෝරු සංගමය දැඩි ක්‍රියා මාර්ගයකට එළඹෙන බවත් ය.
දේශීය මිනින්දෝරුවරුන්ට කිසිදු යටිතල පහසුකම් ලබා නොදී උපරිම සේවාවක් ලබා ගැනීම සදහා උත්සාහ කරන බවත් එසේ උත්සාහ කළද සේවා තෘප්තිමත්ව සිදුකිරීම සඳහා අවශ්‍ය පරිසරයක් නොමැතිව ඉතා සූක්ෂම ලෙස මෙරට මැනුම් කටයුතු කොරියානු සමාගමකට පැවරීමට උත්සාහ කරන බවද නිලධාරීහු චෝදනා කරති.
පසුගිය රජය ඇමරිකාව එක්ව මෙරට ඉඩම් මැනුම් ගත කිරීමේ ක්රියාවලිය සහිත ලේඛණයේ මුල් පිටුව හා රට පමණක් වෙනස් කොට එම කාර්යම සිදු කරන්නට යන බවත්, සිදු කරන්නට යන ක්‍රියාවලිය පිළිබධව මැනුම්පතිනිය වහා රටට හෙළි කළ යුතු බවත් අවධාරණය කළේය.
මේ අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු විෂයභාර අමාත්‍ය එස්.එම්. චද්‍රසේන මහතාට දුරකතන ඇමතුමක් ලබාගෙන මිනින්දෝරු සංගමය නගන චෝදනාව පිළිබඳව විමසීමේ දී කියා සිටියේ එවැනි දෙයක් තමා නොදන්නා බවය.
පසුව මාධ්‍ය හමුවේ වාඩිවී සිටි සභාපතිවරයාට දුරකථන ඇමතුම සම්බන්ධ කරදුන් අතර දෙදෙනා අතර සාකච්ඡා වූයේ ඇමතිවරයා මේ බව නොදන්නා බවය. රටේ ඇති තත්වය සලකා බලා වැඩ කරන්නැයි අමාත්‍යවරයා මිනින්දෝරු සංගමයට අවවාද කරද්දි දිගින් දිගටම මිනින්දෝරු සංගමය කියා සිටියේ කාලයක් තිස්සේ සාකච්ඡාවක් ඉල්ලුවද එය නොලැබුණු බවය.
චන්ද්‍රසේන අමාත්‍යවරයා කියා සිටියේ තමන් ගෙන් එවැනි ඉල්ලීමක් සිදුකර නැති බවය. ඒ අනුව හෙට දින 11.00 ට සාකච්ඡාවට පැමිණෙන්නැයි අමාත්‍යවරයා එම සංගමයට මාධ්‍ය හමුවේදීම දැනුම් දුන්නේය.
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ
ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්
ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ශ්‍රී ලංකාවේ ඉඩම් මැනීම කොරියානු සමාගමකට දෙන්න යයි
Demuni Uduwara Tuesday, 09 March 2021 06:25 PM
අපේ රට ද චීනය විසින් පවරා ගනු ඇත. මෙම අනුපාතයට අනුව එය ආසන්නයි.
Paala Tuesday, 09 March 2021 11:44 PM
ඔයාලා හොරා කකා අයිස් ගහ ගහ ඉන්නේ නැතිව හරියට වැඩ කරනවා නම් ඔහොම වෙන අයට දෙන්න වෙන්නේ නෑනේ...