IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැඹුරු අගාධයක

 

(සැකසුම - දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව (12,400) ලබාගත් කුමාර් සංගක්කාර පවසන පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැඹුරු අගාධයක වැටී තිබේ. අද ආරම්භ වූ ශ්‍රී ලංකා - එංගලන්ත පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 135 කට දැවී යාම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සංගක්කාර එසේ කියා සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිහරඹය විවේචනය කළ නමුත් ඔහුගේ වදන් අතර අනුකම්පාව තරමක් දුරට රැඳී තිබිණ. සංගක්කාර කියා සිටියේ මෙම ප්‍රශ්නය ශ්‍රී ලංකා පිතිකරුවන් කරපින්නාගෙන එකක් බවයි. ශ්‍රී ලංකාවේ පළමු පෙළ තරග සැකැස්ම විසින් වඩාත් හොඳ පිතිකරුවන් නිර්මාණය නොකරන හෙයින් මෙවන් තත්ත්වයක් ඇතිවී තිබෙන බවද සංගක්කාර මහතා කීවේය.

“ඒක හරිම දුර්වල පිතිහරඹයක්... ”

“ඕනෑම ඉනිමක් ගත්තොත්, පිතිකරුවන් එක්කෙනෙක් හෝ දෙන්නෙක්, දුර්වල පහර වලින් දැවී යනවා. සමහර වෙලාවට ‘මෝඩ පහරක් ගහලා අවුට් වුණා’ කියලත් අපි කියනවා.... ඒත් හැම දෙනාම වාගේ එකම වැරැද්ද කරන්න, ඇරත් මේ වගේ වැදගත් කමක් තියෙන පළමු ඉනිමේදී එහෙම වුණ එක නම් ඉතාම කණගාටුදායකයි” යයි ලෝ ප්‍රකට ද ක්‍රිකටර් සඟරාවට අදහස් දක්වමින් සංගක්කාර කියා සිටියේය.

1921 දී ආරම්භ කරන ලද ‘ද ක්‍රිකටර්’ සඟරාව මේ වසරේදී වසර 100 සම්පූර්ණ කරයි.

“තරගයට යන්න ඉස්සරවෙලාම පෙනුණු දෙයක් තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු ලයිස්තුවම ටෙස්ට් තරගයක් සඳහා මුහුණ දෙන්න තරම් සංවිධිත තත්ත්වයක නෑ කියන එක.... ඔවුන්ගේ ක්‍රියාකාරකම්, නැත්නම් තාක්‍ෂණය සම්බන්ධයෙන් ඔවුන්ට පාලනයක් තිබුණේ නෑ.. කිසි කෙනෙක් ඒ තත්ත්වයේ හිටියේ නෑ”

“ඒ වගේ තත්ත්වයක් තියෙන විට,.. මා කියන්නේ කිසියම් පහරක් ගහන්න හෝ පාලනය කරගන්න, ඔවුන්ට හැකියාවක් ලැබෙන්නේ නෑ.. ඒ වගේම සන්සුන්ව, බුද්ධිමත්ව තීරණ ගතයුතු වෙලාවලදීත්, උමතුවෙන් වගේ තීරණ ගත්ත ආකාරයක් දකින්න ලැබුණා”

“සමස්තයක් වශයෙන් ගත්තාම, තාක්‍ෂණයේදී වුණත්, සූදානම් වීමේදී නැත්නම් තීරණ ගැනීමේදී වුණත්, ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් දුර්වල මට්ටමක හිටියේ.... ” යයිද සංගක්කාර මහතා පැවසීය.

සංගක්කාර මහතා එසේ කියද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම කඩාවැටීම අහම්බයෙන් සිදුවූ එකක් ද නැතහොත් එහි මුල් ගැඹුරට දිවයන්නේද යන්න එංගලන්ත කණ්ඩායමේ හිටපු නායකයකු වන මයිකල් ඇතර්ටන් මහතා ඔහුගෙන් විමසා සිටියේය.
සංගක්කාරගේ ක්‍ෂණික පිළිතුර වූයේ “අර්බුදය ගැඹුරටම ගිලා බැහැලා” යන්නයි.

“සහතික වශයෙන්ම මේක අහම්බයක් නෙමේ... ”

“මම කියන්නේ මේකට හේතුව වඩාත් උසස් තත්ත්වයේ ක්‍රිකට් ක්‍රීඩාවක් ශ්‍රී ලංකාවේ නොමැති වීමයි”

“අපි කාලයක් තිස්සේ ඉතාමත් දක්‍ෂ ක්‍රීඩකයන් රැසක්ම බිහිකළා. ඒත් හිටි හැටියේම ඒ වගේ අය නිර්මාණය වෙන්නේ නැත්නම්, (මේ තියෙන ක්‍රමවේදයේ) භයානක භූ පැලුම් දක්නට ලැබෙනවා.. මේ තත්ත්වය යටතේ ඒ භූ පැලුම් එන්න එන්නම විශාලත්වයෙන් වගේම පළලින් වැඩි වෙනවා”

“සෑහෙන කාලයක් අපි දක්‍ෂතා නිර්මාණය වන දිහා බලාගෙන හිටියා... ඒත් ඒවා වඩාත් දියුණු තත්ත්වයට පත් කළේ නෑ.”

“ටෙස්ට් ක්‍රිකට් කියන්නේ හැඩගැසීම වගේම පවතින තත්ත්වයට නම්‍යශීලී වෙන එකයි. ඒක මේ තම තමන්ට ඕන හැටියටවත්, ප්‍රතිවාදී කණ්ඩායමේ ස්වභාවය අනුව ක්‍රීඩා කිරීමවත් නෙමෙයි.....

“තමන්ගේ ක්‍රීඩාව කළාට කමක් නෑ, තමන් දිගින් දිගටම ලොකු ඉනිම කරා යනවා නම්... අර්ධ ශතක - ශතක වලටත්, ඊට පස්සේ ශතක - ද්විත්ව ශතක බවටත් පරිවර්තනය කරනවා නම් තමන්ගේ විදිහට ක්‍රීඩාව කළාට කමක් නෑ... ඒත් එහෙම නැත්නම් ඒවා නිකම් නිදහසට කියන කාරණා විතරයි” යයිද සංගක්කාර මහතා පැවසීය.

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ හිතුවක්කාර පිතිකරඹය කොතෙක්ද යත් එංගලන්තයේ පිට දඟ පන්දු යවන්නා වන ඩොමිනික් බෙස් සිය කඩුල 5 දවාගැනීම සඳහා යැවූයේ පන්දු 61 ක් පමණි. එය මුත්තයියා මුරලිදරන් වසර 2007 දී බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සී. පිටියේදී පන්දු 45 කින් කඩුලු 5 ක් දවාගැනීමෙන් පසුව ලෝකයේ ඕනෑම ස්ථානයකදී ටෙස්ට් පන්දු යවන්නකු විසින් අඩුම පන්දු සංඛ්‍යාවකින් කඩුලු 5 ක් දවාගැනීම ලෙසින් සටහන් වේ.

එහි නොකියැවෙන යථාර්ථය වන්නේ වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායම වසර 2007 දී සිටි බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායමේ තත්ත්වයට ඇද වැටී තිබෙන බවද ? ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් පිතිහරඹ පුහුණුකරුවා වන ග්‍රාන්ට් ෆ්ලවර් අද තරගයෙන් පසුව කියා සිටියේද ඊට සරිලන කතාවකි.

“මම මේ කණ්ඩායමත් එක්ක අවුරුද්දක කාලයක් හිටියා. මා දුටු දුර්වලම පිතිහරඹය මේකයි. පිතිකරුවන් සියලු දෙනාම මේකේ වගකීම බාරගන්න ඕනේ... ”

“මා හිතන්නේ මේක සම්පූර්ණයෙන්ම මනසේ තියෙන කාරණාවක්... මේ ගැන විස්තර කරන්න මට වචන නෑ” යයි ග්‍රාන්ට් ෆ්ලවර් මහතා පැවසීය.

ටෙස්ට් තරගයක දිනයයේ ක්‍රීඩාව අවසානයේදී පැවැත්වෙන පුවත් පත් සාකච්ඡාව සඳහා සාමාන්‍යයෙන් පැමිණෙන්නේ ඒ ඒ කණ්ඩායම් වල වඩාත්ම හොඳින් දස්කම් දැක්වූ ක්‍රීඩකයා වූවත් අද දිනයේදී ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැති පුවත් පත් සාකච්ඡාවට පැමිණියේ පිතිහරඹ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් මහතාය.

 

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ඕවර 47 විගඩම

ජෝ රූට් - බෙයාර්ස්ටෝ එක්ව එංගලන්තයට වාසිය ගෙනෙති

 



අදහස් (10)

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැඹුරු අගාධයක

ජගත් සමරකෝන් Thursday, 14 January 2021 04:58 PM

වර්තමානයේ ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ ගන්න දෙයක් නෑ. අවුරුදු 20ක 25 වගේ කාලයක් මං ක්‍රිකට් තරග බලලා තියෙනවා. ඒ කාලෙත් එක්ක බලද්දී අපේ කණ්ඩායමට වෙලා තියෙන දේ හරිම ශෝචනීයයි.

:       0       4

පිටිගල මිලානෝ Thursday, 14 January 2021 04:58 PM

සංගක්කාරයන් මේ කාලයේ ක්‍රීඩාව පටන් ගත්තේ නම් ඔහු දින, සති හෝ මාස කිහිපයකින් පරාජිතයකු වනවා නොඅනුමානයි. අද ක්‍රිකට් ක්‍රීඩාව කරන්නේත් එක්තරා අක්කා කෙනෙකුට අවශ්‍ය විධියටයි..

:       1       3

සිරිබිරි Thursday, 14 January 2021 06:18 PM

අනිත් හැම දෙයක්ම දරුණු අගාධයක තියන එකේ ක්‍රිකට් විතරක් හොඳ වෙන්න බැහැනේ.

:       0       4

Perera Thursday, 14 January 2021 06:20 PM

ලංකාවේ හැම දෙයක්ම ගොඩ එන්න බැරි ගැඹුරු අගාධයක...

:       0       4

චමින්ද ජයනාත් ජයසූරිය Thursday, 14 January 2021 07:25 PM

මම හිතන්නේ සංගා කියන්නේ මේ ඛේදවාචකයේ දිග..පළල..ගැඹුර හොඳටම දන්න කෙනෙක් කියලා... මට හිතෙන්නේ මේ හැමදේටම මුල ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුදල් කියන හෙනහුරාගෙන් වැහිලා ගිය හින්දා කියලා... අපේ රටේ ක්‍රිකට් කියන ක්‍රීඩාවට මොන තරම් ලස්සන අතීතයක් තිබුණද? මැච් එකක පැරදුණු දවසට මේ රටේ මිනිස්සු කී දෙනෙක් ඇඬුවද? අතපය තැලිලා පොඩි වෙලා මස් පිඩු ඉරිලා පෙරලිලා ගියත් ඒ හැම වේදනාවක්ම දරාගෙන අපේ කොල්ලො මොනතරම් තරග මේ මව්බිමට දිනලා දුන්නද...? එකා සැමටත්... සැම එකාටත් කියලා එදා මොන තරම් ලස්සනට පිටිය සිසාරා අපේ කොල්ලො ජය ඝෝෂා නැගුවද..? උයා ගත්තු බත් පත කන්නවත් අමතක වෙත තරමට... අනා ගත්තු බත්කටකටේ දමා ගන්නටත් අමතක වෙන තරමට එදා අපේ කොල්ලො මොනතරම් හැඩට පිටියම වර්ණවත් කළාද...? ජාතියක් ආත්මය කර ගත් ක්‍රීඩාවකට අද මේ මොකද වුනේ නෙමේ....මොකද කලේ කියලා හිතන කොට... පුදුම දුකක් හිතට දැනෙනවා.. ඇත්තටම ලංකාවේ ක්‍රිකට් නැති වෙලා දැන් ගොඩක් කල්... මේ පරාජයන් කියන්නේ ඒ නැති කරලා දමපු ක්‍රීඩාවේ අමිහිරි සිහිවටනයන් කියලයි මට නම් හිතෙන්නේ..

:       0       0

sk Friday, 15 January 2021 01:50 AM

කතාව නම් ඇත්තටම ඇත්ත... ඒත් මෙතැනට ක්‍රිකට් වැටුණේ කාගේ වරදින්ද? 

:       0       4

kumara Friday, 15 January 2021 01:57 AM

එකඟයි. හැබැයි මේවාට වගකියන්න ඕනේ බොහෝ දෙනෙක්. දක්ෂයෝ එළියේ තියලා හිතවතුන් ඇතුළට ආවාම ඔයවගේ දෙයක් වෙනවා.

:       0       5

මෝ Friday, 15 January 2021 02:36 AM

ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රීඩාව විනාශ කලේ 20/20 තරගයි. වහාම මේ තරග දෙවර්ගයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් වෙන්කරන්න.

:       0       2

Raveendra Friday, 15 January 2021 05:20 AM

කියන කෙනත් අගාධයට වැටෙන්න එක හේතුවක් තමයි.

:       5       7

RaveendraFriday, 15 January 2021 08:18 AM

සහතික ඇත්ත.. මේ ගොයියත් අඩුවැඩි නැතිව මේ අපරාදෙට වග කියන්න ඕනේ...

:       2       4

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 906 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 219 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1589 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 2004 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


අදානිගෙන් කොළ එළියක්
2025 මාර්තු මස 11 1912 0

මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට පෙර ලබාදුන් අනුමැතීන්ට අනුව කටයුතු කිරීමට රජය කැමැත්තෙන් පසුවන්නේ නම් නැවතත් මෙගා වොට් 484 ක පුනර්ජනනීය බලශක්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 262 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 201 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site