IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


‘‘ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් වැඩ කළ යුතුයි‘‘

ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කරන්නැයි තමන් නෝර්වේජියාවේ නව ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව කම්සි ගුනරත්නම් මහත්මිය පවසයි.

ශ්‍රී ලාංකේය සම්භාවයක් ඇති කම්සි ගුනරත්නම් මහත්මිය නෝර්වේජියානු පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති අතර විඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය ඉරිදා (26) ඒ බව පැවැසුවාය.

ශ්‍රී ලංකාව වර්ජනය කිරීම ඉදිරියට යා යුතු ක්‍රමවේදය යැයි තමන් නොසිතන බව ද ඇය එහිදි කීවා ය.

“වර්ජනය කිරීම ගැන මම විශ්වාස කරන්නේ නැහැ. ආයෝජන තියෙන්න අවශ්‍ය යි. ශ්‍රී ලංකාව තුළ රැකියා නිර්මාණය වෙන්නේ ආයෝජනවලින් පමණක්” යැයි ද ඇය එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළාය.

සාකච්ඡා සඳහා ආරාධනා කළහොත් තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසීමට ද සූදානම් යැයි ගුනරත්නම් මහත්මිය කීවා ය.

වෙළෙඳාම, අධ්‍යාපනය සහ අනෙකුත් ක්ෂේත්‍රවලින් නෝර්වේ රාජ්‍ය ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහාය දැක්විය යුතු යැයි ද ඇය පැවැසුවාය.

නෝර්වේ රාජ්‍යයට ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහාය දිය හැක්කේ කෙසේදැයි සාකච්ඡා කිරීම සඳහා තමන් පක්ෂ නායකත්වය, නෝර්වේ විදේශ අමාත්‍යවරයා, සහ ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපතිවරයා සමඟ සාකච්ඡා කරන බව ද ඇය එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළාය.

කෙසේ නමුත් තමන්ද ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු යැයි ඉල්ලා සිටින බවත් ගැටලුවලට පිළිතුරු නොමැතිව ගැටලුවවලට නිමාවක් හෝ සමාප්තියක් නොමැති බව ද ඇය කීවා ය.

යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කළ යුත්තේ බාහිරව බවත් එය අභ්‍යන්තරයෙන් සිදු නොවිය යුතු බවත් ඇය එම මාධ්‍ය හමුවේදී පැවැසුවා ය.

ශ්‍රී ලංකාවට අවශ්‍ය හොඳම විසඳුම තීරණය කළ යුත්තේ ශ්‍රී ලාංකිකයන් බවත් විදේශ රටක් එය තීරණය නොකළ යුතු බවත් ඇය කීවා ය.

 



අදහස් (12)

‘‘ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් වැඩ කළ යුතුයි‘‘

Lal Tuesday, 28 September 2021 10:00 AM

ඔබතුමියට ස්තූතියි.

:       2       11

L.G.P.Jathunarachchi. Tuesday, 28 September 2021 10:06 AM

මම බෙහෙවින්ම අගය කරනවා..

:       2       13

පිටිගල මිලානෝ Tuesday, 28 September 2021 10:06 AM

මේවා ගැන සාකච්ඡා කළයුතු හොඳම කෙනා සරත් ෆොන්සේකා මහතායි. එතුමා හිටියේ නැත්නම් අනුරාධපුරෙන් උඩට අපිට යන්න වෙන්නේ නැහැ. සරත් වීරසේකරලාගේ කෙරුවාව අපි හැමදාම දකිනවනේ..

:       12       20

DadoriyaWednesday, 29 September 2021 10:50 AM

ස්තුතියි ඔබතුමියට

:       1       1

TomWednesday, 29 September 2021 03:53 PM

නියම වහලෙක් කියලා තේරෙනවා.

:       2       0

SUNIL MILANO Tuesday, 28 September 2021 12:14 PM

පිටිගල මිලානෝ ,පුතානෝගේ රෙකොර්ඩ් එක කඩන්න වගේ හදන්නේ .ලඟකදී ඉඳලා දොඩවනවා

:       8       7

SUNIL MILANO Tuesday, 28 September 2021 12:17 PM

මෙතුමියට මාගේ හදවතින්ම ස්තුතිවන්ත වන අතර ජයෙන් ජයම වේවා කියාද පතමි

:       1       7

fairoos Tuesday, 28 September 2021 01:26 PM

දේශප්‍රේමීන් පස්ස උඩදාගෙන ස්තූතිය පුද කරයි

:       6       4

Kule Tuesday, 28 September 2021 01:42 PM

ඔබ තුමියගේ අදහස් සහ යෝජනා හොඳයි .ඒවා එක් ජනවර්ගයකට පමණක් නොවී සියලුම ශ්‍රී ලාංකිකයන්ට අත් විය යුතුයි.ඒත් ප්‍රශ්න වලට විසඳුම යුධ අපරාධ නොවේ

:       2       5

සමන් කුලරත්න Tuesday, 28 September 2021 05:50 PM

ඇයගේ කීම හරි නොවේ රට එරට පදිංචි ඩයස් පෝරාවේ සාමාජිකයින් ආණ්ඩුවට කරන බලපැම් නිසා කිම්සි ගුනරත්නම් වැනි අය සාධාරන ලෙස බලනවා නම් යුද අපරාදෙ ගැන සෙවිම කමක් නැහැ.. නමුත් යුද්දේ කළේ පැති දෙකක.. එ්නිසා මුලු යුද්ධයම වුණු දේවල් සෙවිය යුතුයි.. එතකොට කොටි සංවිධානය කරපු දෙවල් එළිවේවි.. අපේ හමුදාව ලෝකයේ තියන මානුෂිකම හමුදාවක් බව ලොකෙට පෙන්වන වැඩපිළිවෙළක් ගෙනියන්න ඕනෑ..

:       1       4

Tom Wednesday, 29 September 2021 03:51 PM

මෙයාට කරන්න පුළුවන් කෙන් ගෙඩියක් නැහැ. ඔස්ලෝ අවට ඉන්න ලංකාවෙන් ආපු අයගේ ඡන්දයෙන් තමයි පත් වුණේ. නැතිව නෝර්වේ මිනිස්සුන්ගෙන් පත් වෙච්චි කෙනෙක් නෙමෙයි. ලංකාවේ මෝඩයින් හිතන්නේ ලංකාවේ කෙනෙක් කොහේහරි ඡන්දයකින් දිනුවොත් එයා ලෝකයේම නායකයා කියලා අවුරුදු ගාණකට කළින් එංගලන්තයේ කෙනෙක් ඡන්දයෙන් දිනුවා. කියලා උඩ පැන්නා. කරපු කෙංගෙඩියක් නෑ...

:       2       5

අලුත් පටබැඳිගේ Thursday, 30 September 2021 12:30 AM

අපෝ එපා. එක පාරක් චන්ද්‍රිකා සෝල්හයිම් එක්ක කරපු නාඩගම හොඳට මතකයි. සෝල්හයිම් කොටින් එක්ක එකතු වෙලා රට බෙදන්න පාර කැපුවා... මේ නෝනා මහත්තයා, ඔයා ඔයාගේ වැඩක් බලාගෙන නෝර්වේට වෙලා ඉන්න. මෙතන තියෙන ප්‍රශ්න මදිවට. එක පැත්තකින් චීනා, අනෙක් පැත්තෙන් ඇමෙරිකන් කාරයා. තව පැත්තකින් ඉන්දියාව.. අපේ රට කවදා ස්වාධීන වෙයිද..?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 647 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 179 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 540 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 135 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1803 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site