(මුදිතා දයානන්ද)
ඉදිරි මහමැතිවරණයේදි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළුව එයට සම්බන්ධ පක්ෂ තරග කරන්නේ පුටුව ලකුණින් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා අද (03) පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදි ඉදිරි මහමැතිවරණයට තරග කරන්නේ කුමන ලකුණකින්දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහය දක්වන සෙසු පක්ෂ ඉදිරි මහමැතිවරණය එක් පුළුල් සන්ධානයක් ලෙස තරග කිරීමට ගිවිසුම් ගත වු බවද එහි එක් කොන්දේසියක් ලෙස පුටුව ලකුණින් තරග කිරිම ඇතුළත්ව තිබු බවද ගම්මන්පිල මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහමැතිවරණයට තරග කරන්නේද පොහොට්ටුව ලකුණෙන් යැයි පවසන්නේ මේ ගිවිසුම ගැන හරි අවබෝධයක් නැති හා වෙනත් පුද්ගලික ආසාවන් ඇති අය බවද ඔහු පැවසීය.
මෙලෙස විවිධ ප‍්‍රකාශ නිකුත් වීම වළක්වා ගැනීම සඳහා ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය විසින් ගිවිසුමේ එකඟතා පිළිබඳව තමන්ගේ සියලූ පාක්ෂිකයන් දැනුවත් කළ යුතුව ඇතැයිද ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසීය.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි
ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල
රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ශ්රී ලංකා පොදුජන පෙරමුණ පුටුව තෝරගනී
tarzan Tuesday, 03 December 2019 09:54 AM
මෙයාට කැබිනෙට් එකේ තැනක් දුන්නෙත් නැති එකේ....................
Bamunuarachchi Tuesday, 03 December 2019 10:01 AM
මේක පුටුව නෙවේ. අපි රජ වෙන සිංහාසනේ !
ඒකනායක Tuesday, 03 December 2019 02:47 PM
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තෝරා ගත යුත්තේ පොහොට්ටුව නොවේද? බහුතර ජනතාව පුටුව අමතක කොට පොහොට්ටුව තෝරා ගෙන ඇත. වඩාත් ජනප්‍රිය පොහොට්ටුවය. අප ඡන්දය දුන්නෙත් පොහොට්ටුවටය
Samare Tuesday, 03 December 2019 10:24 AM
පොහොට්ටුවෙන් නෙමයි මොකෙන් ආවත් ඔයාට නම් දෙන්නෙම නැහැ නැහැමයි. ඒ නිසා තියෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන අර මදුත් එක්ක කරන දෙයක් කරගෙන පාඩුවේ ඉන්නවාද ? මිනිස්සු ඡන්දේ දුන්නේ ගෝඨාභය මහතාට මිසක් ඔබලාට නෙවෙයි. ඔබලා කවුද අපිට ? මේ රටේ කිසිවෙක් ඔයාලව ගණන් ගන්නේ නැහැ. ඒ නිසා අපිට පව් නොදී පැත්තකට වෙලා ඉන්න.
crita Tuesday, 03 December 2019 10:25 AM
බහුතර මහජන මතයකින් පත්වු ජනාධිපතිවරයා නිසිලෙස කාරණා කටයුතු අධ්‍යයනය කරමින්ම නිසි සැලසුමකට අනුව කටයුතු කරන්නට සැලසෙන විට කටමැත දොඩන මෙවැන්නන්ගෙන් වෙන්නේ හානියක්ම පමණක් මිස සුගතියක් නොවේ.
කපුරු හාමි Tuesday, 03 December 2019 11:04 AM
පොදුජන පෙරමුණේ තීන්දු ,තීරණ කරන්න තමුන් මහ කෙරුමෙක්ද? එක්කෙනෙක් නම් කිව්වා තරග කරන්නෙ පොහොට්ටුවෙන් කියලා. අන්තිමට මෙයාටත් හොට බිම ඇනගන්න තමා වෙන්නෙ.
Aris Tuesday, 03 December 2019 11:10 AM
පුටුවෙන් ගියොත් අර ලොකු නෝනා අයිතිය කියයි. මට මතක හැටියට එතුමියගේ කාලේ තමයි පුටුව ලකුණ දාලා පොදුජන එක්සත් පෙරමුණ කියල එකක් හැදුවේ. මේ අය පොදුජන පෙරමුණේ ලකුණ පිළිබද බල නොකළ යුතුයි. ඔවුන් ලකුණ තෝරා ගත්තාවේ. මොවුන්ට පුළුවන් පොදුජන පෙරමුණ ලකුණින් තරග කළොත් පාර්ලිමේන්තු යන්න. ඇමති කමක් ගන්න. නැත්නම් පරාජය උරුමයි.
Nihal Tuesday, 03 December 2019 11:12 AM
අපේ අනාගත ජනාධිපති.......
Mahesh Tuesday, 03 December 2019 03:05 PM
ඔබතුමා නිකන්ම නිකන් පාර්ලිමේන්තු මන්ත්‍රීනේ.. ඔබට වඩා ඉහළ තනතුරු දරණ සහ රටේ නායකයන්ගේ පිලිගැනීම තියෙන ඇමතිවරු වගේම රාජ්‍ය ඇමතිවරු නම් කියන්නේ පොහොට්ටුවේන් ඉල්ලන්නේ කියලා. ඔබතුමා වගේ කනිෂ්ඨයෙක් කියන ඒවා කවුද අනේ පිලිගන්නේ. ඊලග පාර ඔබතුමාට ටිකට් එකත් ලැබෙන එකක් නෑ වගේ.