(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායම, 2021 ලෝක ශූරතා තරගාවලිය සදහා අද (30) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් නෝර්වේ බලා පිටත්ව ගියහ .
මෙම 2021 ලෝක ශූරතා මල්ලවපොර තරගාවලිය නෝර්වේ හි ඔස්ලෝ නුවර ඔක්තෝබර් මස 02 දින සිට 10 වන දා තෙක් පැවැත්වීමට නියමිතය .
මෙම තරගාවලියට සහභාගී වීම සදහා කිලෝ ග්රැම් 74 බර පංතිය යටතේ තරග කිරීමට කණ්ඩායම් නායක ලක්මාල් විජේසූරිය, කිලෝ ග්රැම් 65 පංතිය යටතේ ඩිවෝෂන් ප්‍රනාන්දු, කිලෝ ග්රැම් 70 බර පංතිය යටතේ අනිල් මුණසිංහ, කිලෝ ග්රැම් 79 බර පංතිය යටතේ සුරේෂ් චානක, කිලෝ ග්රැම් 62 බර පංතිය යටතේ නිලූෂි පෙරේරා තරග කිරීමටත්, කණ්ඩායමේ කළමනාකරු ලෙස ඩොනල්ඩ් ඉන්ද්‍රවංශ සහ කණ්ඩායමේ පුහුණුකරු වයි.ආර්.සී.ප්‍රනාන්දු යන මහත්වරුන් ද කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ .
මෙම ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායම අද (30) අලුයම 03.45 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.669 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ .
මෙම කණ්ඩායම දෝහා වෙත ගොස් එතැන් සිට නෝර්වේ ඔස්ලෝ නුවර බලා පිටත්ව යාමට නියමිතය.
මෙම ක්‍රීඩා කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩා සභාවේ අනුමැතිය අවසාන මොහොතේ හිමි වුවද, ක්‍රීඩා අමාත්‍යාංශයේ මුල්‍ය අනුග්‍රහයක් ලැබී නොතිබුණි.
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ වාට්ටුවක බිත්තියක් මත තිබී ජංගම දුරකථන තුනක් සහ සිම්පතක් බන්ධනාගාර නිළධාරින් විසින් සොයාගනු ලැබූහ .
මහියංගණය දිවුලපැලැස්ස ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක නිදන් වස්තු ලබාගැනීමේ අරමුණින් කිනිම් කරමින් සිටි පුද්ගලයන් 4 දෙනෙක් ඒ සදහා යොදාගත් බැකෝ යන්ත්‍රියක්
කොල්ලුපිටිය සමගි මාවතේ චීන භාණ්ඩ අලෙවි සැලක තොග ගබඩාවේ සගවා තිබූ රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා චීන දුම්වැටි දස දහසක තොගයක් අද (18) දින සිය භාරයට ගත් බව ශ්
කළුතර උතුර කුඩාවස්කඩුව ප්‍රදේශයේ මුහුදේ විනෝදයට දිය නෑමට ගිය තරුණයෙකු මුහුදෙ ගිලි ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
කෝවිල් අඩි ප්‍රදේශයේදී මිතුරන් පිරිසක් සමග එක්ව පැවැත්වූ සාදියකදී ඇති වූ බහින් බස්වීමත් දුරදිග යාමෙන් පහර කෑ පුද්ගලයෙකු ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් ක
කොළඹ -මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය හා හිගුරක්ගොඩ අතරදී අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායම ලෝක ශූරතා තරගාවලියට පිටත්ව යයි
කිරි පුතා Thursday, 30 September 2021 04:27 PM
ජය රැගෙන රටේ නම ඔසවා තබා පැමිණීමට හදවතින්ම සුබපතමු...!