IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


‘ශ්‍රී ලන්කන් ගුවන් සේවය ආයෙත් විකුණන්න යනවා’

(ටී. කේ. ජී. කපිල)

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ඉදිරි සතිය තුළ තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණෙන බවත් ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලයිකා මොබයිල් ආයතනය වෙත විකුණා දැමීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවත්, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජේපතිරත්න මහතා පැවසීය.

ලයිකා මොබයිල් ආයතනය එල්.ටී.ටී.ඊ. මුදල් ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන සමාගමක් බවද ජනක විජේපතිරත්න මහතා කීය.

ඒ මහතා එසේ පැවසූවේ අද (4) කටුනායක ගුවන් තොටුපළ ඉදිරිපිට ඉම්පීරියල් හෝටලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ නිලධාරීන් මෙන්ම, ශ්‍රී ලන්කන් කේටරින් ආයතනයේ වෘත්තීය සමිති නිලධාරීහු ද එක්ව සිටියහ.

මේ සඳහා මූලික පියවරක් ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින විවිධ දෙපාර්තමේන්තු අතරින්, වඩාත්ම ලාභදායී දෙපාර්තමේන්තු දෙක වන ශ්‍රී ලංකා කේටරින් සහ සේවා අංශය ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් ඉවත් කර ඒවා ලයිකා මොබයිල් ආයතනයට විකුණා දැමීමට පිඹුරුපත් දැනට සකසා ඇති බවත්, මේ නිසා ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිකම්ම ඇද වැටී බංකොලොත් වන බවත් සභාපතිවරයා පැවසීය.

එමෙන්ම ලයිකා මොබයිල් ආයතනය ද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ දැනට සිටින වඩාත් අත්දැකීම් සහිත ගුවන් සේවා නිලධාරීන් පිරිසක් ද තම ඉදිරි සේවා කටයුතු සඳහා බඳවා ගෙන ඇති බව ද විජේපතිරත්න මහතා හෙළිදරව් කළේය.

මෙම ගනුදෙනුව පිටුපස 1998 දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය එමිරේට්ස් සමාගමට විකුණා දැමීම සඳහා මුල් වූ කාන්තාවක් මෙන්ම, මුදල් අමාත්‍යාංශයේ දැනට සිටින උපදේශකවරයකු ද සිටින බවද සභාපතිවරයා අනාවරණය කළේය.

වර්තමාන රජය ශ්‍රී ලන්කන් ගුවන් සේවය රැක ගැනීම සහ දියුණු කිරීම සදහා කිසිවක් නොකළ බවත් , ඒ වෙනුවට පසුගිය රජයේ ක්‍රියාකළාපය විවේචනය කරමින් සිටීම පමණක් සිදු කළ බවත් පැවසීය. මේ නිසා පසුගිය වසර 10 ක කාලය තුළ ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලැබූ අලාභය රුපියල් බිලියන 85 ක් බවත්, වත්මන් රජය යටතේ පසුගිය වසර 4 ක අලාභය රුපියල් බිලියන 100 ක් බවත් පැවසීය.

මෙවැනි විශාල අලාභයක් ලැබීමට ප්‍රධාන වශයෙන් කරුණු 03 ක් හේතු වූ බවත්, මෙයින් පළමු වැන්න පසුගිය වසර 4 ක කාළය තුළ අමාත්‍යාංශ 04 ක් යටතේ , අමාත්‍යවරුන් 08 යටතේ, විධායක නිලධාරීන් 04 ක් සහ සභාපතිවරුන් 03 ක් යටතේ ආයතනය පාලනය කිරීමට සලස්වා තිබීම බවද පෙන්වා දුන්නේය.

දෙවැනි කරුණ වන්නේ පසුගිය රජය සමයේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා මිලදී ගැනීමට සැලසුම් කළ පුළුල් බඳ සහිත නවීනතම  ඒ 350 එයා බස් ගුවන් යානා ගණුදෙනුව අහෝසි කිරීම තුළින් පැරණි ගුවන් යානා ගුවන් සේවයට එක් වූ අතර, ප්‍රංශයේ එයා බස් සමාගමට වන්දි මුදල් ගෙවීමට සිදු වීම බවත් පැවසීය.

මීට අමතරව මෙම තත්වයන් නිසා ඒ- 330 එයා බස් ගුවන් යානා දෙකක් සේවයේ නොයොදවා අතිරික්තව පවතින අතර, එම ගුවන් යානා සදහා ද බදු වාරික ගෙවීමට සිදු වී ඇති බවත් හෙතෙම පැවසීය.

පැරිස්, ෆ්‍රෑන්ක්පර්ට්, රෝමය වැනි දිගු දුර ගමනාන්ත සදහා පවත්වා ගෙන ගිය ගුවන් ගමන් සේවා අහෝසි කර දැමූ අතර ඒමගින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ද 50% ක සංචාරකයන්ගේ පැමිණීමේ අඩු වීමක් වාර්තා වන බවද  හෙතෙම හෙළිදරව් කළේය.

ශ්‍රී ලංකා කේටරින් ආයතනයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති අනිල් ප්‍රසන්න ජයසිංහ මහතා ශ්‍රී ලන්කන් කේටරින් ආයතනය ශ්‍රී ලංකා ආර්ථිකයේ මර්මස්ථානයක් බවත්, එය දේශීය සහ විදේශීය ගුවන් සේවා සමාගම් වෙත ආහාරපාන සපයන එකම ශ්‍රී ලංකාවේ පවතින සමාගම බවත් පැවසීය.

මෙම ශ්‍රී ලන්කන් ගුවන් සේවය බංකොලොත් කිරීම සඳහා මෙතෙක් ශ්‍රී ලංකාව පාලනය කළ සියලුම දේශපාලනඥයන් සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සිටි ඉහළ කළමනාකරුවන් වගකිව යුතු බවත්, එයට එහි සාමාන්‍ය සේවකයින් වග නොකියන බවත් පැවසීය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය 100% ක් ලාභ ලබන ආයතනයක් නොව පාඩුව අවම කර ගනිමින් මහජනතාව වෙත සේවා සපයන ආයතනයක් බවත් පැවසීය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් හසන්ත යසරත්න මහතා  මෙසේ කීවේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙසේ ඉදිරි සතියේ දී රජය විසින් ලයිකා මොබයිල් ආයතනය වෙත විකිණීමට තැත් කළහොත් ශ්‍රී ලංකාවට ඇති ජාත්‍යන්තර දොරටුව, එනම් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වසා දැමීමට පසුබට නොවන බවයි.

මේ සදහා තමන් සමග ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරීයේ සියලු වෘත්තීය සමිති වලට අනුයුක්ත සේවකයින් 8,000 ක් දෙනා ද ඉදිරිපත් වන බවත් පැවසීය.



අදහස් (11)

‘ශ්‍රී ලන්කන් ගුවන් සේවය ආයෙත් විකුණන්න යනවා’

sirimal Thursday, 04 April 2019 09:19 AM

මේ කතාව ඇත්තක්ද කියා හරියටම කිව නොහැකි බවයි පෙනෙන්නේ. ලන්ඩන් නුවර ප්‍රධාන ව්‍යාපාරික මධ්‍යස්ථානය ලෙස පවත්වාගෙන යන ලයිකා මොබයිල් සමාගම කියන්නේ එංගලන්තයේ පදිංචි තරුණ ශ්‍රී ලාංකික දෙමල ජාතිකයෙකුට අයිති ජාත්‍යන්තර සමාගමක්. දෙමල ජාතිකයෙකුට අයත්වීම නිසාම ඒ සමාගමට එල් ටී ටී ඊ ලේබලය ඇලවෙන බවයි මෙහිදී පෙනෙන්නට ඇත්තේ. රාජපක්ෂ පාලන සමයේදී එම සමාගම ලංකාවේ නිවාස ක්ෂේත්‍රය ඇතුළු විවිධ කටයුතු සඳහාත් රජයේ සමාජසේවා වැඩ කටයුතු සඳහාත් සහභාගීත්වය ලබාදුන්බව එකල ප්‍රසිද්ධ උන නමුත් ඒ පිළිබඳව ඒ කාලයේ කිසි කෙනෙකුගේ විරෝධතාවයක් ඉදිරිපත් කෙරෙනු අප දුටුවේ නැත. දැනට ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ආයතනයක්ද මෙම සමාගම මඟින් මිලදී ගෙන ඇති බව පසුගියදා ප්‍රසිද්ධියට පත්උනා මතකයි.

:       17       207

Jagath Thursday, 04 April 2019 09:28 AM

මුන් තමා මේවා කෑවේ ..... දැන් තියනවා බොරු සාකච්ඡා

:       0       157

kap Thursday, 04 April 2019 09:49 AM

මුන් තමයි එයාලන්කා, ශ්‍රීලන්කන් එක සීටීබී එක වගේ කරේ. එමිරේට්ස් ආවෙ නෑත්නම්, ශ්‍රීලන්කා එක තාම කරත්ත යුගයේ

:       0       123

Mangala Thursday, 04 April 2019 09:59 AM

1994 දී පිහිටවපු ශ්‍රී ලංකා නිදහස් සේවක සංගම් ශාඛාවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කඩා වැටීමට එක හේතුවක්. දූෂිත දේශපාලනය ගුවන්සමාගම ඇතුළට ගෙනත් නුසුදුසු පුද්ගලයින්ව බදවාගැනීම්, නුසුදුසු පුද්ගලයින්ට උසස්වීම් දීමට දේශපාලන බලපැම්, සුදුසු සහ කැපවීමෙන් රාජකාරි කල සේවකයින්ට කෙනෙහිලිකම් කිරීම් සහ අනෙකුත් දේශපාලන මත දරන්නන්ට හිංසා කිරීම් ඇතුලුව නොමනා ක්‍රියාවන් වල එක ප්‍රථිඵලයක් තමයි තිබුණ අලාභය දෙගුණ තෙගුණ වීම. මේ ගොල්ල මේ සර්ව සුදනො වගේ මෙතන ඉදගෙන දොඩවනවා දැන්. 1994 ඉදලා මේ වෙනකල් මේ කට්ටිය කරපු දේවල් බැලුවොත් ශ්‍රීලන්කන් එක වලපල්ලට යැව්වේ කව්ද කියලා හොදට තේරෙයි. මේකෙ තියෙන රහ අතහැරලා යන්න බැරි කම නිසාම තමයි ඔය පින්තුරෙ දෙවෙනි පෙලේ වමේ සිට දෙවෙනියා අවු 60 පැනලා විශ්‍රාම ගිහිල්ලත් කොන්ත්‍රාත් කාරයෙක් වෙලා සේවක මුදල් වලින් යැපෙන්නේ. කරන්න තියෙන ඔක්කොම අයුතු වැඩ කරලා දැන් එනවා ගුවන්සේවය රැකගන්න. මේවට වගකියන්න ඕන මේ බහුබුත යහපාලන ආණ්ඩුව සහ 2015 සිට මේ දක්වා ශ්‍රීලන්කන් ගුවන්සේවයට පත්කරපු සභාපති සහ අනෙකුත් ඉහල නිලධාරීන්.

:       0       100

sas Thursday, 04 April 2019 10:02 AM

රටේ ආර්ථිකය වනසන ආයතනයක්.

:       0       0

sachith Thursday, 04 April 2019 10:09 AM

"ශ්‍රී ලන්කන් ගුවන් සේවය 100% ක් ලාභ ලබන ආයතනයක් නොව පාඩුව අවම කර.." මේකෙන්ම තේරෙනවා ඔබතුමාලගේ අභිප්‍රාය. කරුණාකර ඉතියෝපියානු ගුවන් සේවයෙන් ඉගෙන ගන්න. ලෝකේ තියෙන 17 වෙනි ලාභයක් උපයන 100% රාජ්‍ය හිමිකාරීත්වයක් තියෙන සමාගමක්.

:       0       0

Nissanka Thursday, 04 April 2019 10:55 AM

ශිරන්ති නෝනගේ අයියා සභාපති වෙලා ඉද්දි මේක කොයි තරම් අගේට කරගෙන ආවද?

:       117       27

දිමුත් Thursday, 04 April 2019 11:40 AM

ඕක විකුණලා දාන තරමට රටට හොදයි.

:       0       4

lanka Thursday, 04 April 2019 11:45 AM

තිත්ත යථාර්තය නම්, ශ්‍රී ලන්කන් ගුවන් සේවය වාර්ෂිකව ලබන පාඩුව ලංකාව වැනි දුප්පත් ආර්ථිකයකට දැරිය නොහැකි දෙයක්. මෙවැනි ආයතන විකුණා දැමීම හෝ වසා දැමීම රජය විසින් ගත යුතු තීරණයක් මිස, එය වෘත්තීය සමිති වල තීරණයක් නොවේ.

:       0       3

VIRAJ Thursday, 04 April 2019 11:52 AM

ඉතාමත් හොඳ වැඩක් කරනවානම්

:       0       4

menna Thursday, 04 April 2019 12:59 PM

මට පුළුවන්නම් මම ගන්නවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 672 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 187 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 553 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 137 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1842 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 186 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site