IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ශ්‍රී.ල.නි.පයෙන් කොවිඩ් අරමුදලක්

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දායකත්වයෙන් කොවිඩ් අරමුදලක් පිහිටුවීම පක්‍ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්‍ෂ මූලස්ථානයේදී අද (24) සිදුකෙරිණි.

එම පක්‍ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනා මේ වෙනුවෙන් රුපියල් ලක්‍ෂය බැගින් ලබාදීම සිදුවිය.

එහිදී පක්‍ෂ භාණ්ඩාගාරික, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා තම දායකත්වය ලෙස රුපියල් ලක්‍ෂයක චෙක්පතක් පක්‍ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදෙමින් එම අරමුදල ආරම්භ කළේය.

රට තුළ පවතින කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ රටේ මිනිසුන් හා අසරණ රෝගීන් වෙනුවෙන් අපට කළ හැකි උපරිම දේ කිරීමට තීරණය කළ බවත්, රටේ දුෂ්කර ප්‍රදේශවල ග්‍රාමීය රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල අඩුපාඩු සම්පූර්ණ කිරීමට මෙම අරමුදල යොදවන බවත් එහිදී අදහස් දක්වමින් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

පක්‍ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක ,පක්ෂ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශාන්ත බණ්ඩාර, ආචාර්ය සුරේන් රාඝවන්, ජගත් පුෂ්පකුමාර, ශාන් විජේලාල් ද සිල්වා, අංගජන් රාමනාදන් යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ



අදහස් (4)

ශ්‍රී.ල.නි.පයෙන් කොවිඩ් අරමුදලක්

Nuwan Tuesday, 24 August 2021 07:09 PM

සුනාමි අරමුදලට වෙච්ච දේ මතක් වුණා...

:       0       11

Sri Lanka Tuesday, 24 August 2021 08:02 PM

දැනට කරන්න ඕනේ දෙයක් තියෙනවා නම් ඒකට දේශීය විසඳුමක් හොයාගන්න එක... අරමුදල් වලට වෙන දේවල් ජනතාව හොඳට දන්නවා....

:       0       6

fairoos Tuesday, 24 August 2021 08:21 PM

අනේ අපේ සිරිසේනට නිකන් හම්බ වෙච්චි ගේ දුන්නා නම් ඉවරයිනේ...!!!

:       0       0

බද්රානි Tuesday, 24 August 2021 08:30 PM

කවුරු මොන විදිහකට අරමුදල් රැස් කිරීම ඇරඹුවත් මම නම්, එක රුපියලක්වත් ඔය ඔය අරමුදල් වලට දෙන්නේ නැහැ. හොර තක්කඩියන්ට අපේ තියන දේවල් දන්දෙන්න අපට පිස්සු නැහැ.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 

දියත

පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 117 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 1183 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 332 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 172 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 105 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 788 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 736 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site