IMG-LOGO

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා


ශවේන්ද්‍ර ඉවත් කරන්නැයි සම්බන්ධන් රජයෙන් ඉල්ලයි

(එෆ්.අස්ලම්)

යුද අපරාධ හා මානව හිමිකම් කඩකළ බවට චෝදනා එල්ල වන මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධූරයට පත් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් ජනාධිපතිවරයා කඩිනමින් ඔහුව එම ධූරයෙන් ඉවත් කළ යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පැවසීය.

මහේෂ් සේනනායක මහතාගේ විශ්‍රාම යාමෙන් පසුව නව යුද හමුදාපතිවරයා වශයෙන් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීම පිළිබද අද(23) විශේෂ ප්‍රකාශයක් ලබාදෙමින් සම්බන්ධන් මහතා මේ අදහස් පළකර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සම්බන්ධන් මහතා මෙසේද කීය.

යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සිදුකළ බවට චෝදනා එල්ල වූවන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරල ඔවුන් වරදකරුවන් ද නිවැරදිකරුවන් ද කියල සනාථ කරගත යුතුයි. එසේම වරදකරුවන්ට නීතිය ඉදිරියේ දඬුවම් පැනවිය යුතුයි. එසේ සිදුකළ යුතුව තිබියදී යුද අපරාධ හා මානව හිමිකම් කඩකිරීම් සිදුකළ බවට චෝදනා එල්ල වු අයෙකුට යුද හමුදාවේ ඉහළම පදවිය පිරිනැමීම කිසිසේත් අනුමත කළ නොහැකියි.

එවන් චෝදනා එල්ල වන මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැනි කෙනෙකුට ලබාදීල තියෙන යුද හමුදාපතිධූරය අත්හිටුවා රජය ඔහුව ධූරයෙන් ඉවත් කරන්න ඕනෑ. අවසන් යුද්ධයේ දී 58 වන සේනාංකයට අණ දුන් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ 23 වන යුද හමුදාපතිවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා පත්කරනු ලැබිණි.

මොහුට එරෙහිව ජාත්‍යන්තර වශයෙනුත් බොහෝ චෝදනාවන් එල්ල වුණා. එසේ චෝදනා එල්ල වි තිබියදී මොහුව යුද හමුදාපතිධූරය සදහා පත් කිරීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර සංවිධාන  සහ ඇමෙරිකාව ඇතුළු රටවල් ගණනාවක් විරෝධය හා අප්‍රසාධය පලකරනු ලැබුවා. මේ නිසා මුලින්ම මොහුට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතුයි. ඉන් වරදකරුවකු වෙනවා නම් ඔහුට දඬුවම් කළ යුතුයි. නොවේ නම් යුද හමුදාපතිධූරය සඳහා පත්කළ හැකියැයි ද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා පැවසීය.



අදහස් (17)

ශවේන්ද්‍ර ඉවත් කරන්නැයි සම්බන්ධන් රජයෙන් ඉල්ලයි

sharm warn Friday, 23 August 2019 05:15 AM

දැන් කවුද ත්‍රස්තවාදියා ???

:       4       110

ගල්කටස් Friday, 23 August 2019 05:15 AM

මෙ බත් බැලයන් නහින දෙහින කාලෙ මරු කියවනවා රටෙ අාරක්ෂාවට නියම සුදුසම හමුදාාපති මෙතුමයි.අැමරිකාවට සහ තොපිට ඔනා විදිහට හමුදාාපති පත් කරන්න උඹලා⁣ කවුද බලාගෙන ඉදපල්ල උඹලා මොන සූස්තර දැමම්මත් අපි ගොඨාභය මහත්මයාත් ගෙනත් මහින්ද මහත්මයා අගමැති කරවලා රට නියම අතට ගන්නවා ලගදීම.උඹලටයි එන්.ජි.ඔි මැක්කන්ටයි බටහිර රටවලට කෙලවෙන්නෙ එදාට තමයි. අපි ඔනම දෙකට සුදානම් මතක තියාගනිල්ලා. මෙ සමනළ රැන කෑවා මාතෘභුමිය

:       140       1073

NimalFriday, 23 August 2019 11:52 AM

ගෝඨාභය ඇවිල්ලා පත් කරන්න දෙයක් නෑ. දැන් එයාව පත්කරලා ඉවරයිනේ. ගෝඨාභය එනකම් බලාඉන්න එපා ඕකට... කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ.

:       0       4

Raveendra Friday, 23 August 2019 05:20 AM

බොහොම හොද යෝජනාවක් සම්බන්දන් ගොයියෝ අපි ඔහේගේ හෝ අර මෙලෙච්ච ප්‍රබාකරන්ගේ ඥාතියෙක් තෝරාගනිමු අපේ රටේ හමුදා ප්‍රධානියා හැටියට. .... 2009 ඉස්සෙල්ල කොහොමද හැංගිලා හිටියේ කියල මතක නැහැ නේද ගොයියෝ.....

:       29       453

amali Friday, 23 August 2019 05:21 AM

අපි ඒ විදියටම කරන්නම් ............ඔයාලට ඕනේ විදියටම වැඩේ සිද්ද උනාවේ . අනේ නොදකින් රටකට ගිය කලක්.....

:       10       375

දර්ශන Friday, 23 August 2019 05:28 AM

ලංකාවේ යුධ හමුදාපති පත් කල යුත්තේ මුන් කියන විදියට ද ?... අහෝ බල්ලට ගිය රට .....

:       5       370

sumith Friday, 23 August 2019 06:45 AM

අපට වැදී බන දෙසන ඔය සුද්දෝ නොවේද අපේ රට හුරාගෙන උන්ගේ රටවල් වලට අරගෙන ගියේ ,

:       3       54

Bamunuarachchi Friday, 23 August 2019 06:53 AM

නිකන් පිස්සු කෙලින්න එපා හලෝ....

:       13       72

max Friday, 23 August 2019 06:58 AM

එල් ටී ටී ඊයට කඩේ ගිය මෙයාගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. මුළු මහත් රටටම එපා වූ මේ ආණ්ඩුව රකින්න්නේ මෙයා නිසා ඉල්ලීම ඉටු වෙන්නත් පුළුවන්. නමුත් ජනාධිපතිතුමා ආණ්ඩුව එක්ක නොරොක් වෙලා නිසාත්, හමුදාපති පත් කිරීම එතුමා යටතේ ඇති නිසාත්, සම්බන්ධන් ගේ ඉල්ලීම ඉටු වන එක්ක නැහැ.

:       8       117

nimal Friday, 23 August 2019 07:23 AM

මේ මිනිස්සු ලාංකිකයෝද ? මොකක්ද තියෙන බය? අනේ මන්ද. මේ මිනිස්සු කුහකත්වයෙන් මනස කර කරගෙන . අහිංසක මිනිසුන්ට වැරදි ආදර්ශ දෙනවා. එක රටක් කිය කිය බොරුවට රගනවා .

:       9       114

sisira Friday, 23 August 2019 08:35 AM

මොවුන් තමයි රටේ සංහිඳියාව නැතිකරලා ජාතිවාදය අවුස්සලා පිටරට බලවේග වලට බැල මෙහෙවරකම් කරන්නේ. ඩොලර්වලට දේශපාලනය කරන මෙවන් පාදඩයින්ව දෙමළ ජනතාවට කියලම මොවුන්ව පන්නන්න ඕනෑ. අපේ හමුදාපති පත්කරන්නේ අපට ඕනෑ විදියට මිසක් කොහෙවත් ඉන්න අයට ඕනෑ විදියට නෙමේ.

:       3       102

sisira Friday, 23 August 2019 09:59 AM

මහකොටියා ඇවිස්සිලා ජුවල් ගිහින් වගේ...

:       123       202

සෙනෙවි Friday, 23 August 2019 10:53 AM

ඇන්ටන් බාලසිංහම්ගේ භූමිකාව රඟදක්වන්න මොහු සුමන්දිරන් සමග තරඟයට ඇවිල්ලා..

:       1       81

du Friday, 23 August 2019 12:10 PM

සිංහල බෞද්ධයින්ට ඉන්නේ මුළු ලෝකෙම මර බයෙන්... මට වැටහුනේ එච්චරයි. අපේ ඉතිහාසයත් හූරන් කාලා අවසානේ ඔවුන්ටම කඩේ යන කළු සුද්දෝ බිහි කළා. තාමත් අපි පටන් ගත්තේ නැහැ වැඩ පෙන්වන්න.

:       0       9

Bandula. Saturday, 24 August 2019 08:02 AM

මේ අය තමයි මේ ජාතිවාදය අවුස්සන්න දඟලන්නේ කාලකන්නිම තමයි.

:       0       0

Chanak los angeles Saturday, 24 August 2019 09:01 PM

රටේ පැවැත්මට ජාත්‍යන්තරයෙන් බලපෑමක් සිද්ධවෙන වෙන එක වැලකීම උදෙසා මේ ඉල්ලීම වරදක් ලෙස දකින්නේ නැහැ . නමුත් හිතට අවංකවම දෙයක් කිවමනාය . යුද්ධය කුරිරු ලෙස ඇදීගෙන යද්දී එය නිවා දැමීමට ජාත්‍යන්තරය පෙළඹුනේ නම් ඉතාම මන්දගාමී ස්වභාවයෙන් . මේ උණුසුමෙන් එදා ජාත්‍යන්තරය කටයුතු කලානම් කිසිවෙකුගෙන් යුධ අපරාධ සිදුවෙන්නේ නැහැ .

:       0       0

Gamarala Sunday, 25 August 2019 03:08 AM

ඒ එක්කම ජනාධිපතිතුමාට යෝජනා කරන්න ඔයාලගෙ කොටි බැලයෙක් හමුදාපති කරන්න කියල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

සරසවි හයක කොට උඩ ගිය ඉදිකිරීම් යළි අරඹයි
2025 පෙබරවාරි මස 05 85 0

මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්


ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 849 1

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 772 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 221 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 219 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 868 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 776 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site