IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


සැකකරු පොලිසියේදීම පොලිස් පරීක්ෂකට පහරදෙයි

(බිමල් ශ්‍යාමන්  ජයසිංහ)

කළුතර උතුරු පොලීසිය තුළදී සැකකරුවෙකු වු විශ්‍රාමික ගුරුවරයකුගේ පහරකෑමට ලක්වු  පොලිස් පරීක්ෂකවරයෙකු අද රෝහල් ගත කළ බව කළුතර උතුර පොලිසිය කියයි.

එලෙස රෝහල් ගත කර ඇත්තේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන සිසිර ෆොන්සේකා මහතාය.

ඉකුත් මැතිවරණ සමයේදී කාන්තාවකට පහර දී නිල ඡන්ද පත්‍රිකාව ඉරා දැමීම සම්බන්ධයෙන් සැකකාර විශ්‍රාමික ගුරුවරයාට එරෙහිව පැමිණිල්ලක්  කලුතර ප්‍රදේශයේ  කාන්තාවගෙන් ලැබී තිබූ අතර එම දිනවල සිට මෙම සැකකරු ප්‍රදේශය හැර පලා ගොස් තිබිණි.

අද එම සැකකරු කළුතර බස් නැවතුමේ සිටින බවට ලද තොරතුරක් අනුව එම ස්ථානයට ගිය සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් දැඩි පරිශ්‍රමයක් දරා සැකකරුව අත්අඩංගුවට ගෙන පොලීසියට රැගෙන ඒමෙන් පසු පහරදීම සිදුකර තිබූ බව පොලිසිය සඳහන් කරයි.

සැකකරු සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා පොලිස් පරීක්ෂකවරයා සූදානම් වීමේදී එකවරම පොලිස් නිලධාරියාගේ මුහුණට වැර යොදා සැකකරු අතින් පහරක් එල්ල කර තිබු අතර එම පහරින් පොලිස් පරික්ෂකවරයා විසිවී ගොස් යාබද බිත්තියේ ගැටී ඇතැයි ද පොලිස් නිලධාරියකු පැවැසීය.

පහර කෑ පොලිස් පරීක්ෂකවරයා මේ වන විට  නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.



අදහස් (10)

සැකකරු පොලිසියේදීම පොලිස් පරීක්ෂකට පහරදෙයි

kamil Thursday, 17 December 2020 06:04 PM

20වැනි සංශෝධනයේ ප්‍රතිඵල ඔය පටන් අරන් තියෙන්නේ...

:       10       6

jagath G Thursday, 17 December 2020 06:07 PM

පොහොට්ටුවෙ නාගරික මන්ත්‍රීලා පොලිස්පතිටත් නොගැහුවෙත් අපි පුදුම නොවෙ... 20 උණුසුම...

:       6       11

BamunuarachchiSaturday, 19 December 2020 02:29 PM

මට පෙනෙන්නේ ඔහෙටයි අර ඉහත කමෙන්ට් එක දාපු කමිල්ටයි... මලබද්ධය ආවත් 20 වෙනි සංශෝධනය නිසා කියයි. අනේද කියන්නේ මෙහෙව් අයටත් ශිල්ප සෑදේ.

:       0       0

Perera Thursday, 17 December 2020 06:22 PM

ඔය ගුරා ළමයින්ට උගන්නපුවා හිතාගන්න පුළුවන්.

:       0       0

karu Thursday, 17 December 2020 10:21 PM

නියමයි.. එහෙම තමයි මේ දුපතේ පොලිස් කාරයින්ට සලකන්න ඕනෑ. ඔය අසූචි පාට කෝට් එක දාගත්තම මහා රාජ උෟෂ්ණයක් අපේ රටේ පොලිස්කාරයින්ට එනවා. මේ වගේ මිනිස්සු තව දහස් ගණනින් බිහිවේවා...

:       0       0

Raveendra Friday, 18 December 2020 12:57 AM

විශ්‍රාම ගුරුවරයා මෙසේ නීතියට අවනත නොවී "සුනඛයකු" ලෙස හැසුරුනේ නම් මොහු සේවයේ යෙදී සිටින කාල වකවානුවේ "මෘගයකු" ලෙස ක්‍රියා නොකරේ යයි කිසිවෙකුට කිවහැකිද? කෙසේ වෙතත් "මෙම කාලකන්නි ගුරා කිනම් හෝ දේශපාලුවෙකුගේ අධමයෙක්" බව නම් ස්ථිරයි.

:       0       0

ලුම්බිණි Friday, 18 December 2020 01:04 AM

පාසලේ උගන්නන කාලේ කොහොම ළමයින්ට සැලකුවද කියලා හිතාගන්න පුළුවන්...

:       0       0

Prabha Friday, 18 December 2020 10:17 AM

විශ්‍රාමික ගුරුවරයෙකුගේ වැඩ... මෙයාගෙන් ඉගෙන ගත්ත ගෝලයින්ට අබ සරණයි.

:       1       6

kamalSaturday, 19 December 2020 08:36 AM

මෙයාගෙන් දෙයක් ඉගෙන ගන්න තිබ්බද? ටියුෂන් ගුරෙක් නම් නිකන් හරි දෙයක් කියන්න තිබුණා.

:       0       0

thushaari Saturday, 19 December 2020 11:26 AM

එක රටක්, එක නීතියක්... ඔන්න පටන් අරන් දේශපාලකයෝ පොලිසි පාලනයට...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 630 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 176 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 517 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 131 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1761 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site