IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


සූකීගේ නිලධාරියකු අත්අඩංගුවේ සිටියදී මරුට

මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් පසු නෙරපා හරින ලද නායක අවුන් සාන් සූ කීගේ පක්ෂයේ නිලධාරියකු අත්අඩංගුවේ සිටියදී මියගොස් ඇතැයි වාර්තා වේ.

පෙබරවාරි 01 වැනිදා ආරම්භ වූ කුමන්ත්‍රණයෙන් පසු අවුන් සාන් සූ කී සහ ඇගේ පක්ෂයේ නිලධාරීන් බොහෝ දෙනකු අත්අඩංගුවට ගනු ලැබිණි.

යැන්ගොන් හි දී අත්අංගුවට ගෙන ඇති මෙම නිලධාරියා අඟහරුවාදා අලුයම 1.30ට පමණ අත්අඩංගුවේ සිටියදීම මියගොස් තිබේ.

"ඔහු දිගින් දිගටම විරෝධතා වලට සහභාගී වී තිබෙනවා. ඔහුලේ ඥාතීන් දැන් උත්සාහ කරන්නේ කෙසේ හෝ හමුදා රෝහලේ තිබෙන දේහය ලබා ගැනීමටයි." යැයි විසිරුවා හරින ලද පාර්ලිමේන්තුවේ මන්ක්‍රීවරයෙකු වන බා මායෝ තීන් පැවසීය. කෙසේ වුවද පොලිසිය හෝ යුධ හමුදාව මේ පිළිබඳව කිසිම ප්‍රතිචාරයක් දක්වා නොමැත.

පසුගිය දින දෙක තුළ අත්අඩංගුවේ සිටියදී මියගිය දෙවන නිලධාරීයා සැව් මියාට් ලින්න් ය.

2020 දී තේරී පත් වූ එන්එල්ඩී මන්ත්‍රීවරයෙකුගේ ප්‍රචාරක කළමණාකරුවෙකු ලෙස සේවය කළ කිං මාං ලැට් සෙනසුරාදා (06) රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමෙන් පසු මිය ගියේය.

මේ වනවිට විරෝධතාකරුවන් 50කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර 1800කට වැඩි පිරිසක් හමුදා පාලකයන් විසින් රඳවාගෙන සිටිති.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (1)

සූකීගේ නිලධාරියකු අත්අඩංගුවේ සිටියදී මරුට

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 10 March 2021 04:47 AM

රටක ආරක්ෂාවට හමුදාව අත්‍යවශ්‍ය වුවද, එය ප්‍රමාණය ඉක්මවා, සීමාව ඉක්මවා අනවශ්‍ය ආකාරයෙන් පරිපාලන කටයුතු සඳහා යෙදවීමේ භයානකකම ගැන මෙයින් යම් අදහසක් ලොව රාජ්‍යයන්ට හා එහි නායකයින්ට හොඳ අවවාදයක් දෙනු ලබනු බව පෙනේ.

:       4       15

ඔබේ අදහස් එවන්න

 

 

දියත

පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 140 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 1257 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 350 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 182 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 106 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 808 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 736 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site