(සුජිත් හේවාජුලිගේ)
සැක සහිත ප්‍රදේශවල මත්පැන් අලෙවිසල්වලට මුද්‍රා තබන්නැයි ප්‍රාදේශීය සුරාබදු ප්‍රධානීන්ට උපදෙස් දුන් බව සුරාබදු කොමසාරිස් (නීති) කපිල කුමාරසිංහ මහතා පැවැසීය.
මේ අනුව ප්‍රදේශ රැසක මත්පැන් අලෙවිසල්වලට දැනටමත් මුද්‍රා තබා ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
කිසියම් මත්පැන් අලෙවි සලක් හොර රහසේ මත්පැන් විකුණන බවට තොරතුරු ලැබුණහොත් වහාම එම මත්පැන් අලෙවිසල්වලට මුද්‍රා තබා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පැවසූ කුමාරසිංහ මහතා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීමට ප්‍රාදේශීය සුරාබදු අධිකාරිවරුන්ට බලය ලබා දී ඇතැයිද පැවසුවේය.
හොර රහසේ මත්පැන් විකිණීම වැළැක්වීමේ පියවරක් ලෙස කොරෝනා දෙවැනි රැල්ලේදී සියලු මත්පැන් සල්වලට සුරාබදු නිලධාරීන් විසින් මුද්‍රා තබනු ලැබීය.
මේ අතර කොරෝනා වසංගතයත් සමග මෙරට මත්පැන් පාවිච්චිය ශීඝ්‍ර ලෙස අඩුවී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇතැම් පිරිස් නීතිවිරෝධී මත්පැන්වලට හා මත්ද්‍රව්‍යවලට යොමු වීමද මත්පැන් පාවිච්චියෙන් කොරෝනා මර්දන එන්නත්වලට යම් බලපෑමක් ඇතිවේයැයි යන බියද මත්පැන් පාවිච්චිය අඩු වීමට බලපා ඇතැයි සුරාබදු නිලධාරිහු පවසති.
විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.
දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සැක ප්‍රදේශවල බාර් වලට සීල්
දාස Tuesday, 24 August 2021 06:38 AM
ජොන්සන්ගේ ඒවා ඕසෙට විකුණනවා ඇති.