IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


සෞඛ්‍යයට නව සැලසුම් අධ්‍යක්ෂවරයකු පත්කළාට රාජිතගේ දැඩි විරෝධය

 සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැලසුම් අංශය සඳහා නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයකු  ඊයේ (24) පත්කර ඇති අතර ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දැඩි විරෝධය දක්වා තිබේ.

 සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කර නොතිබියදී හා විෂයභාර අමාත්‍යවරයාගේ කිසිදු දැනුමක් නොමැතිව ආණ්ඩුවේ ඉහළ නියෝගයකින් නව සැලසුම් අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පත්කර එවා ඇතැයි ද වාර්තා වේ.

මේ  පිළිබඳව අදහස් දක්වමින් ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ එවැනි අධ්‍යක්‍ෂ ජනරාල්වරයකු පත් කිරීම පිළිබඳව තමා කිසිවක් නොදන්නා බවය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැලසුම් අධ්‍යක්‍ෂවරයා සිය රාජකාරි මැනවින් සිදුකරන බවත් ඔහු සැලසුම් හා පරිපාලනය පිළිබඳ ඉහළ දැනුමක් ඇති අත්දැකීම් සහිත නිලධාරියකු බවත් ඔහු ඉවත්කර නව නිලධාරියකු පත්කිරීම අනවශ්‍ය බව රාජිත සේනාරත්න මහතා කීය.

නව සැලසුම් අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නොපිළිගන්නා බව කී ඇමැතිවරයා ඔහුගේ පත්කිරීමට එරෙහිව දැඩි පියවර ගන්නා බව පැවසීය. 

 



අදහස් (16)

සෞඛ්‍යයට නව සැලසුම් අධ්‍යක්ෂවරයකු පත්කළාට රාජිතගේ දැඩි විරෝධය

piyal Thursday, 25 July 2019 05:49 AM

ජනාධිපතිතුමාගේ පසුගිය රජයේ ඇමති වරයෙක්ව සිටියදී ඔහුගේ ප්‍රධාන අඳෝනාව වුනේ තමාට ස්වාධීනව වැඩක් කිරීමට එවක ජනාදිපති ඉඩ නොදී ඇඟිලි ගැසූ බවයි. තමා කිසිම ඇඟිලි ගැසීමක් නොකරන බවත් තමා යටතේ ඇමැතිවරුන්ට ස්වාධීනව කටයුතු කරන බවත් පුනපුනා ප්‍රකාශ කළා... දැන් කොහොමද?

:       615       177

HafeelThursday, 25 July 2019 06:54 AM

මේ ආණ්ඩුවේ ජනාධිපතිත් එකයි, ඇමතිලාත් එකයි. ජනාධිපති දන්නේ නැහැ රටේ සිදුවන දේවල්... රටේ සිදුවෙන දේවල් එයා දැනගන්නේ ෆේස් බුක්වලින් සහ මාධ්‍ය වලිනුයි. දැන් මෙයාත් දන්නේ නැහැ... මේ පත්වීම් පත් කරනතුරු...

:       0       15

sirimannaThursday, 25 July 2019 07:46 AM

රාජිත තරම් සෞඛ්‍ය සේවයට සේවාවක් කළ ඇමැති කෙනෙක් මෑත ඉතිහාසයේ නැහැ. එය අවිවාදයෙන් පිළිගත යුතුයි. අමාත්‍ය අංශයේ නිලධාරියෙක් වෙනස්කළා පමණින් කොමිස් වැනි දේවල් සිතන්නේ නම් එය මුලාවකි. අවශ්‍ය නම් එය කළ හැක.

:       213       333

srimalThursday, 25 July 2019 08:23 AM

හැම දෙයකට වැරදි විදියට දේශපාලනය ගාවගන්න එපා. හැම රජයකම හොද මෙන්ම නරක අයත් ඉන්නවා.

:       13       2

BamunuarachchiThursday, 25 July 2019 02:33 PM

රාජිත තරම් සෞඛ්‍ය සේවයට සේවාවක් කළ ඇමැති කෙනෙක් මෑත ඉතිහාසයේ නැහැල්ලු. නමුත් අදාළ වෘත්තියේ අය එයා කවුද කියා දන්නවා.

:       0       0

sumaliThursday, 25 July 2019 06:58 AM

පසුගිය රජයේ ජනාධිපති මෙතරම් ඇඟිලි ගැසීමට හේතුව මොහුට කිසිම වැඩක් හරියට කරන්න දන්නේ නැති නිසා බවයි මට දැන් හැඟෙන්නේ...

:       501       254

sanath Thursday, 25 July 2019 06:00 AM

අලුත් එක්කෙනා එක්ක කොමිස්, ඩීල් ගහන්න ලැබෙන එකක් නැහැ. එයා ඔක්කොම ජනාධිපතිතුමාට දන්වනවා. නියමයි. දතාගේ කෙරුවාව ඉවරයි.

:       224       1703

sirisenaThursday, 25 July 2019 06:53 AM

මෙහෙමත් අසීලාචාර මිනිස්සු... කතා කරන්නවත් දන්නේ නැහැ.

:       377       345

sirisenaThursday, 25 July 2019 07:00 AM

මෙහෙම මොඩයොත් මේ රටේ ඉන්නවද?

:       213       107

Asanka Thursday, 25 July 2019 06:27 AM

කිසිම ඇමැතියෙක් හොඳයි කියන නිලධාරීන් හොඳ නැහැ. ඔවුන් පගාමරුවෝ. දැන් මෙයාට තදවෙලා තියෙන්නේ අලුත් එක්කෙනත් එක්ක පරණ සෙල්ලම් දාන්න බැරි නිසා. තමුන්ට වැඩකරගන්න බැරිනම් ඉල්ලා අස්වෙලා යන්න.

:       0       515

Rata Perata Thursday, 25 July 2019 06:33 AM

අපිට දැනෙන විදියට වැඩක් කරන ඇමති කෙනෙක් රාජිත... GMOA වගේ හැම හොඳ දෙයකින්ම කකුලෙන් අදින මාෆියා එකක් එක්ක මේ කරන ටිකත් ලොකු වැඩක්... වැඩ බැරි ග්‍රාමසේවක කෙනෙක්ගෙන් මීට වැඩිය බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවද?

:       1504       754

MaheeThursday, 25 July 2019 07:26 AM

සහතික ඇත්ත, හැබැයි අපට නොදැනෙන කොටස තමයි වැඩි... අන්න ඒ කොටස ගැන දන්නා කෙනෙක් තමයි ඒවා වළක්වන්න මෙහෙම අලුත් අධ්‍යක්ෂ ජනරාල් කෙනෙකුව එවන්න ඇත්තේ. වැඩ දන්නා හොරෙකුට වඩා වැඩ බැරි ග්‍රාම සේවකයෙක් හොඳ නැද්ද යාලුවේ..?

:       145       575

silvaThursday, 25 July 2019 09:57 AM

එවන අයගේ ප්‍රොෆයිල් එක මෙන්ම එය පිපාසයේ සිටින අයත් මහජනතාව දන්නවා.

:       0       0

සේන Thursday, 25 July 2019 07:02 AM

හොරකමටයි, තක්කඩිකමටයි... වැට බඳියි කියලා වෙන්ටැති හෙල්ලිලා ගියේ...

:       0       410

Bandula. Thursday, 25 July 2019 08:03 AM

හැමෝටම දැන් හොදටම පිස්සු, එක්කෙනෙක් පත් කරනවා තව කෙනෙක් විරුද්ද වෙනවා, මොකද්ද මේ නාඩගම, නරක ද ඔය 225 ම මොලේ පරික්ෂවක් දැම්මොත්?

:       0       6

Nimal Thursday, 25 July 2019 10:24 AM

සෞඛ්‍යය ඇමති දන්නේ නැතිනම් අපිද දන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

සරසවි හයක කොට උඩ ගිය ඉදිකිරීම් යළි අරඹයි
2025 පෙබරවාරි මස 05 9 0

මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්


ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 526 1

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 709 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 197 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 202 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 813 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site