IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින බස්වල බලපත්‍රය අහෝසි කරන්න යයි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න) 

කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සම්බන්ධයෙන් රජය  ලබාදී ඇති සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් ,නිසි පරිදි පිළි නොපදිමින් බස්නාහිර පළාතේ ධාවනය වන පෞද්ගලික බස් රථවල, මාර්ග බලපත්‍රය අහෝසි කිරිමට පියවර ගන්නා බව, පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති  ප්‍රසන්න සංජීව මහතා පැවසිය. 

මේ පිළිබඳව සොයා බැලීම සඳහා බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය ,බැස්ටියන් මාවත, බොරැල්ල, රත්මලාන, කළුතර ,හෝමාගම ,ගම්පහ සහ ජා-ඇල යන ප්‍රාදේශීය කාර්යාල වලට අනුයුක්තව සේවය කරන මාර්ග පරීක්ෂක නිලධාරීන් යොදවා  පරීක්ෂණ පවත්වන බවද සභාපතිවරයා වැඩිදුරටත් කීය.

එසේම  ප්‍රාදේශීය කළමනාකරුවන්, ස්ථාන භාර නිලධාරීන් ,වේලා සටහන් නිලධාරීන් දැනුවත් කර ඒ හරහා පෞද්ගලික  බස් රථ හිමියන්  දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇති බව  පැවසේ.

ඒ අනුව සෑම බස් පර්යන්තයක්ම මේ වන විට විෂබීජහරණයට ලක්කර ඇති අතර පෞද්ගලික බස් රථ ද විෂබීජහරණයට ලක් කර ඇති බවත් දෑත් සේදීමට අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගෙන ඇති බවත් සභාපති ප්‍රසන්න සංජය මහතා පැවසීය.

එසේම කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් වලට අනුව බස් රථයේ රියැදුරුට හා කොන්දොස්තරට මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇති අතර බස් රථයේ ගමන් ගන්නා  මගීන් ද මුඛ ආවරණ පැළඳ සිටීම අනිවාර්ය  බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මෙලෙස ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම පෞද්ගලික බස් බස්රථ හිමියන් සහ  මගීන් අනිවාර්‍යයෙන්ම පිළිපැදිය යුතු අතර මෙම උපදෙස් පැහැර හරින යම් බස් රථයක් වෙතොත් ඊට ලබා දී ඇති මාර්ග බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට  පියවර ගන්නා බවද සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවසීය.



අදහස් (1)

සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින බස්වල බලපත්‍රය අහෝසි කරන්න යයි

thushara Tuesday, 07 July 2020 09:42 AM

හැමදාම අපි රැකියාවට එන ලංගම බස්වල නම් හොඳටම තෙරපිලයි එන්න වෙලා තියෙන්නේ. අඩු ගානේ කාර්යාල වෙලාවට වැඩිපුර බස් රථවත් ධාවනයට යොදවන්න පුළුවන් නම් හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

‘‘ජනපති කෙලින් වැඩ කරන නායකයෙක් ‘‘ සජබ මන්ත්‍රී කියයි
2025 මාර්තු මස 14 311 0

ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත


රැකියා දෙන්න අල්ලස් ගත් යුවළක් මාට්ටු
2025 මාර්තු මස 14 226 0

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 142 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 722 1

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 370 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 372 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 222 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 517 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 248 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site