IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


සෞඛ්‍ය නීති කැඩූ නව යුවළට වැඩ වරදී

(සුමතිපාල දීයගහගේ සහ ඤාණදාස රන්මුතු)

සෞඛ්‍ය උපදෙස් නොතකා 1000 කට ආසන්න පිරිසක් කැදවා හබරාදුව දුවමලලගම ප්‍රදේශයේදි මංගල උත්සවයක් පැවැත්වූ  මනාල යුවළක් අත්අඩංගුවට ගෙන බැදුම්කර ඇපයක් මත අද (5) මුදාහැරිය බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 

මීට අමතරව එම මංගල උත්සවය සදහා ටෙන්ට් සහ පුටු සැපයුම්කරුද, ආහාරපාන සැපයුම්කරුද අත්අඩංගුවට ගෙන බැදුම්කර ඇප මත මුදා හැරිය බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වැඩි දුරටත් සදහන් කළේය.

මේ අතර මෙම මංගල උත්සවයේදී සංගීත ප්‍රසංගයක් පැවැත්වු සංගිත කණ්ඩායමේ ශීල්පීන්ද අත්අඩංගුවට ගැනිමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කටයුතු කර ගෙන යයි.

මෙම මංගල උත්සවයේ සංගිත සංදර්ශනයක් පවත්වන බවට හබරාදුව මහජන සෞඛ්‍ය පරික්ෂක අචින්ත සමරසිංහ මහතාට ලැබුණ තොරතුරක් මත මෙම ස්ථානයේ සංගිත සංදර්ශනය නතර කිරිමට පියවර ගන්නා ලෙස අචින්ත සමරසිංහ මහතා හබරාදුව පොලිසියට දැනුම්දි තිබේ.

එම ඉල්ලිම පිලිගත් මනාල යුවළ එම අවස්ථාවේම සංගීත ප්‍රසංගය නතර කරවා තිබේ. ඊට පසුව  පොලිසිය එම ස්ථානයෙන් පිටව ගොස් ඇත ඊටපසුව නැවත සංගිත ප්‍රසංගය ආරම්භ කොට ඇති අතර රාත්‍රි  දොළහට පොලිසිය නැවත පැමිණ සංගිත ප්‍රසංගය නතර කරවා පිටව ගිය පසු නැවත සංගිත ප්‍රසංගය ආරම්භ කර තිබේ. නැවත අලුයම එකට එම ස්ථානයට පැමිණි 

පොලිසිය වහාම සංගිත ප්‍රසංගය නතර කරවා ඇත. මේ අන්දමට පොලිසිය තුන් වරක් පැමිණ සංගිත ප්‍රසංගය නතර කළ බවද පොලිසිය මහජන සෞඛ්‍ය පරික්ෂක අචින්ත සමරසිංහ මහතා වෙත දැනුම්දි ඇත. මනාලයාගේ නිවසේ ඉඩකඩ ප්‍රමාණවත් නොවිම නිසා මනාලයාගේ මාමාගේ නිවසේ මෙම මංගල උත්සවය පවත්වා ඇති බවද පරික්ෂණවලදි අනාවරනයවි තිබේ. 

 



අදහස් (3)

සෞඛ්‍ය නීති කැඩූ නව යුවළට වැඩ වරදී

Kule Sunday, 05 December 2021 06:26 PM

මේ වගේ ඔලමොට්ටල, තකතීරු, පණ්ඩිත මිනිස්සුත් අපි අතර ඉන්නවනේ...?

:       0       19

සුරලොව ඇල්මන් Sunday, 05 December 2021 06:26 PM

එතකොට නයිජීරියාවේ සංචාරය කරලා ඔමික්‍රෝන් රැගෙන ලංකාවට ඇවිත් ඔමික්‍රෝන් බව තහවුරුව තිබියදී හදිසි වැඩ තියෙනවා කියලා නිරෝධායනය අතර මග නිදහස් කළ කාන්තාව ගැන ගන්නා තීරණය මොකක්ද?

:       1       25

යෝගා Sunday, 05 December 2021 08:05 PM

මාස හයක්වත් හිරේ දාන්න ඕනේ...

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 112 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 1161 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 330 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 172 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 105 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 784 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 736 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site