IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


සංගීතවේදී කෙනී රොජර්ස් සමුගනී

ලෝ ප්‍රකට සංගීතවේයකු වූ කෙනී රොජර්ස් මහතා සිකුරාදා පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ සාමාජිකයෝ ප්‍රකාශ කළහ.


මිය යනවිට ඔහු 81 වැනි වියේ පසු වූ අතර එය ස්වාභාවික මරණයක් යැයි ද පවුලේ සාමාජිකයෝ සඳහන් කළහ.
 
"රොජර්ස් සාමකාමීව අවසන් ගමන් ගියා. සුව සේවකයන් මෙන්ම පවුලේ සාමාජිකයන් ඒ අවස්ථාවේදී ඔහු සමඟ සිටියා" රොජර්ස් පවුල නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
 
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොරෝනා වයිරසය හේතුවෙන් පෞද්ගලික මට්ටමින් කුඩා අවමංගල්‍යය උත්සවයක් පවත්වන බවද රොජර්ස් පවුලේ සාමාජිකයෝ කීහ.
 
දශක හයක් මුළුල්ලේ සංගීත ලොව මිලියන ගණනක් රසික ප්‍රජාව පිනවූ රොජර්ස් තෙවතාවක් සුප්‍රසිද්ධ ග්‍රැමී සම්මානයෙන් ද පිදුම් ලැබුවේය.
  
"ද ගැම්බලර්", "ලුසිල්" සහ "අයිලන්ඩ්ස් ඉන් ද ස්ට්‍රීම්" ඔහුගේ සුප්‍රකට ගීත ලෙස සැලකේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාහි උපත ලැබූ රොජර්ස් 1950 දශකයේ අගභාගයේදී සිය සංගීත වෘත්තීය ඇරැඹීය. ඉන්පසු හෙතෙම සෑම ආරකම ගීත ගායනා කළේය.
 
 අවස්ථා 24දී සිය ගීත , ගීත ලැයිස්තුවල අංක එකේ ගීතය බවට පත් කරගැනීමට සමත්වූ රොජර්ස් අවස්ථා හයකදී "කන්ට්‍රි මියුසික් අවෝර්ඩ්ස්" හෙවත් සී.එම්.ඒ. සම්මාන දිනාගැනීමට සමත්විය.
හෙතෙම ඇමෙරිකාවේ "කන්ට්‍රි මියුසික් " කීර්තිධරයන්ගේ නාමාවලියේ සාමාජිකයෙකි.
 
ඒ.එෆ්.පී.
 
055



අදහස් (0)

සංගීතවේදී කෙනී රොජර්ස් සමුගනී

ඔබේ අදහස් එවන්න

 

දියත

අක්මීමන වෙඩික්කරුවන්ගේ බවට සැක යතුරු පැදි දෙකක් හමුවේ
2025 මාර්තු මස 13 171 0

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව


රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 177 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 320 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 1041 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 951 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1264 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 198 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 456 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site