(අජන්ත කුමාර අගලකඩ)
රට වහන්නැයි ඉල්ලා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යවන ලද ලිපියට අත්සන් තැබූ කැබිනට් ඇමතිවරුන් තිදෙනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා නැගූ චෝදනා වලට පිළිතුරු නොදීමට එම ඇමතිවරුන් තිදෙනා තීරණය කර ඇතැයි වාර්තා වේ.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 ක නායකයන් ඉකුත් බ්‍රහස්පතින්දා (26) රාත්‍රියේ විමල් වීරවංශ ඇමතිවරයාගේ නිල නිවසේ රැස්වී සාකච්ඡාවක් පවත්වා ඇති අතර, පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතාගේ චෝදනාව සම්බන්ධයෙන් පිළිතුරක් නොදීමට එහිදී ද තීරණය වූ බව දැනගන්නට ඇත.
රට නොවසන බවට කැබිනට් මණ්ඩලයේදී තීරණයක් ගෙන තිබියදී ,රට වහන්නැයි ඉල්ලා ඇමතිවරුන් තිදෙනකු ගේ අත්සනින් ජනාධිපතිවරයාට ලිපියක් කැවීම පිටුපස කුමන්ත්‍රණයක් ඇතැයි සැක සිතන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ඉකුත් සතියේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් වහා පියවරක් ගන්නැයි මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්ද කළේය.
මේ අතර, ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායකවරයකු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න මන්ත්‍රීවරයාය එම ධුරයෙන් ඉවත් කර ඇත.
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
සාගරට පිළිතරු නොදෙන්න විමල්ලා තිරණය කරති
දාස Saturday, 28 August 2021 11:38 AM
මොනවා නියන්නද? දෙනදෙයක් කාලා, වෙන දෙයක් බලන් ඉන්නවා හැර... 20 සංශෝධනේට අත ඉස්සුවනේ. දැන් කට ඇරියොත් පයින් ගහලා ඔය 3 දෙනා එළියට ඇදලා දාන්නේ... ඒ හින්දා රට කාපු එවුනේ ඔය කටවල් 3 වහගෙන හිටපල්ලා.
සෙනෙවිරත්න Saturday, 28 August 2021 01:06 PM
ඇත්ත... වෙන මොනවා කියන්නද? මහින්ද ලොක්කගේ පණ තියෙනතුරු එල්ලිලා ඉන්න පුළුවන් වේවි... ඒකත් නැතිවෙන වාදවල පැටලිලා ජනතාවට අන්දරේලා වෙලා පාරට බහින්නයි වෙන්නේ...
සමන් Saturday, 28 August 2021 12:06 PM
මේ වෙලාවේ සාගර ගැන කියන්න සුදුසුම තැනැත්තා ලක්ෂ්මන් කිරිඇල්ල මහතායි. ඒ අනුව ඕනෑම ගොනෙකුට ලියුම් ලිවීමට හැකිය. අනික් අය ගොන්නුන්ට අකුරු කියවන්න බැරි නිසා ඔන්ගේ ලියුම්වලට පිළිතුරු ලියමින් කාලය නාස්ති කළ යුතු නැත.
Lalith M Saturday, 28 August 2021 01:00 PM
කවුද ගොන්නු?
සමන්Saturday, 28 August 2021 03:37 PM
ලලිත්, හොඳට බලන්න. තේරුම් ගන්න. කිරිඇල්ල තියරිය අනුව ගොනා ලෙස හැඳින්වෙන්නේ කවුරුද (ඒක වචන) යන වග ඔබට තේරුම් යන්න ඇති කියලා හිතනවා.
චන්දිම Saturday, 28 August 2021 12:21 PM
රටේ කොච්චර ප්‍රශ්න තියෙනවද? මේ පොහොට්ටු හොට්ටෝ ටික හැමදාම බොරු කතා දදා කාලය කනවා. ඕවට මාධ්‍ය වල කාලය වැය කිරීමත් නිෂ්පල ක්‍රියාවක්.
Deepal Nirosh Saturday, 28 August 2021 01:37 PM
ඉතා නිවැරදි තීරණයක්, ඕන ගොනෙකුට පුළුවන් ලියුම් ලියන්න. බල්ලො බිරුවට කඳු නම් හෙළවෙන්නේ නැහැ.
de silva Saturday, 28 August 2021 01:55 PM
20ට අත ඉස්සුවනේ... දැන් ඔහොම හිටපල්ලා... සාගර, නුඹලාට බැනලා ලියුම් එව්වට දැන් කරන්න දෙයක් නෑ.. බොලා වාගේ ජාතිවාදය වපුරවමින්, බොරු කියමින් රට විනාශ කරපු මිනිස්සුන්ට ඔහොම වෙන්න ඕනෑ...
mahinda Saturday, 28 August 2021 02:11 PM
උත්තර දෙන්ට ගියෝත් පස්චාත් භාගයට පා පහර දෙකක් දී දොට්ට යන්න වෙන වග පැහැදිලිව දන්නවා නේ.
Sriland Saturday, 28 August 2021 04:20 PM
බොරුවට ජනතා මනස වෙන අතකට යොමුකරන්න නාට්ටි රඟපානවා. අවුරුදු 2ක් පාසල් වහලා. මේවා තේරෙන්නේ නැහැ. ළමයි ගෙවල්වල පිස්සු නටනවා. දෙමව්පියන්ට කරන්න දෙයක් නැතිව අසරණ වෙලා. කෝ මේවාට විසඳුම්..?
Hafeel Saturday, 28 August 2021 04:26 PM
දැන් මේ තුන්දෙනාටම වෙලා තියන්නේ ගොළුවා කසායම් බීපුවා වගේ. 2019 ජනාධිපතිවරණයට පෙර වාසුදේව පුන පුනා කිව්වා ගෝඨාට සහයෝගය දෙන්න බැහැ කියලා. අවසානයේ සහයෝගය දුන්නා. 20 වැනි සංශෝධනයටත් මේ තුන්දෙනාම ඔහොම තමයි කිව්වේ.. සහයෝගය දෙන්න බැහැ කියලා. පසුව සහයෝගය දීලා උඩින් සම්මත කරලා දුන්නා. මේ තුන්දෙනාට මේ පක්ෂය හැර වෙන දේශපාලන අනාගතයක් නැහැ. හරියට කරපිංචා වගේ...
Lelwala Saturday, 28 August 2021 05:24 PM
මේ තුන්දෙනාම නැට්ටුවෝ... මේ අයට පොහොට්ටුව දාලා ගියොත් යනඑන මං නෑ. ඒකනිසා බොරු රංගනයක් රඟදක්වනවා.
MithrasiriSaturday, 28 August 2021 09:00 PM
ලයනල් මෙසී වගෙ ක්‍රීඩකයෙක් ලංකාව වගේ කන්ඩායමකට ක්‍රීඩා කලත් ඇතිවන සෙතක් නැහැ වගේ විමල් වැනි අය සිටිය යුත්තේ තනි තනිව නොව ප්‍රධාන ධාරාවේ පක්ෂයක් සමගයි. එවිටයි යමක් සිදුවන්නෙ.
Raja Saturday, 28 August 2021 06:59 PM
බියගුළු කාඩ්බෝඩ් චන්ඩියෝ
Sanath Saturday, 28 August 2021 07:14 PM
කිසිවෙකුගේ අදහස් ඇසීමට අපට අවශ්‍ය නැත, ඔබ ආවේ රට සංවර්ධනය කිරීමට ය. එසේ කර එය මිනිසුන්ට පෙන්වන්න.
sampath Saturday, 28 August 2021 09:13 PM
කාරිය කෙරෙනතුරු කාගේත් රැවටිල්ල කියල තියෙන්නේ නිකන් නොවෙයිනේ.