(කාංචන කුමාර ආරියදාස)
ලෝක උරුමයක් ලෙසින් නම්කළ සීගිරිය දෙස් විදෙස් සංචාරකයන් බොහෝ දෙනෙකුගේ ආකර්ෂණයට ලක්වීම සඳහා විශේෂ කරුණු රැසක් පාදක වූ අතර ඉන් සීගිරි පව්ව මත පිහිටි ජල තටාකය විශේෂත්වයක් වූයේ එම ස්ථානයට ජලය රැගෙන ගියේ කෙසේ ද යන්න තවමත් සොයාගැනීමට නොහැකි වූ බැවිනි.
බොහෝ කාලයක මෙම සීගිරි පව්ව මත තිබුණු පිහිටා තිබූ ජල තටාකය නොසිදෙන ජල උල්පතක් ව පැවතියද මේ දිනවල පවතින අධික නියඟය හේතුවෙන් සීගිරි පව්ව මස්තකයේ පිහිටි ජල තටාකය සම්පූර්ණයෙන්ම සිදී ගොස් තිබේ.
එම හේතුවෙන් සීගිරි පව්ව මත පිහිටි ජල තටාකය පතුලේ පවතින රොන්මඩ සම්පූර්ණයෙන්ම ඉවත්කර පිරිසිදු කිරීමට සහ එහි අවට බැමි ප්‍රතිසංස්කරණ කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරාවිද්‍යා අංශය විසින් ආරම්භ කර තිබේ.
මධ්‍යම සංස්කෘතික අරමුදල පුරාවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යා නිලධාරී සුමිත්‍රා බස්නායක මහත්මිය කියාසිටියේ ජල තටාකය තමන් දන්නා කාලයක මේ ආකාරයෙන් සම්පූර්ණයෙන්ම සිඳී ගොස් නොමැති බවය. කෙසේවෙතත් මේ දිනවල වසර ගණනාවක් තිස්සේ ජල තටාකය පතුළට එක්ව තිබුණු රොන්මඩ ඉවත් කිරීම සහ බැමි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීම බවය.
මෙම ජල තටාකය අතීතයේ සීගිරි රාජධානිය පැවති සමයේ නාන තටාකයක් ලෙස භාවිතා කරන්නට ඇති බව පුරාවිද්‍යා නිලධාරීන්ගේ මතය වී තිබේ. සම්පූර්ණ ගලෙන් නිර්මාණය වී ඇති මෙම තටාකය ඉතා අලංකාරව අදටත් පැවතීම විශේෂත්වයකි.
පවතින දැඩි නියං තත්වය හේතුවෙන් සීගිරිය බලකොටුවේ ඇති පිටත දිය අගල හැරෙන්නට අනෙකුත් සෑම දිය පොකුණක් ම සිදී ගොස් තිබේ. මෙම නියඟය කාලය උපයෝගී කරගෙන වසර ගණනාවකට පසු එම දිය පොකුණු වල පතුලේ රොන්මඩ ඉවත් කිරීම මේ දිනවල කඩිනමින් අවසන් කරමින් පවතින බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘති කළමනාකරු මේජර් අනුර නිශාන්ත මහතා සඳහන් කළේය.
සීගිරිය නැරඹීම සඳහා අතීතයේ සිට ගිය බොහෝ දෙනෙකු සීගිරි පව්ව මතට ගොස් දිය සහිත පොකුණ නැරඹීමේ අවස්ථාව උදා වූ අතර මේ දිනවල සීගිරි පව්ව මතට නගින ඕනෑම අයකුට සිඳී ගිය ජල තටාකය සහ එහි ගැඹුර කොපමණ ද යන්න පවා දැක බලා ගැනීමට හැකියාව පවතී.
අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක
ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.
පාසලෙන් ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් සිසුන් 18 දෙනකු ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රා
ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නොවෙයි මේ රටේ කිසිවකුටත් නීතියට උඩින් යා නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සීගිරි ජල තටාකය සම්පූර්ණයෙන් හිඳිලා
චමින්ද Saturday, 28 September 2019 06:40 AM
2018 ඔක්තෝබර් සිද්ධියත් දේවෝ වස්සතු කාලේන ගාථාවත් මතක්වුණා.
Shantha Qatar Saturday, 28 September 2019 11:01 AM
අන්තිම පින්තූරෙ ඉන්නේ කවුද?
kokilaSaturday, 28 September 2019 11:47 AM
පරණ සීගිරි අප්සරාවක්ද...?
Nandalal DE SILVA - FranceSaturday, 28 September 2019 07:34 PM
නැහැ නැහැ සිගිරි ලලනාවක් !!!!!
SiriSaturday, 28 September 2019 12:17 PM
ඇයි ඔයා අඳුනාගත්තේ නැද්ද?
siriSaturday, 28 September 2019 04:21 PM
වාර්තාව සම්පුර්ණයෙන්ම කියවලා නැති හැඩයි.
DammiSunday, 29 September 2019 02:27 AM
ඔය ලේබල් එකත් ගහලා තියෙන්නේ...
kule Saturday, 28 September 2019 07:39 PM
තටාකය සිදී ඇත්නම් තව සොයා බැලුවොත් වතුර තකයට එන තැන සොයාගන්නත් පුළුවන් වෙයි
leel gunawardena Sunday, 29 September 2019 01:06 PM
මේ අප්සරාව කොණ්ඩය බැඳලා නැහැ නේද?
sharm warn Monday, 30 September 2019 03:58 AM
ඔය ගමන්ම සී.පී. බෙල් කොන්ක්‍රීට් දාලා වැහුවාය කියන කර්කටක යන්ත්‍රය ගමන් කළ සෝපාන මාර්ගයත් පාදන්නකෝ.. බෙල්ට බැන බැන හිටියා මිසක් කවුරුවත් එක ගවේෂණය කරන්න පිට කොන්දක් අරන් වැඩ කලේ නැහැනේ..
Siri Wednesday, 02 October 2019 04:47 PM
ගල්තලාව උඩ තියෙන්නේ වැහිවතුර එකතුවෙච්ච. ඒක තද ඉඩෝර කාලයට හිඳිලා. එච්චරයි! වෙන මොකුත් ප්‍රාතිහාර්යයක් මෙතන නැහැ. ඕනෑම නම් වතුර උඩට පොම්ප කරනෙකයි ඇත්තේ.