IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


සංචාරක හෝටල්,අවන්හල් සහ වාසස්ථානවලට සහනයක්

( තිළිණි ද සිල්වා )

සංචාරක හෝටල්, අවන්හල් සහ වාසස්ථානවලින් පළාත් පාලන ආයතන විසින් අයකරනු ලබන බදු මුදල් සංශෝධනය කිරීමට සහ විදුලි බිල්පත් සහනය තවදුරටත් ලබාදීම සදහා විශේෂ කැබිනට් පත්‍රිකා දෙකක් ඉදිරිපත් කරන බව  සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

පළාත් පාලන ආයතන බදු මුදල් සංශෝධන කැබිනට් පත්‍රිකාව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමතිවරයා සමග ඒකාබද්ධව ඉදිරිපත් කරන බවද සංචාරක අමාත්‍යවරයා කියා සිටී.

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටලයක්, ආපනශාලාවක් හෝ නවාතැන්පොළකින් පූර්ව වර්ශයේ සම්පූර්ණ පිරිවැටුමෙන් සියයට 1ක උපරිමයකට යටත්ව බලපත්‍ර ගාස්තුවක් අයකිරිමට පළාත් පාලන ආයතනවලට බලය පැවරී තිබේ.

මේ නිසා වාර්ෂිකව සිය ආදායමෙන් සැලකිය යුතු මුදලක් පළාත් පාලන ආයතනවලට ගෙවීමට එම ආයතනවලට සිදුවී ඇත.

මීට අමතරව අදාළ ආයතන මගින් අනෙකුත් බදු හා කසළ එකතු කිරීමේ බදු මුදල් ද පළාත් පාලන ආයතනවලට ගෙවනු ලබන අතර මේ තත්ත්වය ද සැලකිල්ලට ගනිමින් එම බදු මුදල සංශෝධනය කිරිමට අපේක්ෂා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේය.

මීට අමතරව ලංකා විදුලිබල මණ්ඩලය මගින් සංචාරක හෝටල්, ආපනශාලා, වාසස්ථාන වෙත ලබා දි ඇති විදුලිබිල්පත් සහනය තවදුරටත් දීර්ඝ කිරිම සම්බන්ධයෙන් ද කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරිමට කටයුතු යොදා තිබේ. 

ඒ අනුව 2020 මාර්තු 01 වෙනිදා සිට 2021 පෙබරවාරි 28 දින දක්වා ලබා දී තිබු විදුලි බිල් සහනය මේ වසර අවසන් වනතුරු දීර්ඝ කිරීමටත්, වැඩි ඉල්ලුමක් පවතින අවස්ථාවල දී හෝටල් කර්මාන්තයේ විදුලි ඒකකයක මිල අනෙකුත් කර්මාන්ත හා සමාන වන පරිදි සැකසීමටත් යෝජනා කර තිබේ.

ඒ අනුව සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක හෝටල්, ආපනශාලා හා වාසස්ථාන සදහා 2020 මාර්තු මාසයේ සිට 2021 දෙසැම්බර් මස 31 වන දින දක්වා දැනට ගෙවීම් කර නොමැති සියලු හිඟ සමුච්චිත විදුලි බිල්පත් ලබන වසරේ 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සමාන වාරික 36 කින් ගෙවිමේ සහනය ලබාදිමට යෝජනා කරන අතර එම කාලය අවසන් වනතුරු විදුලිය විසන්ධි නොකරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා සදහන් කරයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ අදාළ කැබිනට් පත්‍රිකා දෙක ඉතා ඉක්මණින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිත බවය. 

 



අදහස් (3)

සංචාරක හෝටල්,අවන්හල් සහ වාසස්ථානවලට සහනයක්

de silva Wednesday, 08 December 2021 03:32 PM

ඔය ටැක්ස් එකෙන් වැඩක් නැහැ. විදේශ ශ්‍රමිකයාට ලබාදුන් රුපියල් 10 ඩොලර් සහනය හෝටල් හිමියාටත් ලබාදෙන්න.

:       0       3

de silva Wednesday, 08 December 2021 04:23 PM

ප්‍රාදේශීය සභාවට ගෙවන ටැක්ස් එක කැපුවාම කොහොමද අපද්‍රව්‍ය කළමනාකරණය වැනි සේවා සපයන්නේ..? අපේ ක්‍රෙඩිට් කාඩ් මැෂින් එකට සහ ගිණුමට වැටෙන ඩොලර්වලට... වෙළඳපලේ දැනට තිබෙන නියම මිල ගෙවන්න. නැතිනම් අපට ලැබෙන ඩොලර්වලින් කොටසක් හෝ පිටරට ගිණුම්වලට හරවලා යවනවා. එහෙම නැතිනම් undiyal ක්‍රමයට ගෙන්න ගන්නවා..

:       0       2

විපරමා Wednesday, 08 December 2021 06:15 PM

කෙරුවාවල් කෙසේවෙතත් කයිවාරුව නම් තියෙනවා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 433 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 144 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 154 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 613 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 206 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 643 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 745 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site