(අජන්ත කුමාර අගලකඩ)
කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහ දිවයින පුරා පනවා ඇති සංචරණ සීමා අඛණ්ඩව ජූනි 7 වැනි දා තෙක් ක්‍රියාත්මක කරන බව රජයේ ආරංචි මාර්ග කියයි.
කොරෝනා මර්ධන කමිටුව අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත.
සංචරණ සීමා මෙම 31 සහ ජුනි 4 වැනි දා ලිහිල් කිරීමට කලින් තීරණය කර තිබුණද ඉකුත් 25 වැනිදා සංචරණ සීමා ලිහිල් කිරීමේදී රට තුළ වූ වාතාවරණය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇතැයි ද වාර්තා වෙයි.
සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුළ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස් වෙත ගෙන ගොස් අලෙවි කිරීමේ ජංගම අලෙවි සේවා සංවධානය කරන ලෙස දිසාපතිවරුනට හා ප්‍රාදේශීය ලේකම්වරුනට උපදෙස් දී ඇතැයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ජනතාවට නිවෙස්වලින් බැහැරට නොගොස් සිය අවශ්‍යතා සපුරා ගැනිමට අවශ්‍ය වටපිටාව සකසන්නැයි ද දැනුම් දී ඇත.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සංචරණ සීමා ජූනි 7 තෙක් දිගටම
sena Friday, 28 May 2021 08:21 AM
පණ්ඩිතයාට ඒ දණ්ඩේ යන්න බැහැලුනේ.., අපේ බක පණ්ඩිතයාට මොකුත් බැහැ වගේ.. 69ට දැන් සනීපද?
මුණසිංහ Friday, 28 May 2021 12:28 PM
ඕකට තමයි මහත්තයා ඉල්ලගෙන කනවා කියන්නේ. ලිහිල් කළාම කට්ටියක් හැසිරුණු හැටි දැක්කා නේද..? එහෙම ඩෙඟා නටලා සර් පේල් කියනවා. අනෙක සර්ලා නේද වහාම රට වහන්න කිව්වේ? දැන් වැහුවාම කියනවා ඇරපන් කියලා. අපි ඕස්ට්‍රේලියාවට, නවසීලන්තයට සමාන වෙන්න නම් මීට වඩා බුද්ධිමත් වෙන්න ඕනෑ. නැතිව අරහෙ මෙහෙමයි කිව්වාට වැඩක් නැහැ..
දොලේවත්තSaturday, 29 May 2021 05:37 AM
අමුඩෙ ගිහින් අමුඩේ හෝදලා වැඩක් නෑ ඕයි...
Kumara Friday, 28 May 2021 08:54 AM
ඔය කියන සංචරණ සීමාව කොහෙද තියෙන්නේ? පාරට බැහැලා බලන්නකෝ කවුද ගෙවල් ඇතුලේ ඉන්නේ කියලා...
මුණසිංහ Friday, 28 May 2021 12:30 PM
ඇත්ත, තමන්ටම හරි තමන්ගේ පවුලේ කෙනෙක් හරි පොසිටිව් වෙනකම් ඕක තේරුම් ගන්නේ නැහැ...
pakeer Friday, 28 May 2021 09:36 AM
අතශවශ්‍ය සේවා කියලා හැමෙෝම පාරේ
KUMARA Friday, 28 May 2021 10:09 AM
ලෝකෙ ඉන්න විනයක් නැති,හැදියාවක් නැති, හික්මීමක් නැති පන්ඩිත ජාතිය කට සංචරන නෙමෙයි මොන සීමා දම්මත් වැඞක් නැ.
kamal Friday, 28 May 2021 10:14 AM
සංචරන සීමා කෙසේ වෙතත් අපේ ගේ ඉස්සරහ පාරෙ ගමේ අය මෝටර් සයිකල් වලින් යනව ඉවරයක් නෑ.
BANDA Friday, 28 May 2021 10:34 AM
ආ... කොහොමද? දැන් සැපද?
නස්නීන් Friday, 28 May 2021 12:37 PM
සංචරණ සීමා කොපමණ කාලයක් ඉවසන්නද? සීමා කාලය වැඩිවන තරමට මහ ජනතාවගේ ආර්ථිකය සහ මානසික සෞඛ්‍ය තත්ත්වය බරපතල ලෙස පහළට යනවා වගේම මෙය කොරෝනාවට වඩා බරපතල දීර්ඝ කාලීන ප්‍රශ්නයක් වේවි...!!!