IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


සජින් වාස්ගේ නඩුව පෙබරවාරී 25 සිට දිනපතා විභාගයට

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කළ වසර තුනක කාලය තුළ නීතීවිරෝධි ක‍්‍රියාකාරකම්වලින් රුපියල් කෝටි 44හමාරකට අධික මුදලක් උපයා ගත් බවට චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහි නඩුව ලබන වසරේ පෙබරවාරි මස 25 වැනිදා සිට දිනපතා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (01) තීරණය කළේය.
 
මෙම නඩුව ලබන වසරේ පෙබරවාරී මස 25 වැනිදා සිට 28 වැනිදා දක්වා දින හතරක් විභාග කිරීමට තීරණය කළ විනිසුරුවරයා මෙම නඩුවේ සාක්කිකරුවන් 5 දෙනෙකුට ඒ දිනවල අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කළේය.
 
2011 මාර්තු මස 31 වැනිදාත් 2014 දෙසැම්බර් මස 23 වැනිදාත් අතර කාලයේ කොළඹදී නීතීවිරෝධි ක‍්‍රියාකාරකම් වලින් රුපියල් 445,111,567.70 ක මුදලක් උපයා ගත් බවටද නීතීවිරෝධි ක‍්‍රියාකාරකම්වලින් එම මුදල් උපයා ගත් බව දැනදැනම ඉන් රුපියල් 306,268,194.76 ක මුදලක් සමාගමේ නමින් ඇති බැංකු ගිණුම්වල තැන්පත් කළ බවටද විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
 
විත්තිකරු විසින් මුදල් විශූද්ධීකරණ පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බවද නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව වැඩිදුරටත් චෝදනා නගා ඇත.
 

සජින් ද වාස් ගුණවර්ධන මහතා විසින් නීතීවිරෝධී ක‍්‍රියාකාරකම්වලින් මුදල් උපයන බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කරන ලද බවත් විමර්ශනයේදී විත්තිකාර සජින් ද වාස් ගුණවර්ධන 2010 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීම ස`දහා නාමයෝජනා බාරදෙන විට ‘කොස්මෝස්’ නාමය යටතේ ව්‍යාපාර 21 ක් ඔහු සතුව තිබී ඇති බවට සාක්කි ඇතැයි නීතීපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.
 
14 වැනි පාර්ලිමෙන්තුවේ මන්ත‍්‍රීවරයකු වශ්‍යයෙන් පත්වීමට පෙර අදාළ ව්‍යාපාර සියල්ලේම අධ්‍යක්‍ෂධුරවලින් ඔහු ඉවත් වී ඔහුගේ ව්‍යාපාර කොටස් බිරිඳ වෙත හුවමාරූ කළ බව විත්තිකරු සඳහන් කළත්  විත්තිකරු පාර්ලිමෙන්තු මන්ත‍්‍රීවරයකු වශයෙන් පත්වීමෙන් අනතුරුවද අදාළ ව්‍යාපාරයන්හි මෙහෙයුම් කටයුතුවල සක‍්‍රීයව යෙදී ඇති බවට සාක්කි ඇතැයි අධිකරණයට දැනුම් දී ඇති නීතිපතිවරයා විත්තිකරු අදාළ ව්‍යාපාර 21 න් 07 ක් උපයෝගි කරගනිමින් සැකකටයුතු ගනුදෙනුවල යෙදී ඇති බවට මෙන්ම ඔහු විසින් අදාළ ව්‍යාපාර ගිණුම්වල රුපියල් 458,747,757.70 ක මුදල් තැන්පත් කළ බවට සාක්කි ඇතැයිද අධිකරණයට දැනුම් දුන්නේය.
 
මෙපමණ විශාල මුදල් කන්දරාවක් ලැබීමට තරම් විත්තිකරුට හෝ ඔහුගේ බිරිඳට ආදායම් මාර්ග නොමැති බවද ඒ බව විත්තිකරු හා ඔහුගේ බිරිඳ විසින්ද පිළිගෙන ඇතැයිද මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් සිදුකළ විමර්ශන වලදී මෙපමණ විශාල මුදල් කන්දරාවක් ලැබුණේ කෙසේදැයි හෙළි කිරීමට විත්තිකරුට හෝ ඔහුගේ බිරි`දට හැකියාවක් ලැබී නැති බවද නීතීපතිවරයා විසින් වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී ඇත.
 
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරු අධිකරණයේ පෙනී සිටියේය.
 

පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නලීන් හේවාවසම් මහතා අධිකරණය අමතමින් විත්ති පාර්ශවය වෙත බාරදිය යුතු ලේඛන නිසිපරිදි ලබාදී ඇතැයි දැනුම් දුන්නේය.
 
ඉදිරිපත් වු කරුණු සළකා බලමින් අදාළ ලේඛණ නිසි පරිදි විත්ති පාර්ශවයට ලැබී ඇත්ද යන්න පරීක්‍ෂා කර බලා අඩුපාඩු ඇත්නම් අධිකරණයට දැනුම් දෙන ලෙස නියම කළ විනිසුරුවරයා ඒ ස`දහා මෙම නඩුව ලබන නොවැම්බර් මස පළමුවැනිදා යළි කැඳවීමට නියම කළේය.
 
පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නලීන් හේවාවසම් මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතීඥ ජීවන්ත ජයතිලක මහතා පෙනී සිටියේය.
 



අදහස් (0)

සජින් වාස්ගේ නඩුව පෙබරවාරී 25 සිට දිනපතා විභාගයට

ඔබේ අදහස් එවන්න

 

 

උසාවිය

රූපවාහිනී වැඩසටහන නතර කළාට 80,000 ක් බැගින් වන්දි
2021 පෙබරවාරි මස 18 4893 1

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මගින් විකාශය කළ ’’ඉරා අඳුරු පට’’ නැමැති වැඩසටහන හදිසියේ අතරමග නතර කිරීම තුළින් එම ආයතනය එම වැඩසටහනේ ප්‍රේක්ෂකයින් වූ නි


මුළුමනින්ම මුහුණු ආවරණයකළ හිස්වැසුම් පැළඳිය හැකියි
2021 පෙබරවාරි මස 16 4839 6

සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුම් පලඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උප


බිම්සානීගේ උසස්වීමට එරෙහි පෙත්සම මැයි 18 දා ගනී
2021 පෙබරවාරි මස 16 8327 3

ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පසුගියදා උසස් වීම් ලද බිම්ශානී ජාසිංහ ආරච්චි මහත්මියගේ එම උසස් වීම බල රහිත කරන ලෙස ඉල්ලා ජ්‍යේෂ්ඨ පොල


දරු දෙදෙනාට වස පෙවූ මව රිමාන්ඩ්
2021 පෙබරවාරි මස 16 3104 1

මාස 11ක් වයසැති පුතාට සහ අවුරුදු තුනක් වයසැති තම දියණියට වස පෙවූ 28 හැවිරිදි මවක් මාර්තු 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල වැඩබලන මහේස්ත්‍රා


මියගිය පුතුට කොරෝනා දැයි සොයන්න පියා තවත් පී.සී.ආර්. පරීක්‍ෂණයක් ඉල්ලයි
2021 පෙබරවාරි මස 15 828 0

මියගිය සිය පුත්‍රයා කොවිඩ් ආසාදිත දැයි නිශ්චිතව දැන ගැනීම සඳහා යළිත් වරක් පී.සී.ආර්. පරීක්‍ෂණයට ලක් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන්


කනේ පහර කෑ සිසුවාට ලක්ෂ හය හමාරක් වන්දි
2021 පෙබරවාරි මස 12 12532 32

මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විනය භාර ආචාර්යවරයා විසින් සිසුවෙකුගේ කනට ගසා බරපතල හානි කිරීමෙන් එම සිසුවාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 736 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site