(අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයට එක්වූ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 69 දෙනා ඉවත් කිරීම සම්බන්ධයෙන් දැනුම් දී යොමුකළ ලිපිය මැතිවරණ කොමසාරිස්වරයා පිළිගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
පක්ෂයෙන් පලවාහරින මන්ත්‍රීවරුන් වෙනුවට නවක මන්ත්‍රීවරුන් පත් කිරීම පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතව ඇතැයිද මහලේකම්වරයා කීය.
අදාලා මන්ත්‍රීවරුන් ඉවත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ගෙන තිබූ තීරණය සනාථ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ද තීන්දුවක් ලබාදී තිබූ බව කී රංගේ බණ්ඩාර මහතා
එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය අහෝසි කිරීම වලකන ලෙස අදාළ පළාත් පාලන මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළ බවද සඳහන් කළේය.
අනුරාධපුර වෛද්‍යවරිය දුෂණයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
සජබට ගිය එජාප 69 ඉවත් කිරීමේ ලිපිය මැකො පිළිගනී
parakkrama Wednesday, 16 June 2021 06:56 PM
මෙම පුවත බැලුවන්ගේ ගණන ගැන සිතන විට එම පුවත ගැන මහජනතාව තුළ ඇති උනන්දුව මැනවින් පැහැදිලි වෙයි...
de silva Wednesday, 16 June 2021 08:56 PM
ලබන සැරේ සියයට 1 පමණ බලාපෙරොත්තුවෙන්න