IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


සජබයේ ‘‘හුස්ම‘‘ කාසල් රෝහලට

(නිමල කොඩිතුවක්කු)

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහනේ 'ජන සුවය' සමාජ සත්කාර වැඩසටහනෙහි 32 වන පියවර ලෙස රුපියල් ලක්ෂ හැත්තෑ හයක් වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලට පිරිනැමිණි.

සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම අත්‍යවශ්‍ය රෝහල් උපකරණ තොගය කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහල් අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා වෙත බාර දුන්නේය.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු සදහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මෑණියන් වන හිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස මැතිණියගේ 87වන ජන්ම දිනය සිහිපත් කරමින් මෙවර විපක්ෂයෙන් හුස්මක් වැඩ සටහන ක්‍රියාවට නංවා තිබිණ.

මීට පෙර අවස්ථා 31ක් තුල ලක්ෂ 896 ක රෝහල් උපකරණ ලබාදීමට සමගි ජනබලවේගය කටයුතු කළේය.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ "ජනසුවය" ව්‍යාපෘතිය එක්ව "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

 



අදහස් (2)

සජබයේ ‘‘හුස්ම‘‘ කාසල් රෝහලට

fairoos Thursday, 28 October 2021 01:08 PM

මෙවැනි දේවල් අගය කළ යුතුයි. ඒකත් කකුලෙන් අදින්නේ නැතිව...

:       2       1

Raveendra Thursday, 28 October 2021 03:30 PM

රටේ මහජනතාවගේ පලප්‍රයෝජනය සඳහා කිසිවෙකු ගඩොල් කැටයක් හෝ තම ධන පරිත්‍යාගයෙන් දෙන්නේ නම් අප එය අගය කරන්නෙමු. එසේ අවංකව එය අගය කිරීමට කව්රුන් දුන්නේද යන්න අපට නම් අදාලම නැත. එබැවින් මෙම පරිත්‍යාගය සදහා නන් අයුරින් දායක වූ සැමට අපගේ ප්‍රණාමය සහ ඔබලාගේ සියලු පැතුම් ඉටුවේවා යන්න හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු. එලෙසම මෙම අදහස්ද සඳහන් කරන්නේ ඉතාමත්ම සත්භාවයෙන් බවත් කිසිවෙකුට අපහාස කිරීමට නොවන බවත් කීමට කැමැත්තෙමු. "වැදගත් බුද්ධිමත්" මිනිසුන් කෙනෙකුට කුමක් හෝ උදව්වක් කරන්නේ ඉතාමත්ම නිහඬවයි. කෙටියෙන් සඳහන් කරනවා නම් දකුණු අතින් දුන් දෙය වම් අතටවත් දැනෙන්නට ඉඩ නොතබන බවයි. "පොදුවේ ගත්කළ අප රටේ දේශපාලුවන් සියලුම දෙනා" අනුගේ මුදල් තමන්ගේ මුදල් ලෙස පරිත්‍යාග කිරීමට උපන් හපන්නුන්ය. එය හරියටම මළගෙදරක ගොස් සිගරට්, බුලත්විට එකිනෙකාට බෙදනවා වැන්නකි...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 438 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 144 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 70 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 77 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 676 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 849 0

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 735 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site