IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


‘සුජීවා’ ඇතින්න-පැටවා මුල් අයිතිකරුට දෙන්නැයි නීතිපති ඉල්ලයි

(නිමන්ති රණසිංහ)

වනජීවි හා වෘක්ෂලතා ආඥාපනතේ විධිවිධාන ප්‍රකාරව ‘සුජීවා’ ඇතින්න සහ ඇගේ පැටවා එහි මුල් අයිතිකරු වෙත මුදා හරින ලෙස නිතිපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතාගෙන් අද  (24) ඉල්ලා සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ නිරීක්ෂණයකට ලක්වී ඇති අවස්ථාවක එම ඉල්ලීමට ඉඩ ලබා දුනහොත්, එය අභියාචනාධිකරණය හෑල්ලුවට ලක්කීරිමක් බව ප්‍රකාශ කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, අභියාචනාධිකරණයෙන් තීන්දුවක් ලැබෙන තෙක් ඇතින්න සහ පැටවා නිදහස් කිරීම පිළිබදව කිසිදු තීරණයක් නොගන්නා බව ප්‍රකාශ කළේය.

වන සත්ව සහ වෘක්ෂලතා ආඥා පනතේ විධිවිධාන අනුව වයස අවුරුදු 5ට අඩු අලි පැටවකු සිටිය යුත්තේ මව් ඇතින්න භාරයේ වීම හේතුවෙන් මෙම සිද්ධියේ 206 ‘සුජීවා’ ඇතින්න සහ ඇගේ මාස තුනක් වයසැති පැටවා මුල් අයිතිකරු වෙත භාරදෙන ලෙස නිතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණයෙන් ඉල්ලීය.

මෙම සුජීවා සහ ඇගේ පැටවා සම්බන්ධයෙන් මේ වන විටත් අභියාචනාධිකරණයේ නිරීක්ෂණයට ලක්වී ඇති අවස්ථාවක ඊට පටහැනි නියෝගයක් තමන් විසින් ලබා දෙනු ලැබුව හොත් එය අනිවාර්යෙන්ම අභියාචනාධිකරණය හෑල්ලුවට ලක්කිරීමක් වන බව මෙහිදී මහේස්ත්‍රාත්වරයා සදහන් කළේය.

ඒ අනුව, 206 සුජීවා ඇතින්න සහ ඇගේ පැටවා සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙන් නිසි තීරණයක් ලැබෙන තෙක් ඔවුන් නිදහස් කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් තමන් නොගන්නා බව ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.

කූඨ ලේඛණ සකස් කරමින් අලි ඇතුන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (24) යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී



අදහස් (4)

‘සුජීවා’ ඇතින්න-පැටවා මුල් අයිතිකරුට දෙන්නැයි නීතිපති ඉල්ලයි

සෙනෙවිරත්න Friday, 24 September 2021 07:43 PM

තමන්ට නැති නම්බුකාරකම් ආරෝපනය කරගන්න කැලේ සතුන් යොදාගන්න එපා.

:       0       1

Praba Friday, 24 September 2021 08:01 PM

අනේ මහත්තයො අලියන්ගෙ මුල් අයිතිකරුවො තීරනය කලේ කොහොමද?

:       0       1

ලුම්බිණි Saturday, 25 September 2021 05:51 AM

කවුද මේ සතුන්ගේ අයිතිකාරයා කියන පුද්ගලයා. පේන විදියට ඔහෙ අධිකරණයටත් බලපෑම් කරන්න පුළුවන් අයෙක් බවකුයි හැඟෙන්නේ. මොහුගේ නම එළි කරන්න.

:       0       1

saman Saturday, 25 September 2021 07:20 AM

අප සැමගේ ගෞරවනීය ආචාරය...!

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 639 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 177 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 528 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 133 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1783 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site