IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


සත්‍යග්‍රහයට එජාප මන්ත්‍රීවරු පිරිසක් ද එක්වෙති

(ශාන්ත රත්නායක) 


‘රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත  ස්ථපිත කර  අඛණ්ඩ සත්‍යග්‍රහය  කරනවා‘ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නවින් දිසානායක මහතා  සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ ප්‍රජාතන්ත්‍රවාදය හා ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග්‍රහය කොළඹ නගර ශාලාව ඉදිරිපිට බුදු පිළිමය අසළ පැවති සත්‍යග්‍රහයට එක්වෙමින් අද( 22) පැවසීය.

එහිදී වැඩිදුරටත් ඔහු මෙසේ කියා සිටියේය.                        
“ ව්‍යවස්ථානුකුල ජනාධිපතිතුමා කටයුතු කළ යුතුයි. එය පැහැදිලිව කරලා නැහැ. ඒ නරක පුර්වාදර්ශයක්. රටේ බුද්ධිමත් ජනතාවගේ සහයෝගය මේ අරගලයට.  මේ එක්සත් ජාතික පක්ෂයේ පමණක් නෙවෙයි. සෝභිත හිමියන් පටන් ගත්ත යහපාලන ප්‍රතිපත්ති අනුව මේ රට පාලනය කළ යුතුයි” යනුවෙන්ද පැවසීය.

එහිදී  එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු රැසක් සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ ප්‍රජාතන්ත්‍රවාදය හා ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග්‍රහයට එක වුහ.

මීට එරෙහි මහජන පෙත්සම ද අත්සන් කිරීම අද සිදු කෙරිණි.

 



අදහස් (12)

සත්‍යග්‍රහයට එජාප මන්ත්‍රීවරු පිරිසක් ද එක්වෙති

TILAK Thursday, 22 November 2018 08:54 AM

කොහෙද? ලෝකේ ප්‍රජතන්ත්‍රවාදයේ තියෙන්නේ ඇමෙරිකාව එංගලන්තය මැදපෙරදිග සහ ලිබියාවේ ප්‍රජතන්ත්‍රවාදය ස්ථාපිත කරලා ගොඩක් කල් දැන් එහේ ප්‍ප්‍රජතන්ත්‍රවාද දොරේ ගලනවා.

:       1627       1763

bo Thursday, 22 November 2018 10:52 AM

බලමුකෝ කොපමණ කාලයක් මේ ගොල්ල උපවාසය කරියිද කියල. ෂිෆ්ට් එකට උපවාස, ඔෆ් ශිෆ්ට් ගෙදර කෑම. හා හා හා

:       0       0

Bamunuarachchi Thursday, 22 November 2018 11:14 AM

නියම ප්‍රජාතන්ත්‍රවාදය තමයි, පවතින ආණ්ඩුව ජනතාව පෙලාගෙන බදු ගන්නකොට රටට වැඩක් නොකර තමන්ගේ වැටුප් දීමනා ගෙවා ගැනීමට ණය ගන්නකොට, ඒ රජය විසුරවා හැර ජනතාවට අලුත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ඉඩ දීම. එය ප්‍රජාතන්ත්‍රවාද නොවෙයි කියා මොන එජාප ගැත්තාද කියන්නේ.

:       212       638

menna Thursday, 22 November 2018 12:36 PM

අයියෝ වැඩ නැද්ද?

:       0       23

p.d goonawardena Thursday, 22 November 2018 12:37 PM

අනේ මෙහෙම තණ්හාවක් ....අනේ මෙහෙම ආසාවක් ....

:       0       14

Sam Thursday, 22 November 2018 12:57 PM

නියම ප්‍රජාතන්තවාදය අපට ඕනනෙ. එක තමයි ඡන්දය. ඒක මොන කාලේ තිබ්බත් අපට එකයි .

:       8       38

dias Thursday, 22 November 2018 01:41 PM

මට මේ අයට රෑට කෑම සපයන කොන්තරාත්තුව ගන්ට පුලුවන්ද?

:       0       20

Hafeel Friday, 23 November 2018 08:00 AM

නවීන් ඇතුළු ඔතන ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයෝ මුලින්ම කළයුත්තේ පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළයුතුයි. අද එක්සත් ජාතික පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණොත් අද මෛත්‍රීද ජනාධිපති? අද මෙහෙම දුක් විඳින්න ඕනද? අද ඔබගේ නායක විසින් පක්ෂයතුල නායකයක් අයින් කරන්න හෝ පත් කරන්න බැරි තරමට ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංගන කරමින් ඉතා නරක හා භයානක ව්‍යවස්ථාවක් ඇති කරගන, රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරලා තේරුමක් නැහැ.

:       0       202

සුමල් Friday, 23 November 2018 09:42 AM

නවීන් ආණ්ඩුව නැවත ඕනවෙලා.. ඒ මොකටද? පිළිකාකාරක අඩංගු පොහොර ගෙන්නන්නද?

:       0       2

gunarathna Friday, 23 November 2018 02:19 PM

සත්‍යග්‍රහ කරන්නේ මොකටද අධිකරණය තියෙද්දී? අනිත් කාරණය මේ කට්ටියට බහුතරය තියෙන නිසා අනිවාර්යයෙන් ජනාධිපතිට විරුද්ධව දෝශාභියෝගයක් ගේන්න පුළුවන්... නමුත් එහෙම කරලා ජනාධිපතිව ඉවත් කෙරුවොත් කවුද තාවකාලික ජනාධිපති වෙන්නේ? නමුත් මහින්දට විරුද්ධව ක්‍රියා මාර්ගයක් ගන්ට බැහැ.. හේතුව ඔහුව පත්කරලා තියෙන්නේ ජනාදිපති නිසා... බහුතරය පෙන්වීමෙන් අගමැති ඉවත් කරන්ට බැහැ. හේතුව බහුතරය තාවකලිකයි. මුදල් හෝ වෙනත් වරප්‍රසාද මගින් බහුතරය පෙන්වන්නට පුළුවන්.. පාර්ලිමන්ට් එකක බහුතරය තාවකාලිකයි.

:       2       15

Kumar Saturday, 24 November 2018 07:18 AM

මූණු ටික හොඳයි වෙසක් එකට බබාලා බයකරන්න.

:       0       0

Fengun Saturday, 24 November 2018 09:33 AM

කොහොම හරි.. මේක මරණයෙන් අවසන් කරගන්න ලබුනොත් අපේ රට ගොඩාක් වාසනාවන්ත වෙයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

රැකියා දෙන්න අල්ලස් ගත් යුවළක් මාට්ටු
2025 මාර්තු මස 14 160 0

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 109 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 538 1

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 263 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 273 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


අඳුරු කාමරයක සිරගත කෙරුණු බටලන්ද අද හිරු එළිය දුටුවා
2025 මාර්තු මස 14 1559 3

ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 220 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 512 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 247 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site